ඩී. එස්. සහ මහානාමයන්ගේ රන් ගැටුම

19th Battle of the Golds

368
19th Battle of the Golds

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 19 වැනි වරටත් පැවැත්වෙන රන් කුසලාන වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම මේ මස 09, 10 සහ 11 යන තෙදින කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වේ.

රන් සටන් ඉතිහාසයේ මේ දක්වා පැවැති තරග අතුරින් විසඳුමකින් අවසන් වූ තරගයකට ඇත්තේ 2014 වසරේ දී බිනුර ප්‍රනාන්දු ගේ නායකත්වය යටතේ ඩී. එස්. සේනානායක විද්‍යාලය ලත් ජයග්‍රහණයයි. පළමු වරට තෙදින් තරගයක් ලෙසින් මෙවර ක්‍රියාත්මක මෙම තරගයේ දී දෙපිලේ ම ක්‍රීඩකයෝ ජයග්‍රහණය අරමුණ කර ගනිමින් පිටියට පිවිසෙනු ඇතැයි අනුමාන කළ හැකියි.

මහානාම විද්‍යාලය

මහානාම විද්‍යාලය නිමා වූ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරයේදී අපරාජිත ව තරගාවලිය නිමා කිරීම කැපී පෙණෙනවා. ඔවුන් එම ගමන ඒ ලෙසින් නිමා කිරීමේ දී පූර්ණ ජයග්‍රහණ 3ක් ද, පළමු ඉනිමේ ජයග්‍රහණ 8ක් ද සහ ලකුණු සම වීමෙන් තරගයක් ද ලෙසින් නිමා කරනවා.

මහානාම විද්‍යාලයීය කණ්ඩායමේ කැපී පෙණෙන තුන් ඉරියව් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම සිටින අතර ඒ අතුරින් ඉහළ දක්ෂතා දක්වා ඇත්තේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන චාමික හීනටිගල. ඔහු තරග 13ක ඉනිම් 19කදී ශතක 2ක් සහ අර්ධ ශතක 6ක් ද සමඟින් ලකුණු 818ක් සහ කඩුලු 45ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා තිබෙනවා.

කණ්ඩායමේ නායක අනුක විජයවර්ධන වඩාත් දක්ෂතා දක්වන්නේ පන්දු යවන්නෙක් ලෙසයි. ඔහු මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ දී කඩුලු 59ක් ලබා ගනිමින් දක්ෂතා දක්වන ඊට අමතර ව පිතිකරුවෙක් ලෙසින් ද ලකුණු 200ක් ඉක්මවා ලබා ගන්නවා.

ඔවුන්ට අමතර ව සිතුම් විහඟ තරග 13ක ඉනිම් 15ක දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් ද සමඟින් ලකුණු 396ක් ලබා ගනිමින් ද, ඒශාන් විතානගේ ලකුණු 333ක් ද ඔෂඳ මතුගම ලකුණු 258ක් ද, දුල්නිත් සිගේරා ලකුණු 240ක් ද, වෙනුර කවිත්‍ර ලකුණු 234ක් ද සහ ගිමන්ත දිසානායක ලකුණු 213ක් ද සහ ලබා ගනිමින් කණ්ඩායමේ විශ්වසනීය පිතිකරුවන් බවට පත්ව සිටිනවා.

පන්දු යැවීමේ දී නායකයාට අමතර ව සිතුම් විහඟ කඩුලු 32ක් දවා ගනිමින් නායකයාගේ විශ්වාසවන්ත ම පන්දු යවන්නා වී සිටිද්දී ගීත් සඳරුවන් ද සහ ගිමන්ත දිසානායක ද දක්ෂ පන්දුයවන්නන් ලෙසින් වර්ගීකරණයට ලක් ව තිබෙනවා.

මහානාම විද්‍යාලයීය වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම

අනුක විජේවර්ධන (නායක), දුල්නිත් සිගේරා (උප නායක), චාමික හීනටිගල, ඒශාන් විතානගේ (කඩුලු රකින්නා), ගිමන්ත දිසානායක, සිතුම් විහඟ, මිගාර රණසිංහ, උදේන් රාජපක්ෂ, ඔසඳ මුතුගම, වෙනුර කවිත්‍ර, දුල්නෙත් අල්ගවත්තේ, සනුල් වීරරත්න, තවිරු පෙරේරා, සිනෙත් වීරරත්න, ගීත් සඳරුවන්, නදිල් නෙත්මිර, විමාෂ මදනායක, දෙනෙත් ගුණතිලක, සනුක ගනේපොළ සහ කෞෂික තිලකරත්න.

ප්‍රභාත් අයි. විතානගේ (විදුහල්පති), ජයන්ත බණ්ඩාර (ක්‍රීඩා භාර ආචාර්ය), අකිල රාජපක්ෂ (ක්‍රිකට් භාර ආචාර්ය), අශාන් ප්‍රියංජන් (ප්‍රධාන පුහුණුකරු), සොනාල් දිනූෂ  (සහාය පුහුණුකරු)

ඩී. එස්. සේනානායක විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරමින් තරග 12කට එක් ව ඇති ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයෝ එම තරග අවසන් කිරීමේ දී කිසිදු තරගයක පූර්ණ ජයග්‍රහණයක් නොගනිමිනුයි තරගාවලිය අවසන් කරන්නේ.

