ජවයත්, නිසි ඉලක්කයත් නොවූ කල වල්මත් හැර අන් දෙයක් නැති බව නැවත වරක් සනාථ කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියා අතර අද (10) පුනේ හිදී නිමා වූ තෙවැනි විස්සයි විස්ස තරගයෙන් තවත් පන්දු 25ක් ඉතිරිව තිබිය දී ලකුණු 78ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු විය.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් පසු ඉන්දීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 201ක් ලබා ගත්හ.
පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 123ක් පමණි. ඒ අනුව ඉන්දීය ක්‍රීඩකයෝ තරග 3කින් සමන්විත වූ තරගාවලිය 2-0ක් සේ ජය ගත්හ. එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අත හැර දැමුණි.
නව දශකයේ ලැබෙන පළමු අභියෝගය කෙසේ වෙයි ද?
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග …
ඉන්දීය ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි ලෝකේෂ් රාහුල් සමග ශිකර් ධවාන් ආරම්භක පන්දුවාර 10 දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වෙහෙසකර තත්ත්වයකට ඇද දමමින් කිසිවෙක් නොදැවී ලකුණු 92ක් ලබා ගත්හ.
නමුත් ඊළඟ පන්දු වාරයේ පස්වැනි පන්දුවේ දී ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල දවා ගැනීමට ලක්ෂාන් සඳකැන් සමත් විය. ඒ මිඩ් විකට් කලාපයේ පන්දු රැකි ධනුෂ්ක ගුණතිලක අතට උඩ පන්දුවක් දුන් ශිකර් ධවාන් දවා ගනිමිනි.
ඒ වෙද්දී ඔහු පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා සිටියේය. ශිකර් ධවාන් අද ලබා ගත්තේ තම විස්සයි 20 තරග පිටියේ 10 වැනි අර්ධ ශතකයයි.
අනතුරුව මාස 41කට පසුව විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියට පිවිසි සංජු සැම්සන් තමන් මුහුණ දුන් පළමු පන්දුවට ලෝන් ඕෆ් කලාපය හරහා දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට සමත් විය. නමුත් ඊළඟ පන්දු වාරයේ දී තමන්ගේ ඉනිම පන්දු 2ක දී නිමා කර ගැනීමට ඔහුට සිදු විය. ඒ වනිඳු හසරංගගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමිනි.
නවක පිතිකරු ලෙසින් මනීෂ් පාන්ඩේ පිටියට පිවිසි අතර ඔහු සහ ලෝකේෂ් රාහුල් අතර සබඳතාව පන්දු 6කට පමණක් සීමා කිරීමට ලක්ෂාන් සඳකැන් සමත් විය. කඩුල්ල පිටුපස සිට දක්ෂ කඩුලු බිඳ දැමීමකට කුසල් පෙරේරා දායක වෙද්දී රාහුල් පන්දු 36කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 54ක් ලබා සිටියේය. ඔහු අද රැස් කළේ තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 9 වැනි අර්ධ ශතකයයි.
එම පන්දු වාරයේ තවත් පන්දුවකට පසුව ඉන්දීය ඉනිමේ සිව්වැනි කඩුල්ල ද දවා ගැනීමට ලක්ෂාන් සඳකැන් සමත් වූයේ ශ්‍රෙයාස් අය්යර් විසින් දුන් උඩ පන්දුවක් තමන් විසින් ම අල්ලා ගනිමිනි. අයියර් ඒ වෙද්දී ලබා සිටියේ ලකුණු 4ක් පමණක් වන අතර ඒ වෙද්දී ඉන්දීය ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 122ක් සේ සටහන් විය.
නැවත වරක් ඉන්දීය පිතිකරුවෝ පිටියේ තරමක් ස්ථාවර වෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හිසරදයක් වීමට උත්සාහ කළ ද ලහිරු කුමාර විසින් යැවුණ ඉනිමේ 18 වැනි පන්දු වාරයේ දී පිට පිට පන්දු දෙකක දී කඩුලු 2ක් දවා ගනිමින් එම ගමන් මග වෙනස් කිරීමට හැකි විය. එහි දී විරාත් කෝලි ලකුණු 26ක් ලබා සිටිය දී දුවද්දී දවා ගැනීමට හසුවෙමින් තම කඩුල්ල අහිමි කර ගත් අතර වොෂින්ටන් සුන්දර තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දී ම ලක්ෂාන් සඳකැන් අතර උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.
උදානට තෙවැනි තරගය අහිමි වෙයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඉසුරු උදාන ඉන්දීය තරග සංචාරයේ ඉතිරි තරග සඳහා…
ඉන්දීය ඉනිමේ අවසන් පන්දු වාර දෙකේ දී ලකුණු 34ක් ලබා ගැනීමට මනීෂ් පාන්ඩේ සහ ශර්දුල් ඨාකූර් සමත් වූහ. ඔවුන් දෙදෙනා මේ ප්‍රහාරයන් එල්ල කළේ ලසිත් මාලිංග සහ ලහිරු කුමාර වෙතය. ඉන්දීය ඉනිම අවසන් වෙද්දී මනීෂ් පාන්ඩේ පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ද, ශර්දුල් ඨාකූර් පන්දු 8කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ද ලබා නොදැවී පිටියේ රැඳී සිටිය හ.
