ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තුන් දින ක්‍රිකට් තරගාවලියේ 7 වැනි සතියේ පළමු දිනයේ දී (16) මලිඳු මදුරංග සහ කවිඳු එදිරිවීර ශතක ලබා ගැනීමට සමත් වුණා.
ඔවුන් අතුරින් Kandy Customs කණ්ඩායමේ මලිඳු මදුරංග Colombo Malay කණ්ඩායමට එරෙහි ව පන්දු 172කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 196ක් ලබා ගත් අතර United Southern කණ්ඩායමේ කවිඳු එදිරිවීර Sebastianites කණ්ඩායමට එරෙහි ව පන්දු 252කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 129ක් ලබා ගත්තා.
මේ අතර Galle කණ්ඩායමේ රමේෂ් නිමන්ත Leo කණඩායමට එරෙහි ව පන්දු 202කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ශතකයකට මෙපිටින් සිටිය දී ලකුණු 99කට දැවී යනවා.
ඔවුන්ට අමතර ව අද දවසේ දී United Southern කණ්ඩායමේ දෙනුවන් රාජකරුණා (83), Kandy Customs කණ්ඩායමේ අවිඳු තීක්ෂණ (71) සහ ඩිලාන් ජයලත් (නොදැවී 63), SL Army කණ්ඩායමේ ක්‍රිශේන් අපෝන්සු (75), Galle කණ්ඩායමේ සුභානු රාජපක්ෂ (51), Ragama කණ්ඩායමේ සාහිල් ඩයස් (නොදැවී 51) සහ රන්මිත් ජයසේන (54) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
මේ අතර පන්දු යැවීමේ දී දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ Ragama කණ්ඩායමේ තරුෂ කොඩිකාර. ඔහු SL Navy කණ්ඩායමට එරෙහි ව ලකුණු 40කට කඩුලු 5ක් දවා ගන්නවා.
- කෝඩුකාර ටැන්සානියාව එක් ව තරගාවලියට එන D කාණ්ඩය
- සසිත් සහ ඔෂද දක්ෂතා දක්වයි
- රුසිරු, නිපුන් සහ සාහීල් ශතක රැස් කළා
- අශාන් සහ උපුල් දිනයේ හොඳම දෙදෙනා වෙයි
- කෲස්පුල්ලේ සහ ශාරුජන් නැවතත් ශතක සමාජයට
United Southern CC සහ Sebastianites C & AC අතර තරගය පානදුර, මහජන ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Sebastianites C & AC
- United Southern CC – පළමු ඉනිම කඩුලු 9ක්දැවී 328(90.0) කවිඳු එදිරිවීර නොදැවී 129, පෙසඳු සංජන් 33, ඩිල්ශාන් කාංචන 26, දෙනුවන් රාජකරුණා 83, සසංක පෙරේරා 28, මනෙල්ක පෙරේරා 2/36, හෂාන් සංදීප 3/81
Colombo Malay CC සහ Kandy Customs SC අතර තරගය කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Kandy Customs SC
- Kandy Customs SC – පළමු ඉනිම කඩුලු 9ක්දැවී 414(84.0) මලිඳු මදුරංග 196, අශාන් රන්දික 27, අවිඳු තීක්ෂණ 71, ඩිලාන් ජයලත් නොදැවී 63, කාවින්ද ඊශ්වර 3/78, සුදාර දක්ෂිණ 4/94, චානක දේවින්ද 2/94
- Colombo Malay CC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 15(4.0)
Colombo Malay කණ්ඩායම ලකුණු 399ක් පිටුපසින්.
Leo CC සහ Galle CC අතර තරගය වැලිසර, නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Galle CC
- Galle CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 314(79.5)රමේෂ් නිමන්ත 99, අමිත් එරන්ද 33, සුභානු රාජපක්ෂ 51, ලිසුල ලක්ශාන් 38, හංසමාන ද සිල්වා 29, රජීව වීරසිංහ 32, මංගල ප්‍රදීප් 4/111, මල්ශාන් චතුරංග 4/127
- Leo CC – පළමුඉනිම කිසිවෙක් නොදැවී 11(8.0)
Leo කණ්ඩායම ලකුණු 303ක් පිටුපසින්.
SL Army SC සහ SSC අතර තරගය කොළඹ, SLLDC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – SL Army SC
- SL Army SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 233 (71.5)පැතුම් ඩිල්ශාන් 35, ක්‍රිශේන් අපෝන්සු 75, අසේල ගුණරත්න 34, ෂෙහඳ සොයිසා 39, කසුන් රාජිත 3/58, ප්‍රභාත් ජයසූරිය 2/56, නුවනිඳු ප්‍රනාන්දු 2/14, නිපුන් ධනංජය 3/31
- SSC– දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 67 (15.5) අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 36
SSC කණ්ඩායම ලකුණු 166ක් පිටුපසින්.
Moratuwa SC සහ Negombo CC අතර තරගය මොරටුව, ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Negombo CC
- Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 120 (44.2)කවීන් ප්‍රනාන්දු 42, අමිත පෙරේරා 37, ගයාන් සිරිසෝම 4/40, මෙතුශාන් තිළිණ 3/19
- Moratuwa SC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 127 (43.0) අබිශේක් ලියනාරච්චි 23, තිලිණ ඩිල්ශාන් 34, රශ්මික මෙවන් 27, පුබුදු බණ්ඩාර නොදැවී 30,
Moratuwa කණ්ඩායම ලකුණු 7ක ඉදිරියෙන්.
Ragama CC සහ SL Navy SC කණ්ඩායම අතර තරගය කොස්ගම, යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – SL Navy SC
- SL Navy SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 77 (28.3)තෙවිඳු දික්වැල්ල 30, තරුශ කොඩිකාර 5/40, උපුල් ඉන්ද්‍රසිරි 4/08
- Ragama CC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 129 (43.0) සහිල් ඩයස් නොදැවී 51, රන්මිත් ජයසේන 54, ඩිලංක අවර්ඩ්ට් 2/25
Ragama කණ්ඩායම ලකුණු 52ක් ඉදිරියෙන්.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















