ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය 23 වැනි වරටත් සංවිධානය කළ DSI Supersports අන්තර් පාසල් වයස් කාණ්ඩ වොලිබෝල් ශූරතා තරගමාලාවේ වසරේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් හුංගම විජයබා ජාතික පාසලේ පවනි පබසරා ද වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ කේ. එම්. වී. සී. විජේවික්‍රම ද නම් කෙරුණා.
වසරේ දක්ෂතම ක්‍රීඩිකාව වු පවනි පබසරා දිනා ගත් එම සම්මානයට අමතර ව වයස අවුරුදු 19න් පහළ බාලිකා ඉසව්වේ දක්ෂතම පන්දු ආවරණය කරන්නිය සහ එම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් ද සම්මාන දිනා ගත්තා.
වසරේ දක්ෂතම ක්‍රීඩකයා වූ කේ. එම්. වී. සී. විජේවික්‍රම දිනා ගත් එම සම්මානයට අමතර ව වයස අවුරුදු 19න් පහළ බාලක ඉසව්වේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් ද සම්මාන දිනා ගත්තා.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගමාලාවේ මීට පෙර වයස අවුරුදු 11න් පහළ බාලක සහ බාලිකා, 13න් පහළ බාලක සහ බාලිකා මෙන් ම වයස අවුරුදු 15න් පහළ බාලක සහ බාලිකා යන ඉසව්වන්වල ද අවසන් මහා තරග පැවැතියා.
>>හලාවත සාන්ත මරියා ක්‍රීඩකයෝ කුසලාන මේසය ම හකුලා ගනී<<
වයස අවුරුදු 17න් පහළ බාලිකා
මෙම ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ හුංගම විජයබා ජාතික පාසල සහ මහව විජයබා විද්‍යාලයයි. එම විද්‍යාලය දෙක අතර පැවැති අවසන් මහා තරගයේ දී තරග වට 4-1ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට මහව විජයබා විද්‍යාලය සමත් වුණා.
දෙවිදුහල් අතර පැවැති තරගයේ පළමු වටය නිමා වෙන්නේ හුංගම විජයබා ජාතික පාසල ලකුණු 28-26ක් ලෙසින් ජයග්‍රහණය කරමිනුයි. නමුත් එතැන් සිට තරගයේ ආදිපත්‍ය මහව විජයබා විද්‍යාලය සතු වුවා. ඔවුන් එතැන් සිට පැවැති තරග වට ත්‍රිත්වය අවසන් කරන්නේ 25-17ක්, 25-20ක් සහ 25-23ක් ලෙසින් ජයගහ්‍රණය කරමිනුයි.
නිමා වූ එම වයස් කාණ්ඩයේ අනුශූරතාව හුංගම විජයබා ජාතික පාසලට හිමි වූ අතර 3 වැනි ස්ථානය කෙහෙල්උල්ල මහා විද්‍යාලයට ද සිව් වැනි ස්ථානය කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලයට ද හිමි වුණා.
තරගයේ දක්ෂතා දැක් වූවන්,
- දක්ෂතම පන්දු ඔසවන්නිය – එන්. එච්. කේ. ඩී. නවරත්න (විජයබා විද්‍යාලය – මහව)
- දක්ෂතම ප්‍රහාරිකාව – එච්. ආර්. නදීෂා දිල්රුක්ෂි (විජයබා ජාතික පාසල – හුංගම)
- දක්ෂතම පන්දු පිරිනමන්නිය – එන්. එච්. කේ. ඩී. නවරත්න (විජයබා විද්‍යාලය – මහව)
- දක්ෂතම පිටිය රකින්නිය – ආර්. එම්. කාවින්ද්‍යා (විජයබා ජාතික පාසල – හුංගම)
- දක්ෂතම පන්දු ආවරණය කරන්නිය – එන්. පී. එම්. ඒ. නවරත්න (විජයබා විද්‍යාලය – මහව)
- දක්ෂතම ක්‍රීඩිකාව – ටී. එම්. කේ. එම්. තෙන්නකෝන් (විජයබා විද්‍යාලය – මහව)
වයස අවුරුදු 17න් පහළ බාලක
මෙම වයස් කාණ්ඩයේ අවසන් මහා තරගය සඳහා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය සහ හම්බන්තොට, වලස්මුල්ල ජාතික පාසල සුදුසුකම් ලබා ගත්තා. ඔවුන් අතර පැවැති එම තරගයේ දී තරග වට 3-0ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වෙනවා.
තරගයේ ලකුණු පුවරුව දැක් වූණේ ලකුණු 25-19ක්, 25-21ක් සහ 25-13ක් ලෙසයි.
නිමා වූ එම වයස් කාණ්ඩයේ අනුශූරතාව වලස්මුල්ල ජාතික පාසලට හිමි වූ අතර 3 වැනි ස්ථානය ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලය විසින් ද සහ සිව් වැනි ස්ථානය මාරවිල සේවියර් විද්‍යාලය විසින් ද ලබා ගන්නවා.