එසේ වූවත් ඔවුන් පළමු ඉනිමේ ජයග්‍රහණ ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වෙන අතර තරග 7ක් නොවිසඳුණ තරග ලෙසින් අවසන් කරනවා. ඉතිරි තරග නිමා වෙන්නේ පරාජිත තරග ලෙසිනුයි.

එලෙස ආ ගමනේ දී ඩී. එස්. සේනානායක විද්‍යාලයීය කණ්ඩායමේ දක්ෂතම පිතිකරුවන් ලැයිස්තු ගත කිරීමේ දී පළමු ස්ථානයට පත් වීමට නායක මලිත් පෙරේරා සමත් වෙනවා. ඔහු ඉනිම් 21ක දී  අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 555ක් ලබා ගන්නවා.

එහි දෙවැනි ස්ථානය හිමි වෙන්නේ ඉනිම 21ක දී අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 446ක් ලබා ගත් බිහාන් ගමගේ වෙතයි. අනතුරු ව එම ලැයිස්තුව හා ඉදිරියෙන් එක් වූ පිතිකරු බවට පත් වෙන්නේ ශනාල් බිනුක්ෂ. ඔහු ඉනිම 20ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 414ක් ලබා ගන්නවා.

කණ්ඩායමේ සිටින එක ම ශතකලාභියා වෙන්නේ උප නායක ඩිලාශ් කුමාරනායක. ඔහු ඉනිම 16ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 245ක්.

ඊට අමතර ව ජනිඳු රණසිංහ ලකුණු 381ක්, දැහැම් නිර්මාල් ලකුණු 365, චනුල් අතලේ ලකුණු 356ක් සහ සොහාන් යාපා ලකුණු 330ක් ලබා ගනිමින් ඩී. එස්. සේනානායක විද්‍යාලයීය පිතිකරු භූමීය සුපෝෂණය කළ අතර ඔවුන් මෙම තරගයේ දී තම සේවාවන් ඒ ලෙසින් ම ලබා දීමට බලාපොරොත්තුව සිටිනවා.

කණ්ඩායමේ සිටින පන්දු යවන්නන් අතුරින් ශනාල් බිනුක්ෂ කඩුලු 26ක් ද සහ දැහැම් නිර්මාල් කඩුලු 22ක් ද ලබා ගනිමින් ඉදිරියෙන් ම පසුවෙන අතර ඊට අමතර ව කිරන් පෙරේරා, බිහාන් ගමගේ සහ යෝජිත් හෙට්ටිආරච්චි ද පන්දු යැවීමේ දී බලාපොරොත්තු තබා ගත් හැකි පන්දු යවන්නෝ ලෙසින් දැක් වෙනවා.

ඩී. එස්. සේනානායක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

මලිත් පෙරේරා (නායක), ඩිලාශ් කුමාරනායක (උප නායක), රන්දිෂ බණ්ඩාරනායක, දැහැම් නිර්මාල්, සොහාන් යාපා, ශනාල් බිනුක්ෂ, චනුල් අතලේ, බිහාන් ගමගේ, ජනිඳු රණසිංහ, චිතුන් බද්දගේ, පමුල ලොකුලියන, සෙනාර හෙට්ටිආරච්චි, යෝජිත් හෙට්ටිආරච්චි, කිරන් ජනේන්ද්‍ර, ඔමල්ක හපුආරච්චි, අනුහස් ධරම්වර්ධන, ලබීබ් නුස්ලි, ලුදීශ පතිරණ, අමාඩ් අෆ්ඩාල්, සංජුල දුලාජ් සහ නිශල් තඹවිට.

සම්පත් වේරගොඩ (විදුහල්පති), වසන්ත කලීකොටුව (ක්‍රීඩා භාර ආචාර්ය), වජිර අබේවික්‍රම (ක්‍රිකට් භාර ආචාර්ය), කීර්ති ගුණරත්න (ප්‍රධාන පුහුණුකරු), ඩිලාන් රාමනායක (ජ්‍යෙෂ්ඨ පුහුණුකරු), ශානුක ජීවන්ත (සහාය පුහුණුකරු), ධනුශ්ක චතුරංග (සහාය පුහුණුකරු).

12 වැනි රන් සටනට එක් වෙන මහානාම විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට සහ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!

දෙවිදුහල් අතර 16 වැනි වරටත් පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මේ මස 18 වැනිදා කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. නිමා වූ එක්දින තරග ඉතිහාසයේ අවස්ථා 11ක් මහානාම විද්‍යාලය විසින් ද අවස්ථා 4ක් ඩී. එස්. සේනානායක විද්‍යාලය විසින් ද ජයග්‍රහණය කර තිබෙනවා.

රන් සටන වාර්ෂික තුන් දින ක්‍රිකට් තරගයේ සහ එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයේ ද සජීවී දසුන් Dialog Television හී ThePapare TV 1 නාලිකා අංක 62 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<