ලක්ෂාන් සඳකැන් ඉන්දීය ඉනිමේ කඩුලු 3ක් ලකුණු 35කට දවා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ලහිරු කුමාර සහ වනිඳු හසරංග කඩුල්ල බැගින් දවා ගත්හ.
ඇන්ජලෝ මැතිව්ස් 2017 දෙසැම්බර් මාසයේ ඉන්දීය කණ්ඩායමට ම එරෙහිව ඉන්දූර් හිදී විස්සයි විස්ස තරගයක පන්දු යැවූ පසු අද තරගයේ දී පන්දු යැවීමට කැඳවුම් ලැබුවේය. ඔහු තම පන්දු යැවීම අවසන් කළේ පන්දු වාර 3ක් යවමින් ලකුණු 38ක් ලබා දෙමින් කිසිදු කඩුල්ලක් ලබා නොගනිමිනි.
හඹා යන පිළිතුරු ඉනිම ආරම්භ කළේ ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දු ය. ඔවුන් දෙදෙනාට වැඩි වේලාවක් පිටියේ රඟන්නට ඉන්දීය ක්‍රීඩකයෝ ඉඩ දුන්නේ නැත. ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දුවාරයේ අවසන් පන්දුවේ දී ධනුෂ්ක ගුණතිලක තම ඉනිම අවසන් කරගත්තේ ලකුණක් පමණක් ලබා ගනිමිනි. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිමට එක් වී තිබුණේ ලකුණු 5ක් පමණි.
අනතුරුව කුසල් පෙරේරා පිටියට එකතු විය. ඊළඟ පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී අවිශ්ක ප්‍රනාන්දුගේ ඉනිම ද අවසන් කිරීමට ඉන්දියාව සමත් විය. ඒ වෙද්දී අවිශ්ක ලබා සිටියේ හයේ පහරක් සමඟින් ලකුණු 9ක් පමණි.
කුසල් පෙරේරාට සහ ඕෂද ප්‍රනාන්දුට වැඩි වගකීමක් ඉබේම පැවරුණ ද ඉනිමේ සිව්වැනි පන්දුවාරයේ දී ඕෂද ප්‍රනාන්දු (1) දුවද්දී දවා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ. කුසල් පෙරේරාගේ ඉනිම ද ලකුණු 7කට නිමා විය.
ශ්‍රී ලංකා ඉනිමේ යම් හෝ පිබිදීමක් දුටුවේ ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා අතර 5 වැනි කඩුල්ලට එක් වූ ලකුණු 78ක සබඳතාවයි. මාස 16කට පසුව විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් අද තරගයේ දී පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තේය.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව දසුන් ශානක (9), වනිඳු හසරංග (0) සහ ලක්ෂාන් සඳකැන් (1) අඩු ලකුණු ලබා පිටියෙන් ඉවත් වූහ.
කට ඉස්සර කර ගත් එංගලන්ත කඩුලු රකින්නාට පාඩමක්
දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර මේ දිනවල පැවැත්වෙන තරග හතරකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ…
ධනංජය අද තරගයේ දී තම විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ දෙවැනි අර්ධ ශතකය 31 වැනි පන්දුවේ දී වාර්තා කළේය. ඔහු ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 57ක් ලබා සිටියේය.
ඉන් අනතුරුව යැවුණ දෙවැනි පන්දුවේ දී ලසිත් මාලිංග ද ලකුණු නොලබාම දැවී ගිය අතර තරගය නිමා වන විට ලහිරු කුමාර එක් ලකුණක් ලබා නොදැවී පිටියේ රැඳී සිටියේය.
කඩුලු ලබා ගැනීමේ දී නව්දීප් සානි ලකුණු 28කට කඩුලු 3ක් දවා ගත් අතර ශර්දුල් ඨාකූර් සහ වොෂින්ටන් සුන්දර් කඩුලු 2 බැගින් දවා ගත්හ.
තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ ශර්දුල් ඨාකූර් නම් කෙරුණ අතර තරගාවලියේ වීරයා ලෙසින් නවිදීප් සානි නම් කෙරුණි.
මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පෙර තරගයට ක්‍රීඩා කළ ඉසුරු උදාන සහ භානුක රාජපක්ෂ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් සහ ලක්ෂාන් සඳකැන් කැඳවා තිබුණි.
ඉන්දීය කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදු කර තිබූ අතර එහි දී දෙවැනි තරගයේ දී කඩුලු රැකි ක්‍රීඩක රිශාබ් පාන්ට්, කුල්දීප් යාදව් සහ ශිවම් ඩුබේට කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබුණ අතර ඒ වෙනුවට සංජු සැම්සන්, මනීෂ් පාණ්ඩේ සහ යුස්වෙන්ද්‍ර චාහල් ඉන්දීය කණ්ඩායමට ඇතුළත් කර තිබුණි.
Result
                                                                
