ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල විසින් සංවිධානය කරන “NSBM 7s” වයස අවුරුදු 21න් පහළ පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය සැප්තැම්බර් 8 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා තරග වදින පාසල් කණ්ඩායම් සඳහා වන කාණ්ඩ සටහන මේ වන විට නිකුත් වී තිබේ.

| A කාණ්ඩය | B කාණ්ඩය | C කාණ්ඩය | D කාණ්ඩය |
| සාන්ත අන්තෝනි විද්‍යාලය මහනුවර | විද්‍යාර්ථ විද්‍යාලය | ඉසිපතන විද්‍යාලය | සාන්ත ජෝසප් විද්‍යාලය |
| තර්ස්ටන් විද්‍යාලය | මහානාම විද්‍යාලය | ත්‍රිත්ව විද්‍යාලය | ධර්මරාජ විද්‍යාලය |
| සාන්ත ඇලෝෂියස් විද්‍යාලය | සහීරා විද්‍යාලය | ශ්‍රී සුමංගල විද්‍යාලය | ලුම්බිණි විද්‍යාලය |
| සිරි පියරතන විද්‍යාලය | හින්දු විද්‍යාලය | දේවපතිරාජ විද්‍යාලය | ආනන්ද විද්‍යාලය |
තරගාවලිය අතරතුර NSBM කණ්ඩායම හා කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ ක්‍රීඩකයන් අතර සුහද රග්බි තරගයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. තරගාවලියේ අවසන් තරග රාත්‍රියේ දී විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වීමට නියමිතයි. ThePapare.com අපි තරගාවලිය සජීව ලෙස ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න අප සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <
<





















