මම සමලිංගිකයෙක් නෙවෙයි

455
AFP

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන James Faulkner විසින් Instagram හි පල කළ සිය උපන්දින සාදයේ ඡායාරූපයක් බොහෝ දෙනාගේ අවධානයට ලක්වුනා.

එම ඡායාරූපයේ ඔහුගේ මව සහ තම පෙම්වතා (boyfriend) සිටින බව ඔහු විසින් සඳහන් කර තිබීම එයට හේතුවයි. එම ඡායාරූපය නිසා James Faulkner සමලිංගික බවට බොහෝ දෙනා මත පල කරනු ලැබුවා.

බංග්ලාදේශ ක්‍රිකට් නායකයාගෙන් ඉල්ලීමක්

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දරන මෂ්රෆි මොර්ටාසා බංග්ලාදේශ කණ්ඩායමට අනවශ්‍ය…

නමුත් තමන් සමලිංගික නොවන බව ඔහු පසුව අදහස් දක්වමින් කියා සිටියා. එම ඡායාරූපය ඔහු තම මව හා යහළුවෙකු වන Rob Jubb සමඟින් ලබාගෙන ඇත්තේ ඔහුගේ 29 වැනි උපන්දින සාදයේ දී ය.

“Birthday dinner with the boyfriend (bestmate!!!)… #togetherfor5years” ලෙස ඔහුගේ නිල Instagram පිටුවේ සඳහන් කර තිබුණා. ක්ෂණිකව පැතිර ගිය මෙම ඡායාරූපයට reacts 20000ක් හා comments 1000ක් පමණ ලැබී තිබුණි.

මෙම පණිවිඩය James Faulkner තම සමලිංගික බව ලොවට කියන ආකාරය යැයි බොහෝ දෙනා මත පල කරනු ලැබූ අතර එය එරට වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු තමන් සමලිංගික බවට ප්‍රසිද්ධියට පත් කළ පළමු අවස්ථාව ලෙස ද සඳහන් වුනා.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් වූ Shaun Tait, Glenn Maxwell, Brett Lee වැනි ක්‍රීඩකයන් ද මෙම ඡායාරූපයට අදහස් දක්වා තිබීම විශේෂත්වයක්. එහි දී Shaun Tait විසින් “නිර්භීත වැඩක්. ඔබට දැන් සහනයක් දැනෙනවා ඇති.” ලෙස පවසා තිබුණි.

මෙම සිදුවීමෙන් පසු නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් Faulkner “මේක වරදවා තේරුම් ගැනීමක්” ලෙස පවසා තිබුණා.

“මම සමලිංගිකයෙකු නෙමෙයි. Jubb කියන්නේ හොඳම යහළුවෙක්. අපි දෙන්නා එකම ගෙදරක ඉන්නේ. එදාට අපි එකම ගෙදරක ඉඳලා අවුරුදු 5ක් සම්පූර්ණ වුනා” ඔහු තවදුරටත් පවසා තිබුණා.

ඕස්ට්‍රේලියාවේ හා අනෙකුත් රටවල්වල සමලිංගික සමාජවල බොහෝ දෙනා එම ඡායාරූපය පිළිබඳව අදහස් දක්වා තිබුණු අතර Faulkner ඒ පිළිබඳව “සමලිංගික සමාජයෙන් මේ ගැන තිබුණු උදව් හා එම සමාජයට තිබුණු උදව් දැක්කම ගොඩක් සතුටුයි. අපි අමතක කරන්න හොඳ නෑ ආදරය කියන්නේ මොකක්ද කියලා” ලෙස ප්‍රකාශ කර තිබුණි.

හසන් අලී වංචාවක?

පාකිස්තාන පන්දු යවන්නෙකු වන හසන් අලී මතබේදාත්මක උඩ පන්දුවක් සම්බන්ධයෙන් කතාබහට ලක්වී තිබෙනවා. ඔවුන්ගේ සංචාරයට…

James Faulknerගේ මෙම ඡායාරූපය වැරදි ලෙස වටහා ගැනීමෙන් ඔහුව හා සමලිංගික සමාජය හාස්‍යයට ගැනීම ප්‍රතික්ෂේප කරන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසා සිටියා. තවද මෙවන් අවස්ථාවක දී ක්‍රීඩකයා හා එම සමාජය එලෙස එළියට පැමිණීම හැඟීම්බර අවස්ථාවක් විය හැකි බව ද ඔවුන් පවසා සිටියා.

“එම ඡායාරූපය කිසිම ආකාරයකින් සමලිංගික බව පෙන්වීම සඳහා පල කරන ලද්දක් නොවේ. එම අවස්ථාවේ දී සමාජයෙන් ලැබුණු ප්‍රතිචාර විශාලයි. ඒ වගේම එම ප්‍රතිචාරය සුභවාදී ඒවා. අපි ක්‍රිකට් ආයතනය විදිහට සමාව ගන්නවා කුමන හෝ වැරදි ප්‍රකාශයක් සිදු වුනා නම්” යැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තවදුරටත් පවසා ඇත.

2013 වසරේ ඕස්ට්‍රේලියානු ජාතික සංචිතයට ඇතුළත් වන James Faulkner ඒ දක්වා ක්‍රීඩා කර ඇත්තේ එක් ටෙස්ට් තරගයක් සඳහා පමණි. ඒ එංගලන්තයට එරෙහිවයි. Faulkner මේ දක්වා එක්දින තරග 69කට ක්‍රීඩා කර ඇති අතර එහි දී ලකුණු 1032ක් වාර්තා කර ඇත්තේ කඩුලු 96ක් ද සමඟිනි.

The Finisher යන අන්වර්ථ නාමයෙන් හැදින්වෙන Faulkner ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි විස්ස තරග 24ක දී ලකුණු 159ක් හා කඩුලු 36ක් ලබා ගැනීමට සමත් විය. නමුත් ඔහු 2017 වසරෙන් පසුව තවමත් ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නැත.

James Faulkner 2015 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සාමාජිකයෙකු ද විය. අවසන් මහා තරගයේ දී නවසීලන්තයේ ප්‍රබල කඩුලු 3ක් Faulkner විසින් දවා ගන්නා අතර එය ඕස්ට්‍රේලියානු ජයග්‍රහණය සඳහා විශාල මෙහෙයක් කළ බව නොරහසක්. එම හේතුව නිසා තරගයේ වීරයා වීමේ භාග්‍ය ද Faulkner හට හිමි විය.

Faulkner තවමත් ඕස්ට්‍රේලියාවේ Hobart Hurricanes හා එංගලන්තයේ Lancashire ප්‍රාන්ත වල විස්සයි විස්ස තරග සඳහා ක්‍රීඩා කරයි.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<