සාමාන්‍යයෙන් කෙනෙක් උසින් වැඩි වුනාම වාසි වගේම අවාසිත් තියනවා. ඒත් උසින් වැඩි වුනාම පෙනුම වැඩි කියල අපි හැමෝම දන්නව නේ. මොකද ඔය සමහර අය කතාවටත් කියනවා උසට මහතට ඉන්න පිරිමි ළමයෙක් දැක්කම “හැඩිදැඩි ඉලන්දාරියා” කියල. නමුත් දැන් කතා කරන්න යන්නෙ එහෙම ගමේ ගොඩේ ඉලන්දාරි ගැන නම් නෙවෙයි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙ හිටපු, ඒ වගේම දැන් ඉන්න උසින් වැඩිම ක්‍රිකට් ක්‍රීඩකයෝ ගැනයි.
Mr. 360
“Off Season” මෙහෙම කිව්වම මේ දවස්වල අපිට මතක් වෙන්නෙ එකම එක නමක්…….
සාමාන්‍යයෙන් අපි ගොඩක් උස ක්‍රිකට් ක්‍රීඩකයෝ දකින්නෙ පිටිය තුළ පන්දු යවන්නන් ලෙස තමයි. ඒ අතරිනුත් වැඩිම ප්‍රමාණයක් ඉන්නෙ වේගපන්දු යවන්නන්. මේ විදියට ටිකක් වැඩියෙන් උසයි කියන පන්දු යවන්නන්ට පුළුවන් අමතර පීඩනයක් යොදවන්න පිතිකරුට. ඒක නිසාම මේ ටිකක් වැඩියෙන් උස පන්දු යවන්නො අමතර වාසියක් ගන්නවා පන්දු යවද්දි.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙ හිටපු, ඒ වගේම දැන් ඉන්න උසින් වැඩිම ක්‍රිකට් ක්‍රීඩකයෝ ටික දෙනෙක් ගැන තමයි අද කතා කරන්න යන්නෙ. මෙතන අහල පුරුදු නම් වගේම ටිකක් නුපුරුදු නම් තියෙන්නත් පුළුවන්. මොකද ජාත්‍යන්තර පිටියෙ මේ ලැයිස්තුවේ ඉන්න සමහර ක්‍රීඩකයෝ වැඩි තරග ප්‍රමාණයක් ක්‍රීඩා කරල නෑ.
01. මොහොමඩ් ඉර්ෆාන් (Mohammed Irfan) – පාකිස්තානය

02. ජොයෙල් ගානර් (Joel Garner) – බටහිර ඉන්දීය කොදෙව්

03. පීටර් ජෝර්ජ් (Peter George) – ඕස්ට්‍රේලියාව
දකුණත් වේගපන්දු යවන්නෙක් වන මොහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 2010 වසරේ ඔක්තෝබර් 8 වන දින ඉන්දීය කණ්ඩායමට එරෙහිව එකම ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර තිබෙනවා. පීටර් ජෝර්ජ්ගේ උසත් සෙන්ටිමීටර් 203ක් ලෙසයි සටහන් වන්නේ.
04. බොයිඩ් රෑන්කින් (Boyd Rankin) – එංගලන්තය හා අයර්ලන්තය

