දර්ශක සහ උෂාන් දක්ෂතා දක්වයි

U 23 Emerging Club Tournament 2025

222
U 23 Emerging Club Tournament 2025- 25th August

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ Emerging Club දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් පසුගියදා (25) අවසන් වූ අතර එහි දී දර්ශක සංදීප් සහ උෂාන් සත්සර දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයන් බවට පත් වුණා.

එහි දී Chilaw Marians CC කණ්ඩායමේ දර්ශක සංදීප් Moratuwa SC කණ්ඩායමට එරෙහි ව පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 53ක් ලබා ගනිමින් දිනයේ වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත් වුණා.

මේ අතර Moratuwa SC කණ්ඩායමේ උෂාන් සත්සර Chilaw Marians CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 45කට කඩුලු 5ක් දවා ගනිමින් දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර Nugegoda S & WC කණ්ඩායමේ පුලිඳු පෙරේරා United Southern SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 25කට කඩුලු 4ක් ද දවා ගනිමින් පන්දු යවන්නන් අතර දක්ෂතා දැක් වූවා.

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු

Nugegoda S & WC සහ United Southern SC අතර තරගය අනුරාධපුර, සාලියපුර යුද හමුදා  ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • United Southern SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 54 (16.2) පෙසඳු සංජන් 25, පසිඳු පැතුම් 2/22, දහම් නිර්මාල් 6/19, අබ්දුල් ශිරාඩ් 2/12
  • Nugegoda S & WC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 231 (60.3) පුලිඳු පෙරේරා 59, අභිශේක් ආනන්දකුමාර 32, පසිඳු පැතුම් 31, අභිශේක් ජයවීර 25, දහම් නිර්මාල් 23, හිමල් රවිහංස 2/74, සසංක නිර්මාල් 4/81, සිතුක ගුණවර්ධන 4/60
  • United Southern SC – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 167 (78.5) තමිඳු ප්‍රදීප්ත 24, හංස මිහිරංග 49, සෙනිර ලිත්මින් නොදැවී 25, පුලිඳු පෙරේරා 4/25

තරගයේ තීරණයක් නෑ. (Nugegoda S & WC කණ්ඩායමට පළමු ඉනිමේ ජය.)

Moratuwa SC සහ Chilaw Marians CC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Moratuwa SC – පළමු ඉනිම සියලු දෙනා දැවී 331 (90.0) අභිශේක් ලියනාරච්චි 27, ඉසුල නිඳුවර නොදැවී 86, සහන් කෞශල්‍ය 97, දුමිඳු සෙව්මිණ නොදැවී 28, තිමිර ඉසුශික 2/58, ඩිලාන් දම්සර 3/53
  • Chilaw Marians CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 208 (62.3) හිරාන් ජයසුන්දර 23, තරිඳු අමරසිංහ 31, දර්ශක සංදීප් 53, සකුණ ලියනගේ 43, තෙවින් අමරසිංහ 28, උෂාන් සත්සර 5/45, දමිඳු සෙව්මිණ 3/59
  • Chilaw Marians CC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 47 (10.0) තරිඳු අමරසිංහ නොදැවී 30

තරගයේ විසඳුමක් නෑ. (Moratuwa SC කණ්ඩායමට පළමු ඉනිමේ ජය.)

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<