එංගලන්තයට දඬුවමක්

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2020

422
England fined for slow over-rate in first T20I against Australia
Image Credit - ICC

පසුගිය සිකුරාදා සවුත් හැම්ටන් හිදී පැවති එංගලන්ත – ඕස්ට්‍රේලියා පළමු විස්සයි විස්ස තරගය තුල පන්දුවාර ක්‍රියාත්මක කිරීම සඳහා වැඩි කාලයක් වැය කර ඇත. ඒ නිසාවෙන් එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් හට ඔවුන්ගේ තරග මුදලින් 20%ක ගාස්තුවක් දඩ ලෙස නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අද (6) තීරණය කර ඇත.

>> CPL ගිය ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින්ට සුබ පණිවිඩයක්

එම තරගයේ දී තරග තීරක ලෙස කටයුතු කළ ICC Elite Panel තරග විනිසුරුවරයෙක් වන ක්‍රිස් බ්‍රෝඩ් මහතා විසින් ICCය වෙත මේ බව පැමිණිලි කර තිබේ. එහි දී ඔයින් මෝර්ගන්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායම නියමිත කාලය තුල ක්‍රියාත්මක කර ඇත්තේ එක් පන්දු වාරයක් අඩුවෙනි.

ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම පද්ධතියේ 2.22 යන වගන්තියට අනුව ප්‍රමාද වී යවන එක් පන්දුවාරයක් සඳහා එම කණ්ඩායමේ ක්‍රීඩකයින් හට තරග මුදලින් 20%ක දඩ මුදලක් නියම කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අවසර ලැබේ.

>> ඕස්ට්‍රේලියානු තරග සංචාරයට ඉන්දියාවෙන් යෝධ සංචිතයක්

එංගලන්ත නායක මෝර්ගන් ඔවුන් අතින් සිදුව තිබෙන වරද පිළිගෙන තිබෙන නිසා ඒ පිළිබඳව තවදුරටත් යම් පරීක්ෂණයක් හෝ විභාගයක් පැවැත්වීම අවශ්‍ය නොවේ.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය තියුණු සටනකින් අනතුරුව එංගලන්තය ලකුණු 2කින් ජය ගත් අතර විස්සයි විස්ස තරග තුනකින් සමන්විත මේ ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (6) සවුත් හැම්ටන් හිදී පැවැත්වේ. ක්‍රීඩාවේ නවමු අත්දැකීම් විඳගන්න, ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම subscribe කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<