තරගයේ දක්ෂතා දැක් වූවන්,
- දක්ෂතම පන්දු ඔසවන්නා – ආර්. පී. සී. එස්. එස්. ගුණවර්ධන (රාජසිංහ විද්‍යාලය)
- දක්ෂතම ප්‍රහාරකයා – වයි. එම්. ඒ. නිම්නාත් – රාජසිංහ විද්‍යාලය)
- දක්ෂතම පන්දු පිරිනමන්නා – ආර්. පී. සී.එස්. එස්. ගුණවර්ධන (රාජසිංහ විද්‍යාලය)
- දක්ෂතම පිටියට රකින්නා -. වයි. එච්. ටී. ඒ. සේනාරත්න (රාජසිංහ විද්‍යාලය)
- දක්ෂතම පන්දු ආවරණය කරන්නා – එම්. එල්. ඒ. චුසඳු (වලස්මුල්ල ජාතික පාසල)
- දක්ෂතම ක්‍රීඩකයා – ජී. ආර්. කේ. එච්. ඒ. ගුණවර්ධන (රාජසිංහ විද්‍යාලය)
- ශ්‍රී ලංකා යෞවනියෝ තෙවැනියෝ වෙයි
- 19න් පහළ CAVA කාන්තා වොලිබෝල් තරග කොළඹ දී
- රන්තරු සහ රත්නපාල රන් කුසලාන දිනා ගනී
- ශ්‍රී ලංකාව මධ්‍යම ආසියාවේ තෙවැනියා වෙයි
- CAVA වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාවත් සහභාගී වේ
වයස අවුරුදු 19න් පහළ බාලිකා
වයස අවුරුදු 17න් පහළ බාලිකා ඉසව්වේ දී ද අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනිමින් අනුශූරයන් වූ හුංගම විජයබා ජාතික පාසල මෙම ඉසව්වේ දී ද අවසන් මහා තරගයේ එක් අසුනක් හිමි කරගෙන සිටියා. ඔවුන්ගේ ප්‍රතිවාදී කණ්ඩායම වූයේ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමයි.
දෙවිදුහල් අතර පැවැති මෙම තරගයේ තරග වට ත්‍රිත්වය අවසන් වෙන්නේ 25-19ක්, 25-08ක් සහ 25-06ක් ලෙසින් තරග වට 3-0ක ජයග්‍රහණයක් හුංගම විජයබා ජාතික පාසල සතු වෙමිනුයි.
නිමා වූ එම වයස් කාණ්ඩයේ අනුශූරතාව රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය ද, 3 වැනි ස්ථානය ඉංගරදවුල් ගැමුණු මධ්‍ය මහා විද්‍යාලය ද සහ සිව් වැනි ස්ථානය කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලය ද සතු වුණා.
තරගයේ දක්ෂතා දැක් වූවන්,
- දක්ෂතම පන්දු ඔසවන්නිය – කේ. බී. හිරුණි ප්‍රකබෝධා (විජයබා ජාතික පාසල – හුංගම)
- දක්ෂතම ප්‍රහාරිකාව – එච්. ජී. නෙත්මි දිව්‍යාංජලි (විජයබා ජාතික පාසල – හුංගම)
- දක්ෂතම පන්දු පිරිනමන්නිය – කේ. එච්. දුනීෂා සෙව්වන්දි (විජයබා ජාතික පාසල – හුංගම)
- දක්ෂතම පිටිය රකින්නිය – එච්. ආර්. නිපුනි දිලේෂිකා (විජයබා ජාතික පාසල – හුංගම)
- දක්ෂතම පන්දු ආවරණය කරන්නිය – ඩබ්ලිව්. ජී. පවනි පබසරා (විජයබා ජාතික පාසල – හුංගම)
- දක්ෂතම ක්‍රීඩිකාව – ඩබ්ලිව්. ජී. පවනි පබසරා (විජයබා ජාතික පාසල – හුංගම)
වයස අවුරුදු 19න් පහළ බාලක
වයස අවුරුදු 17න් පහළ ඉසව්වේ ශූරයන් වූ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම මෙම ඉසව්වේ අවසන් මහා තරගයට සඳහා සුදුසුකම් ලබා තිබූ අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත් ව තිබුණේ නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලයයි.
දෙවිදුහල් අතර පැවැති එම තරගයේ පළමු වටය ලකුණු 25-19ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය සමත් වූව ද 2 වැනි වටයේ තියුණු තරගයක යෙදීමට නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනා. ඔවුන් එම වටය ලකුණු 33-31ක් ලෙසින් ජයග්‍රහණය කිරීම දක්වා රැගෙන ගියා.
නමුත් අනෙක් වට ද්විත්වයේ දී රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ ලකුණු 25-15ක් සහ 25-20ක් ලෙසින් පහසුවෙන් ම ප්‍රතිවාදීන් පරාජය කරමින් තරගයේ තරග වට 3-1ක් ලෙසින් ජයග්‍රහණ කිරීමට සමත් වෙනවා.
නිමා වූ එම වයස් කාණ්ඩයේ අනුශූරතාව නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය සතු වූ අතර 3 වැනි ස්ථානය මීගමුව ලොයෙලා විද්‍යාලය විසින් ද සහ සිව් වැනි ස්ථානය හම්බන්තොට වලස්මුල්ල ජාතික පාසල විසින් ද දිනා ගත්තා.
තරගයේ දක්ෂතා දැක් වූවන්,
- දක්ෂතම පන්දු ඔසවන්නා – එල්. ආර්. සී. ලියනගේ (රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය – රුවන්වැල්ල)
- දක්ෂතම ප්‍රහාරකයා – එච්. ජී. එන්. කේ. හේවගේ (රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය – රුවන්වැල්ල)
- දක්ෂතම පන්දු පිරිනමන්නා – ආර්. එල්. එච්. උමේක්ෂණ (ජනාධිපති විද්‍යාලය – නාත්තන්ඩිය)
- දක්ෂතම පිටියට රකින්නා -. එන්. පී. ඩී. නෙත්සර (රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය – රුවන්වැල්ල)
- දක්ෂතම පන්දු ආවරණය කරන්නා – අයි. එච්. එම්. ලක්ෂාන් පීරිස් (ජනාධිපති විද්‍යාලය – නාත්තන්ඩිය)
- දක්ෂතම ක්‍රීඩකයා – කේ. එම්. වී. සී. විජේවික්‍රම (රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය – රුවන්වැල්ල)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<

























