වයස 22ක කොලු ගැටයෙකුගෙන් අංක එකේ එක්දින කණ්ඩායමට සංග්‍රහයක්!

450
AFP

කලකට පෙර ක්‍රිකට් ලෝකය දිග් විජය කළ කොදෙව් ක්‍රිකට් කණ්ඩායම මීට වසර කිහිපයකට පෙර සිට අනුගමනය කළේ නිද්‍රාශීලී ක්‍රීඩා රටාවකි. බ්‍රයන් ලාරා, චන්ද්‍රපෝල්, සර්වාන් වැනි සුපිරි ක්‍රීඩකයින් සමු ගැනීමෙන් අනතුරුව ඔවුන් සංක්‍රාන්ති සමයකට මුහුණ දුන් අතර එම කාලය මුළුල්ලේ බොහෝ පරාජයන්ට ද ලක්විය. නමුත් දැන් දැන් ඔවුන්ගේ නවක ක්‍රීඩකයින් හොඳින් දක්ෂතා දැක්වීමට පටන් ගෙන ඇති අතර, ප්‍රබල එංගලන්තය සමඟ පැවති ටෙස්ට් තරගාවලිය ජයගත් ඔවුන් මේ වනවිට එක්දින තරගාවලිය ද 1 – 1ක් ලෙස සමකර තිබේ.

“එදත් අදත් හෙටත් මම තමයි Universal boss.” – ක්‍රිස් ගේල්

බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් වසර ගණනාවක් මුළුල්ලේම ආරම්භක පිතිකරු භූමිකාවට පණ පොවමින් ලොව සිටින ප්‍රබලතම පන්දු යවන්නන් පවා තමා ඉදිරියේ දණ…

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රියේ ආරම්භ වී මැදියම් රැය දක්වාම පැවති දෙවැනි එක්දින තරගය ඊයේ කොදෙව්වන් ජය ගත්තේ ලකුණු 26කිනි. ඒ වෙනුවෙන් පන්දුවෙන් හා පිත්තෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූයේ නවක ක්‍රීඩකයින් දෙපළක් වීම විශේෂත්වයකි. කාසියේ වාසිය දිනාගත් එංගලන්ත පිළේ ඇරයුමෙන් මුලින් පන්දුවට පහර දුන් කොදෙව් පිළ එහිදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 289ක් රැස්කර ගැනීමට සමත් වූහ. ඒ වෙනුවෙන් තවමත් 22 හැවිරිදි වියේ පසුවන මැදපෙළ පිතිකරුවෙකු වන ශිම්රන් හෙට්මයර්ගේ දායකත්වය නොදැවී ලකුණු 104කි. පන්දු 83ක් පමණක් වැයවුණු මෙම සුපිරි ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය.

කවදත් ප්‍රතිවාදීන්ට තර්ජනයක් එල්ල කරන එංගලන්ත පන්දු යවන්නන් හමුවේ මෙම යොවුන් ක්‍රීඩකයා ලකුණු රැස්කළ ආකාරය තුල විශේෂත්වයක් කැටිවී තිබුණි. ඒ ලබා ගන්නා සෑම ලකුණක්ම වෙනුවෙන්ම හොඳ පහරක් එල්ල කරමින් උනන්දුවෙන් ලකුණු රැස් කිරීමයි. ඔහුගේ කෙටි එක්දින තරග දිවිය තුල මේ වනවිටත් ශතක 4ක් වාර්තා වී අවසන්ය. අර්ධ ශතක දෙකක්ද සමඟින් ඔහු ලකුණු සාමාන්‍යය 42ක් තරම් ඉහළ අගයක රඳවාගෙන සිටියි. මෙම දක්ෂතා අඛණ්ඩව පවත්වා ගතහොත් හෙට්මයර්ට වැඩි කලක් නොගොස් රූට්, විලියම්සන් වැනි යොවුන් විශ්වාසනීය පිතිකරුවෙකු වීමේ අවස්ථාව තිබේ.

සවුතිගේ සුපිරි පන්දුකරණය හමුවේ බංගලින්ගේ සුද හේදෙයි!

මීට මසකට පමණ පෙර පැවැත්වුණු ඉන්දු – නවසීලන්ත එක්දින තරගාවලිය 4-1ක් ලෙස පරාජය වූ නිසා සත්කාරක නවසීලන්ත පිළ සිටියේ තරමක් කනස්සල්ලෙනි. ඒ නිසාවෙන්ම…

