ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින Plate ක්‍රිකට් තරගාවලියේ අලුත් ම ශතකලාභියා බවට පත් වීමට Baduraliya කණ්ඩායමේ ඩිල්ශාන් ද සොයිසා සමත් වුණා.
ඔහු තරගයේ දෙවැනි දිනයේ (31) දී Chilaw Marians කණ්ඩායමට එරෙහි ව පන්දු 218කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 112ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 43ක 5 වැනි ශතකයයි.
ඔහුට අමතර ව Nugegoda කණ්ඩායමේ පැතුම් කුමාර (52), Kurunegala Youth කණ්ඩායමේ චමෝද් සඳරු (92) සහ Baduraliya කණ්ඩායමේ විනුර දුල්සර (59) අර්ධ ශතක ඉනිම් ගොඩ නගමින් දිනයේ කැපී පෙණෙන පිතිකරුවන් බවට පත් වෙනවා.
පන්දු යැවීමේ දී තරගයේ පළමු දින කඩුලු 5ක් දවාගෙන සිටි Nugegoda කණ්ඩායමේ නිපුන් මාලිංග ප්‍රතිවාදී ඉනිම අවසන් වන විට ලකුණු 70කට කඩුලු 6ක් ලෙස ද සහ පෙර දින කඩුලු 4ක් දවාගෙන සිටි Baduraliya කණ්ඩායමේ සුමින්ද ලක්ෂාන් ප්‍රතිවාදී ඉනිම අවසන් වන විට ලකුණු 51කට කඩුලු 5ක් ලෙසින් ද තම පන්දු යැවීම් සටහන් කර ගත්තා.
මේ අතර දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ Panadura කණ්ඩායමේ දුශාන් විමුක්ති. ඔහු Tamil Union කණ්ඩායමට එරෙහි ව ලකුණු 53කට කඩුලු 5ක් දවා ගන්නවා.
- ගයාන් සහ සම්මු ශතක ලබා ගනී
- ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ කොදෙව් සංචාරයට දින නියම වෙයි
- NSL T20 පිටිය කැළඹූ ළලනාවෝ
- T20 ලෝක කුසලානය රට වටා යන ගමන ආරම්භ වෙයි!
- මාලින්ද පුෂ්පකුමාර පළමු පෙළ කඩුලු 1000 සමාජයට
පැවැති තරගවල කෙටි ලකුණු පුවරු
Tamil Union C & AC අතර Panadura SC තරගය මග්ගොන, Surrey Villege ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Tamil Union C & AC
- PanaduraSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 288 (66.0) විශ්ව චතුරංග 28, ශාලිත් ප්‍රනාන්දු 90, දුශාන් විමුක්ති 37, සසිඳු මල්ශාන් 40, විශ්ව ලහිරු 38, ලහිරු සමරකෝන් 2/55, තරිඳු රත්නායක 2/84, විජයකාන්ත් වියස්කාන්ත් 3/63
- Tamil Union C & AC– පළමු ඉනිමසියලුම දෙනා දැවී 187 (50.3) නවෝද් පරණවිතාන 26, විහස් තෙව්මික 44, විජයකාන්ත් වියස්කාන්ත් 33, මොහොමඩ් ඩිල්ශාඩ් 2/19, දුශාන් විමුක්ති 5/53
Tamil Union කණ්ඩායම ලකුණු 101ක් පිටුපසින්.
Kurunegala Youth CC සහ Nugegoda S & WC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගණයේ දී.
කාසියේ වාසිය – Kurunegala Youth CC
- KurunegalaYouth CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 365 (90.0) ගයාන් මනීශාන් 112, මනෝජ් සරත්චන්ද්‍ර 39, ලක්ෂාන් එදිරිසිංහ 45, චමෝද් සඳරු 92, චාමිකර එදිරිසිංහ 38, නිපුන් මාලිංග 6/70, අබ්දුල් හකම් 2/104
- NugegodaS & WC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 159 (49.0) ලොහාන් ද සොයිසා 33, ප්‍රමුද් හෙට්ටිවත්ත 23, පැතුම් කුමාර 52, කෙවින් පෙරේරා 20, කසුන් ඒකනායක 3/38
Nugegoda කණ්ඩායම ලකුණු 206ක් පිටුපසින්.
Baduraliya SC සහ Chilaw Marians CC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Baduraliya SC
- ChilawMarians CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 244 (77.0) උදයවංශ පරාක්‍රම 28, සම්මු අශාන් 101, කසුන් විදුර 43, බුද්ධික සංජීව 4/87, සුමින්ද ලක්ෂාන් 5/51
- BaduraliyaSC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 227 (78.0) විනුර දුල්සර 59, ඩිල්ශාන් ද සොයිසා 112, තික්ෂිල ද සිල්වා 2/58, නිම්සර අතරගල්ල 2/32
Baduraliya කණ්ඩායම ලකුණු 17ක් පිටුපසින්.
මෙම තරග සියල්ල අද (01) 3 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















