2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවැනි තරගය අද (12) ඕමානයට එරෙහිව ක්‍රියාත්මක වුනා.
මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද පෙරවරුවේ ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ඕමාන නායකයා සතු වූ අතර, ඔහුගේ ඇරයුමෙන් ශ්‍රී ලංකාව තරගයේ පළමු ඉනිම ආරම්භ කිරීමට පිටියට අවතීර්ණ වුනා.
මෙවරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමේ වගකීම පැතුම් නිස්සංක සහ කමිල් මිශාර සතු වූ නමුත්, කමිල්ට අද දිනය එතරම් සුබදායී එකක් වුනේ නැහැ. කමිල්ගේ ඉනිම ලකුණු 08කට සීමා වූ අතර, ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 42ක් එක් වන විට ලකුණු 13ක් ලබා සිටි පැතුම් නිස්සංක ද පිටියෙන් ඉවත් වී ගියා.
කෙසේ වෙතත් එතැන් පටන් පිටියේ එක් වූ කුසල් මෙන්ඩිස් සහ පවන් රත්නායක විසින් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 94ක සබඳතාව ශ්‍රී ලංකාවට අවශ්‍ය ව තිබූ ස්ථාවර අඩිතාලම සකස් කර දීමට සමත් වුනා. මෙම සබඳතාව ශ්‍රී ලංකාවේ විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ඇති වූ හොඳම සබඳතාව ලෙස සටහන් වූ අතර, මීට පෙර එම වාර්තාව සනත් ජයසූරිය සහ මහේල ජයවර්ධන සතු වුනා.
මෙහි දී පවන් රත්නායක විසින් අති විශිෂ්ට ඉනිමක් දියත් කරමින් පන්දු 28ක් පමණක් වැය කර ලකුණු 60ක් වාර්තා කිරීමට සමත් වුනේ හතරේ පහර 08ක් සහ එක් හයේ පහරක් ද සමඟයි.
පවන්ගේ දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පිටියට අවතීර්ණ වූ අතර, ඔහු සහ කුසල් විසින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 63ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී දසුන් ශානක පන්දු 19ක් පමණක් වැය කරමින් සිය අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර, එය ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ඉතිහාසයේ පිතිකරුවකු වාර්තා කළ වේගවත් ම අර්ධ ශතකය ලෙස ද වාර්තා අතරට එක් වුනා.
දසුන්ගේ ඉනිම හයේ පහර 05කින් සහ හතරේ පහර 02කින් වර්ණවත් වුනා. එමෙන්ම මේ අතරවාරයේ දී කුසල් මෙන්ඩිස් ද සිය අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර, ඔහු විසින් පන්දු 45ක් තුළ ලකුණු 61ක් වාර්තා කිරීමට සමත් වුනේ හතරේ පහර 07ක් සමඟිනුයි.
මීට අමතරව ශ්‍රී ලංකා ඉනිමට විශිෂ්ට අවසානයක් ලබා දුන් කමිඳු මෙන්ඩිස් හයේ පහර දෙකක් ද සමඟින් පන්දු 7කින් ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වුනා.
මේ අනුව ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 225ක් ලබා ගැනීමට සමත් වූ අතර, එය ශ්‍රී ලංකාව විසින් විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා කළ දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා අතරට එක් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
මින් අනතුරුව ඕමාන පිතිකරුවන් විසින් ශ්‍රී ලංකාවෙන් ලැබුණු දැවැන්ත ඉලක්කය හඹා යාම සඳහා පිටියට අවතීර්ණ වුනා. කෙසේ වෙතත් මෙහි දී ඔවුන්ට එතරම් හොඳින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට මුහුණ දීමට නොහැකි වුනා. ඕමාන ඉනිමේ පිතිකරුවන් දෙදෙනකු පමණක් ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට සමත් වූ අතර, මෙහි දී විශිෂ්ට ඉනිමක් දියත් කළ Mohammad Nadeem විසින් පන්දු 56ක් තුළ ලකුණු 53ක් වාර්තා කරමින් ඕමානයට යම් තරමක හෝ අස්වැසිල්ලක් ගෙන ඒමට සමත් වුනා.
කෙසේ වෙතත් අනෙක් පිතිකරුවන්ගේ අසාර්ථකත්වය මත ඕමානය විසින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 120ක් පමණයි.
මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ දුශ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.
ඒ අනුව මෙම තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 105ක දැවැන්ත ජයක් උරුම වුනා.
තරගයේ වීරයා සම්මානය පවන් රත්නායක සතු වුනා.
මෙම ජයත් සමඟ ශ්‍රී ලංකා B කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් වී සිටින්නේ ඉහළ දළ ලකුණු වේගයක් ද සමඟයි. කෙසේ වෙතත් එළඹෙන 16 වැනි සඳුදා පල්ලෙකැලේ දී ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත තරගය මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට ඇති තීරණාත්මක ම තරගය ලෙස හඳුනා ගත හැකි.
එම තරග විස්තර ද ඇතුළුව, 2026 විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
Result
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Pathum Nissanka | lbw b Sufyan Mehmood | 13 | 11 | 2 | 0 | 118.18 |
| Kamil Mishara | b Jay Odedra | 8 | 7 | 2 | 0 | 114.29 |
| Kusal Mendis | run out (Jiten Ramanandi) | 61 | 45 | 7 | 0 | 135.56 |
| Pavan Rathnayake | b Jiten Ramanandi | 60 | 28 | 8 | 1 | 214.29 |
| Dasun Shanaka | c Mohammad Nadeem b Jiten Ramanandi | 50 | 20 | 2 | 5 | 250.00 |
| Kamindu Mendis | not out | 19 | 7 | 1 | 2 | 271.43 |
| Dunith Wellalage | not out | 6 | 4 | 1 | 0 | 150.00 |
| Extras | 8 (b 0 , lb 4 , nb 2, w 2, pen 0) |
| Total | 225/5 (20 Overs, RR: 11.25) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Shah Faisal | 4 | 0 | 28 | 0 | 7.00 | |
| Jay Odedra | 1 | 0 | 14 | 1 | 14.00 | |
| Wasim Ali | 3 | 0 | 38 | 0 | 12.67 | |
| Sufyan Mehmood | 4 | 0 | 60 | 1 | 15.00 | |
| Mohammad Nadeem | 4 | 0 | 40 | 0 | 10.00 | |
| Jiten Ramanandi | 4 | 0 | 41 | 2 | 10.25 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Aamir Kaleem | lbw b Maheesh Theekshana | 6 | 5 | 1 | 0 | 120.00 |
| Jatinder Singh | b Dushmantha Chameera | 1 | 2 | 0 | 0 | 50.00 |
| Hammad Mirza | c Kamil Mishara b Dushmantha Chameera | 9 | 12 | 1 | 0 | 75.00 |
| Mohammad Nadeem | not out | 53 | 56 | 3 | 1 | 94.64 |
| Wasim Ali | c Kusal Mendis b Maheesh Theekshana | 27 | 20 | 0 | 3 | 135.00 |
| Vinayak Shukla | run out (Kamil Mishara ) | 1 | 1 | 0 | 0 | 100.00 |
| Jiten Ramanandi | st Kusal Mendis b Dushan Hemantha | 0 | 1 | 0 | 0 | 0.00 |
| Mohammad Nadeem | c Kamindu Mendis b Dushmantha Chameera | 2 | 3 | 0 | 0 | 66.67 |
| Sufyan Mehmood | run out (Kamindu Mendis) | 1 | 1 | 0 | 0 | 100.00 |
| Shah Faisal | c Pathum Nissanka b Dunith Wellalage | 1 | 8 | 0 | 0 | 12.50 |
| Jay Odedra | not out | 4 | 12 | 0 | 0 | 33.33 |
| Extras | 15 (b 0 , lb 1 , nb 1, w 13, pen 0) |
| Total | 120/9 (20 Overs, RR: 6) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Dushmantha Chameera | 2 | 0 | 19 | 2 | 9.50 | |
| Maheesh Theekshana | 4 | 0 | 11 | 2 | 2.75 | |
| Matheesha Pathirana | 3 | 0 | 11 | 0 | 3.67 | |
| Dunith Wellalage | 4 | 0 | 17 | 1 | 4.25 | |
| Dasun Shanaka | 1 | 0 | 6 | 0 | 6.00 | |
| Dushan Hemantha | 4 | 0 | 45 | 1 | 11.25 | |
| Kamindu Mendis | 2 | 0 | 10 | 1 | 5.00 | |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