කොදෙව් පිළේ අනෙකුත් මුල්පෙළ පිතිකරුවන් ද හොඳ ඉනිම කිහිපයක් ක්‍රීඩා කළ නිසා ඔවුන්ට කිසිම අවස්ථාවක දී තරගයේ පාලනය අහිමි වූයේ නැත. අනෙක් අතට බාබඩෝස් හි ඊයේ සූදානම් කර තිබුනේ එතරම් ලකුණු සහිත තණතිල්ලක් නොවන නිසා එහිදී ලකුණු 289ක් රැස් කිරීම යනු කොදෙව් පිළ දැක්වූ හොඳ දක්ෂතාවයකි. ඒ වෙනුවෙන් කලින් තරගයේ දී ලකුණු 135ක් රැස්කළ ක්‍රිස් ගේල් නැවත වරක් සාර්ථක වෙමින් අර්ධ ශතකයක් රැස් කළේය. පන්දු යැවීමේ දී තනි එංගලන්ත පන්දු යවන්නෙකුට විශේෂ දක්ෂතා දැක්වීමට නොහැකි වූ අතර ක්‍රීඩකයින් සිව් දෙනෙකු අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

මෙම ඉලක්කය පසුපස හඹාගිය එංගලන්ත පිතිකරුවන්ට සියලු දෙනාම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 263ක් පමණි. ඉනිම ආරම්භයේ දීම ප්‍රතිවාදීන්ගේ ගමන අඩාල කළ නවක වේග පන්දු යවන ක්‍රීඩක ශෙල්ඩන් කොට්‍රෙල් එංගලන්ත ඉනිමට ලකුණු 10ක් එක්වන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනාම පිටියෙන් ඉවත් කරන්නට සමත් විය. ඉන් අනතුරුව එංගලන්ත මැදපෙළ පිතිකරුවන් කෙටි ලකුණු සබඳතා ගොඩ නගමින් ජය කණුව කරා යන්නට උත්සාහ දැරූවද හෙට්මයර් ක්‍රීඩා කලාක් මෙන් දිගු ඉනිමක් ගොඩ නගන්නට ඒ කිසිවෙකුත් අසමත් වූ නිසා අවසානයේ ඔවුන්ට පරාජය භාර ගැනීමට සිදුවිය.

එංගලන්තය වෙනුවෙන් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 79ක් රැස් කරද්දී නායක මෝගන් ලකුණු 70ක් රැස් කළේය. තම ප්‍රතිවාදීන්ගේ සෑම සැලසුමක්ම අසාර්ථක කළ කොදෙව් පන්දු යවන්නෝ ප්‍රතිවාදීන්ගේ අවසන් කඩුලු 6ම දවා ගත්තේ ලකුණු 35ක් තුලදීයි. ඒ වෙනුවෙන් තවමත් එක්දින තරග 7ක අත්දැකීම් ඇති ශෙල්ඩන් කොට්‍රෙල් කඩුලු 5ක් බිඳ හෙලමින් දක්ෂතා දක්වද්දී නායක ජේසන් හෝල්ඩර් ද තම යුතුකම් කොටස මැනවින් ඉටු කරමින් කඩුලු 3ක් දවා ගත්තේය. ඒ අනුව පන්දුවාර 47යි පන්දු 4ක් අවසානයේ සංචාරක එංගලන්ත කණ්ඩායමට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 263ක් පමණි.

සිංහයෝ ඓතිහාසික දිනයක් වෙනුවෙන් රඟ මඬල නිර්මාණය කරති

ඊයේ දිනය නිමා වෙද්දී ලකුණු 60කට කඩුලු තුනක් දැවී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි කඩුලු සියල්ලම දවා ගැනීමට අද (22) උදෑසන සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට…

ඊයේ තරගයේ වීරයා ලෙස සුපිරි ශතකයක හිමිකරුවා වූ ශෙල්ඩන් හෙට්මයර් සම්මාන හිමිකර ගත්තේය. මෙම ජයග්‍රහණයත් සමඟින් තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 1 – 1ක් ලෙස සම තත්ත්වයට පත්වූ අතර ලබන 25 වැනිදා ඇරඹෙන තෙවැනි එක්දින තරගය දෙපිළටම තීරණාත්මක වනු ඇත. එම තරගකාරීත්වය තවදුරටත් වැඩි වන්නේ එක්දින ශ්‍රේණිගත කිරීම් වල 9 වැනි ස්ථානයේ සිටින කොදෙව්වන් ලොව අංක එකේ එක්දින කණ්ඩායම වන එංගලන්තයට පසුගිය තරග දෙකේදීම හොඳ සටනක් ලබාදුන් බැවිනි.

බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 6ක් දැවී ලකුණු 289 (පන්දුවාර 50) ශිම්රන් හෙට්මයර් 104*, ක්‍රිස් ගේල් 50, ශයි හෝප් 33, ඩැරන් බ්‍රාවෝ 25, ජෝන් කැම්බෙල් 23, ඈශ්ලි නර්ස් 13*, අඩිල් රශීඩ් 1/28, මාර්ක් වුඩ් 1/38.

එංගලන්තය – සියල්ලන්ම දැවී ලකුණු 263 (පන්දුවාර 47.4) බෙන් ස්ටෝක්ස් 79, ඔයින් මෝගන් 70, ජෝ රූට් 36, ජෝස් බට්ලර් 34, අඩිල් රශීඩ් 15, ශෙල්ඩන් කොට්‍රෙල් 5/46, ජේසන් හෝල්ඩර් 3/53.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<