එවරස්ට් කඳු මුදුනට ළඟා වූ එකම ශ්‍රී ලාංකීය ගවේෂකයින් යුගලය වන ජයන්ති කුරු උතුම්පාල හා යොහාන් පීරිස්, ලොව අපහසුම කඳු නගින්නන්ගේ අභියෝගයක් වන “කඳු මුදුන් හතේ” අභියෝගයට සැරසෙන බව වාර්තා වේ.
ශ්‍රී ලාංකික පුරුෂයෙකු ප්‍රථම වරට එවරස්ට් ජය ගනී
ජොහාන් පීරිස් අද (22) ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 05.40ට ලොව උසම කන්ද වන..

මොවුන් දෙදෙනාගේ මීළඟ අරමුණ හිමාල කඳු පන්තියට පිටතින් ඇති උසම කඳු මුදුන වන මීටර 6962ක් උස Aconcagua කඳු මුදුන තරණය කිරීමයි. ඒ සඳහා ඔවුන් දෙදෙනා එළඹෙන ජනවාරි 31 වැනිදා දිවයිනෙන් පිටත් වනු ඇත.
ඒ අනුව මහද්වීප හතේ උසම කඳු මුදුන් හත තරණය කිරීමේ ඔවුන්ගේ මේ උත්සාහය ආර්ජෙන්ටිනාවෙන් ආරම්භ වීමට නියමිතයි. එම අභියෝගය පළමු වරට ජය ගත්තේ 1985 වසරේ දී රිචඩ් බාස් විසිනි. ඔවුන් දෙදෙනා විසින් 2014 වසරේ දී අප්‍රිකාවේ කිලිමන්ජාරෝ කඳු මුදුන තරණය කළ අතර Aconcagua ඔවුන් තරණය කරන තෙවන කඳු මුදුන වනු ඇත.
ජොහාන් එවරස්ට් තරණයේ අවසාන පියවරට සැරසේ
එවරස්ට් කන්දේ මුදුනටම ගමන් කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වූ ජයන්ති කුරු-උතුම්පාල..
එවරස්ට් කඳු මුදුන තරණය කර වසරක් යෑමට පෙර යොහාන් පිරිස් මේ සැරසෙන්නේ තවත් දැවැන්ත අභියෝගයකට මුහුණ දීමටයි. ThePapare.com හමුවේ ඔහු මේ සඳහා වන සූදානම පිළිබඳව මෙසේ අදහස් පල කළා.

ජයන්ති කුරු උතුම්පාල ThePapare.com වෙත අදහස් දක්වා සිටියේ සිය සගයා සමඟ නව අහියෝගයක් ආරම්භ කිරීම පිළිබඳ ඉතා උද්‍යෝගයෙන් පසුවන බවයි.

ThePapare.com අපි ඔවුන් දෙදෙනාගේ සෑම පියවරක්ම සාර්ථක වේවා යැයි ප්‍රර්ථනා කරන අතර ඔවුන් දෙදෙනාගේ කඳු තරණයේ සියලු විස්තර ඔබ වෙත ගෙනේ ඒමටත් සූදානම්. ජයන්ත හා යොහාන්ගේ මීළඟ වීර ක්‍රියාව පිළිබඳ සියලු තොරතුරු දැනගන්න එක්වන්න ThePapare.com සමඟින්.
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<





















