එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

Sri Lanka Tour of England 2024

318
Sri Lanka Tour of England 2024

තරග තුනකින් සමන්විත  ටෙස්ට් තරගාවලියක් සඳහා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා සංචිතය අද (07) ප්‍රකාශයට පත් කළා.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතු මෙම ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙක් ඇතුළත් වන අතර සංචිතයේ උප නායකත්වය කුසල් මෙන්ඩිස් හට හිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය;

 

ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), දිමුත් කරුණාරත්න, නිශාන් මදුශ්ක, පැතුම් නිස්සංක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලහිරු කුමාර, නිසල තාරක, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, ජෙෆ්‍රි වැන්ඩසේ සහ මිලාන් රත්නායක

මෙම ටෙස්ට් තරගාවලිය එළඹෙන 21 වැනි දා ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<