රග්බි සහෝදරත්වයේ ආදරණීයයකුගේ නික්ම යාම

346
Rohitha Mendis
Rohitha Mendis

මහනුවරින් තම රග්බි ජීවිතය ආරම්භ කළ දක්ෂ පුහුණුකරුවෙකු වූ රෝහිත මෙන්ඩිස් මහතා අද (25) අලුයම තම ජීවිත ගමනට සමුදුන්නේය. ඔහු දිගු කලක් රෝගාතුරව සිටියේය. 

ඔහු අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 38ක් විය. මහනුවර අගනගරයේ වඩාත් ආදරණීය හා ප්‍රබල චරිතයක් වූ රෝහිත මෙන්ඩිස් සාර්ථක රග්බි ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු පිටුපස සිටි ප්‍රධාන පුද්ගලයෙකි.

2001 දී සාන්ත අන්තෝනි විද්‍යාලය නියෝජනය කරමින් අන්තර් පාසල් ලීග් ශූරතාවය ජයග්‍රහණය කළ රෝහිත මෙන්ඩිස් ඉන් අනතුරුව තම ආදරණීය රග්බි ක්‍රීඩාවට සමුදුන්නේ නැත. 

ඔහු  පුහුණුකරුවෙකු ලෙස තම ජීවිතයේ ඊළඟ කොටස රග්බි ක්‍රීඩාවට කැප කර තිබුණි. මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ සහ සාන්ත අන්තෝනි විද්‍යාලයේ කනිෂ්ඨ කණ්ඩායම් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ ඒ මහතා එම පාසල් දෙකෙහිම ජ්‍යේෂ්ඨ කණ්ඩායම්වල සහය පුහුණුකරු ලෙස ද කටයුතු කළේය. 

ඔහු මෙලොවින් සමුගන්නා විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය. 

ඔහු පුහුණු කළ බොහෝ ක්‍රීඩකයින්ට අනුව, මෙන්ඩිස් යනු ඔහුගේ පුහුණු කාලය තුළ ක්‍රීඩාවට වඩා වැඩි යමක් ලබා දුන් ආනුභාව සම්පන්න සහ මිත්‍රශීලී චරිතයකි. ඔහු මෙරට ක්‍රීඩක හදවත් තුල සදා අමරණීය මතකයක් වනු නොඅනුමානය. 

ThePapare.com මේ ආදරණීයයාගේ නික්ම යාම පිළිබඳව ඔහුගේ පවුල වෙත සාතිශය සංවේගය මෙලෙස පලකර සිටිමු.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<