                            
                           
                        
                                        
                                            
                                
                                                 
                                        
                                        
                                                                                    
                                            Batsmen 
                                                R 
                                                B 
                                                4s 
                                                6s 
                                                SR 
                                            
                                                 
                                                                                    
                                            KL Rahul 
                                                
                                                                                                st Kusal Perera b Lakshan Sandakan                                                 
                                                 
                                                54 
                                                36 
                                                5 
                                                1 
                                                150.00 
                                            
                                                 
                                                                                    
                                            Shikhar Dhawan 
                                                
                                                                                                c Danushka Gunathilaka b Lakshan Sandakan                                                 
                                                 
                                                52 
                                                36 
                                                7 
                                                1 
                                                144.44 
                                            
                                                 
                                                                                    
                                            Sanju Samson 
                                                
                                                                                                lbw  b Wanindu Hasaranga                                                 
                                                 
                                                6 
                                                2 
                                                0 
                                                1 
                                                300.00 
                                            
                                                 
                                                                                    
                                            Manish Pandey 
                                                
                                                not out 
                                                 
                                                31 
                                                18 
                                                4 
                                                0 
                                                172.22 
                                            
                                                 
                                                                                    
                                            Shreyas Iyer 
                                                
                                                                                                c & b  Lakshan Sandakan                                                 
                                                 
                                                4 
                                                2 
                                                1 
                                                0 
                                                200.00 
                                            
                                                 
                                                                                    
                                            Virat Kohli 
                                                
                                                                                                run out (Danushka Gunathilaka)                                                 
                                                 
                                                26 
                                                17 
                                                2 
                                                1 
                                                152.94 
                                            
                                                 
                                                                                    
                                            Washington Sundar 
                                                
                                                                                                c Lakshan Sandakan b Lahiru Kumara                                                 
                                                 
                                                0 
                                                1 
                                                0 
                                                0 
                                                0.00 
                                            
                                                 
                                        
                                        
                                    Shardul Thakur 
                                                
                                                not out 
                                                 
                                                22 
                                                8 
                                                1 
                                                2 
                                                275.00 
                                            
                                        
                                            
                                
                                                 
                                            Extras 
                                                6 (b 0 , lb 2 , nb 0, w 4, pen 0) 
                                            
                                                 
                                                                                                                                     Total 
                                                201/6 (20 Overs, RR: 10.05) 
                                            
                                                 
                                                                                        
                                        
                                    Fall of Wickets 
                                                
                                                1-97 (10.5) Shikhar Dhawan, 2-106 (11.3) Sanju Samson, 3-118 (12.3) KL Rahul, 4-122 (12.5) Shreyas Iyer, 5-164 (17.3) Virat Kohli, 6-164 (17.4) Washington Sundar,  
                                                
                                                 
                                            
                                        
                                            
                                
                                                 
                                        
                                        
                                                                                    Bowling 
                                                O 
                                                M 
                                                R 
                                                W 
                                                Econ 
                                            
                                                 
                                                                                    
                                                Lasith Malinga 
                                                4 
                                                0 
                                                40 
                                                0 
                                                10.00 
                                            
                                                 
                                                                                    
                                                Angelo Mathews 
                                                3 
                                                0 
                                                38 
                                                0 
                                                12.67 
                                            
                                                 
                                                                                    
                                                Dhananjaya de Silva 
                                                1 
                                                0 
                                                13 
                                                0 
                                                13.00 
                                            
                                                 
                                                                                    
                                                Lahiru Kumara 
                                                4 
                                                0 
                                                46 
                                                1 
                                                11.50 
                                            
                                                 
                                                                                    
                                                Wanindu Hasaranga 
                                                4 
                                                0 
                                                27 
                                                1 
                                                6.75 
                                            
                                                 
                                        
                                        
                                    
                                                Lakshan Sandakan 
                                                4 
                                                0 
                                                35 
                                                3 
                                                8.75 
                                            
                            
                           
                        
                                        
