තරග ද්විත්වයක් විසඳුමක් නැතිව විසදෙයි

U19 School Cricket 2026

5
School Cricket

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ක්‍රියාත්මක අද (15) ක්‍රියාත්මක තරග ද්විත්වය විසඳුමකින් තොරව අවසන් වුණා.

නිමා වූ තරගවල දී මහානාම විද්‍යාලයේ දුල්නිත් සිගේරා (50) සහ තවිරු පෙරේරා (50) සහ කොළඹ රාජකීය විද්‍යාලයේ හිරුන් ලියනාරච්චි (50) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

කඩුලු දවා ගැනීමේ දී කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ නෙසාද් වීරසේකර ලකුණු 80කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

නිමා වූ තරග ද්විත්වයට ම වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර මේ හේතුවෙන් නිමා වූ තරගවල පන්දුවාර ප්‍රමාණය සීමා කරමින් පැවැතියා.

අද (15) නිමා වූ තරගවල කෙටි ලකුණු සටහන්

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර තරගය කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයීය පිටියේ දී. (Traditional)

කාසියේ වාසිය – මහානාම විද්‍යාලය

  • මහානාම විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 260 (75.3) දුල්නිත් සිගේරා 50, වෙනුර කවීත්‍ර 31, සිතුම් විහඟ 42, කෞෂික තිලකරත්න 33, තවිරු පෙරේරා 50, සනුක ගනේපොල 20, නෙසාද් වීරසේකර 5/80

සාන්ත ආනා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 103 (34.3) දිනුග අබේසේකර 23, ඉශාන් ඛාන් 33, යශ්මින් ජයසුන්දර 25, ගීත් සඳරුවන් 2/13

තරගයේ විසදුමක් නෑ.

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර තරගය කොළඹ වෙස්ලි විද්‍යාලයීය පිටියේ දී. (Traditional)

කාසියේ වාසිය – රාජකීය විද්‍යාලය

  • වෙස්ලි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 214 (73.5) සෙහඳු ආතාවුද 47, රශ්මික අමරරත්න 47, රමිරු පෙරේරා 3/73, හිමරු ද සිල්වා 5/74
  • රාජකීය විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 173 (37.0) හිරුන් ලියනාරච්චි 50, රෙහාන් පීරිස් 44, විමත් දින්සර නොදැවී 27, රමිරු පෙරේරා නොදැවී 26, රශ්මික අමරරත්න 2/56

තරගයේ විසඳුමක් නෑ.

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<