                                            
                                
                                                 
                                        
                                        
                                                                                    
                                            Batsmen 
                                                R 
                                                B 
                                                4s 
                                                6s 
                                                SR 
                                            
                                                 
                                                                                    
                                            Danushka Gunathilaka 
                                                
                                                                                                c Washington Sundar b Jasprit Bumrah                                                 
                                                 
                                                1 
                                                2 
                                                0 
                                                0 
                                                50.00 
                                            
                                                 
                                                                                    
                                            Avishka Fernando 
                                                
                                                                                                c Shreyas Iyer b Shardul Thakur                                                 
                                                 
                                                9 
                                                7 
                                                0 
                                                1 
                                                128.57 
                                            
                                                 
                                                                                    
                                            Kusal Perera 
                                                
                                                                                                  b Navdeep Saini                                                 
                                                 
                                                7 
                                                10 
                                                1 
                                                0 
                                                70.00 
                                            
                                                 
                                                                                    
                                            Oshada Fernando 
                                                
                                                                                                run out (Manish Pandey)                                                 
                                                 
                                                2 
                                                5 
                                                0 
                                                0 
                                                40.00 
                                            
                                                 
                                                                                    
                                            Angelo Mathews 
                                                
                                                                                                c Manish Pandey b Washington Sundar                                                 
                                                 
                                                31 
                                                20 
                                                1 
                                                3 
                                                155.00 
                                            
                                                 
                                                                                    
                                            Dhananjaya de Silva 
                                                
                                                                                                c Jasprit Bumrah b Navdeep Saini                                                 
                                                 
                                                57 
                                                36 
                                                8 
                                                1 
                                                158.33 
                                            
                                                 
                                                                                    
                                            Dasun Shanaka 
                                                
                                                                                                c & b  Shardul Thakur                                                 
                                                 
                                                9 
                                                9 
                                                0 
                                                1 
                                                100.00 
                                            
                                                 
                                                                                    
                                            Wanindu Hasaranga 
                                                
                                                                                                run out (Yuzvendra Chahal)                                                 
                                                 
                                                0 
                                                1 
                                                0 
                                                0 
                                                0.00 
                                            
                                                 
                                                                                    
                                            Lakshan Sandakan 
                                                
                                                                                                st Sanju Samson b Washington Sundar                                                 
                                                 
                                                1 
                                                2 
                                                0 
                                                0 
                                                50.00 
                                            
                                                 
                                                                                    
                                            Lasith Malinga 
                                                
                                                                                                c Virat Kohli b Navdeep Saini                                                 
                                                 
                                                0 
                                                1 
                                                0 
                                                0 
                                                0.00 
                                            
                                                 
                                        
                                        
                                    Lahiru Kumara 
                                                
                                                not out 
                                                 
                                                1 
                                                1 
                                                0 
                                                0 
                                                100.00 
                                            
                                        
                                            
                                
                                                 
                                            Extras 
                                                5 (b 1 , lb 0 , nb 0, w 4, pen 0) 
                                            
                                                 
                                                                                                                                     Total 
                                                123/10 (15.5 Overs, RR: 7.77) 
                                            
                                                 
                                                                                        
                                        
                                    Fall of Wickets 
                                                
                                                1-5 (0.6) Danushka Gunathilaka, 2-11 (1.3) Avishka Fernando, 3-15 (3.1) Oshada Fernando, 4-26 (5.1) Kusal Perera, 5-94 (11.2) Angelo Mathews, 6-110 (13.3) Dasun Shanaka, 7-110 (13.4) Wanindu Hasaranga, 8-118 (14.6) Lakshan Sandakan, 9-122 (15.3) Dhananjaya de Silva, 10-123 (15.5) Lasith Malinga,  
                                                
                                                 
                                            
                                        
                                            
                                
                                                 
                                        
                                        
                                                                                    Bowling 
                                                O 
                                                M 
                                                R 
                                                W 
                                                Econ 
                                            
                                                 
                                                                                    
                                                Jasprit Bumrah 
                                                2 
                                                1 
                                                5 
                                                1 
                                                2.50 
                                            
                                                 
                                                                                    
                                                Shardul Thakur 
                                                3 
                                                0 
                                                19 
                                                2 
                                                6.33 
                                            
                                                 
                                                                                    
                                                Navdeep Saini 
                                                3.5 
                                                0 
                                                28 
                                                3 
                                                8.00 
                                            
                                                 
                                                                                    
                                                Washington Sundar 
                                                4 
                                                0 
                                                37 
                                                2 
                                                9.25 
                                            
                                                 
                                        
                                        
                                    
                                                Yuzvendra Chahal 
                                                3 
                                                0 
                                                33 
                                                0 
                                                11.00 
                                            
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<