05. ක්‍රිස් ට්‍රෙම්ලට් (Chris Tremlett) – එංගලන්තය

06. ස්ටීවන් ෆින් (Steven Finn) – එංගලන්තය

දකුණතින් වේගපන්දු යවන්නෙක් වන ෆින් දකුණතින් පිත්ත හසුරුවන්නෙක්. සෙන්ටිමීටර් 201ක් එසේත් නැත්නම් අඩි 6ක් සහ අඟල් 7ක් උස මේ ක්‍රීඩකයා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්. ඔහු තම මංගල ටෙස්ට් තරගය 2010 දී බංගලාදේශ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කර තිබෙනවා.
07. කර්ට්ලි ඇම්බ්‍රෝස් (Curtly Ambrose) – බටහිර ඉන්දීය කොදෙව්
1990 – 2000 කාලයේ ක්‍රිකට් බලපු කෙනෙක්ට නම් මේ විශිෂ්ට වේගපන්දු යවන්නාව අමතක වෙන්න විදියක් නැහැ කියල මම හිතනවා. මොකද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ක්‍රීඩා කළ මේ උසැති ක්‍රීඩකයා ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු 405ක් හා ජාත්‍යන්තර එක්දින කඩුලු 225ක් ලබා ගත් දක්ෂ වේගපන්දු යවන්නෙක්. සෙන්ටිමීටර් 201ක් උස් වූ කර්ට්ලි තම උස භාවිතා කරමින් පන්දුවට අමතර ඉපිලීමක් මෙන්ම අවශ්‍යම ස්ථානයට පන්දුව පතිත කිරීමේ විශේෂ හැකියාවක් ඔහු සතු වුනා.
08. සුලෙයිමන් බෙන් (Sulieman Benn) – බටහිර ඉන්දීය කොදෙව්
සෙන්ටිමීටර් 201ක් උසැති බෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන වමත් පිට දඟපන්දු යවන්නෙක්. ටෙස්ට් තරග 17කට වගේම එක්දින ජාත්‍යන්තර තරග 25කට ක්‍රීඩා කර ඇති ඔහු උස වාසියකට ගනිමින් පන්දුව ගුවනේ පා කර හරිමින් දඟ කැවීමකට ලක් කිරීමට සමත් පන්දු යවන්නෙක්.
09. ජේසන් හෝල්ඩර් (Jason Holder) – බටහිර ඉන්දීය කොදෙව්
දකුණත් වේගපන්දු යවන්නෙක් වගේම පිතිකරණයේ ද යෙදෙන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන හෝල්ඩර් දැනට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ටෙස්ට් හා එක්දින නායකයා ලෙස කටයුතු කරනවා. ඔහුගේ උස සෙන්ටිමීටර් 201ක්, එසේත් නැතිනම් අඩි 6ක් හා අඟල් 7ක්. මොහු ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ උසින් වැඩි දේහදාරී ක්‍රීඩකයෙක් වෙනවා.
10. ටොම් මූඩි (Tom Moody) – ඕස්ට්‍රේලියාව
තෝමස් මේසන් මූඩි එහෙම නැත්නම් ටොම් මූඩි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙක්. ඒ වගේම ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්. ඔහු 1987 හා 1999 වසරවල ලෝක කුසලානය දිනා ගත් ඕස්ට්‍රේලියානු සංචිතයේ ද සාමාජිකයෙක් වෙනවා. සෙන්ටිමීටර් 200ක් උසැති ටොම් මූඩි ජාත්‍යන්තර එක්දින තරග 76කට වගේම ටෙස්ට් තරග 8කට ක්‍රීඩා කර තිබෙනවා.
11. ඩේවිඩ් ලාටර් (David Larter)
දකුණතින් වේගපන්දු යවන ස්කොට්ලන්ත ජාතික මේ ක්‍රීඩකයා සෙන්ටිමීටර් 200 වන අතර 1962 සිට 1965 කාලය අතරතුර එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 10කට ක්‍රීඩා කර තිබෙනවා. ජාත්‍යන්තර තරග ද ඇතුලත්ව ඔහුගේ ක්‍රීඩා දිවිය තුළ කඩුලු 666ක් ලබා ගෙන ඇති බවටයි සටහන් වන්නේ.
12. පීටර් ෆුල්ටන් (Peter Fulton) – නවසීලන්තය
නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 23කට හා එක්දින තරග 49කට ක්‍රීඩා කර ඇති ෆුල්ටන් සෙන්ටිමීටර් 199ක් උසැති මුල්පෙළ පිතිකරුවෙක්. 2004 නොවැම්බර් මස 2 වන දින බංග්ලාදේශයට එරෙහිව තම පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කරන ඔහු 2006 මාර්තු 9 වන දින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ජාත්‍යන්තර ටෙස්ට් දිවිය අරඹනවා.
13. ටෝන් ග්‍රේග් (Tony Greig) – එංගලන්තය
ටෝනි ග්‍රේග් කිවුවම ශ්‍රී ලාංකික අපිට නම් ඉතින් ගොඩක් සමීපයි. ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස ප්‍රකට ඔහු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ දක්ෂ ක්‍රීඩකයෙක්. සෙන්ටිමීටර් 198ක් උස ටෝනි ග්‍රේග් 1972 – 1977 කාලය තුළ එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරඟ ක්‍රීඩා කර තිබෙනවා. මොහු ද උසැති මෙන්ම දේහදාරී සිරුරකින් හෙබි ක්‍රීඩකයෙක් ද වුනා.
14. කර්ට්නි වොල්ෂ් (Courtney Walsh) – බටහිර ඉන්දීය කොදෙව්
ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨ පන්දු යවන්නෙක් වන Walsh 1984 – 2001 දක්වා ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩා කර ඇති අතර ජාත්‍යන්තර ටෙස්ට් තරග 22ක දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද මෙහෙයවා තිබෙනවා. සෙන්ටිමීටර් 198ක් ලෙස ඔහුගේ උස සටහන් වන අතර ඔහු ද තම උස උපයෝගී කර ගනිමින් වේගපන්දුවෙන් පෙරළි කළ පන්දු යවන්නෙක්.
15. ජේකබ් ඕරම් (Jacob Oram) – නවසීලන්තය
2011 ලෝක කුසලාන ශ්‍රී ලංකාව සමඟ අවසන් පූර්ව තරගය සිය අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලෙස ක්‍රීඩා කළ Oram දක්ෂ වමත් පිතිකරුවකු වගේම, දක්ෂ දකුණතින් මද වේගපන්දු යවන්නෙකු ද වනවා. ඔහුගේ ද උස සටහන් වන්නේ සෙන්ටිමීටර් 198ක් ලෙසයි. Oram ක්‍රීඩා කර ඇති ජාත්‍යන්තර ටෙස්ට් තරග ගණන 33ක් වන අතර එක්දින තරඟ ගණන 160ක්.
16. මෝර්නෙ මෝකල් (Morne Morkel) – දකුණු අප්‍රිකාව
සෙන්ටිමීටර් 196ක් ලෙස මෝකල්ගේ උස සටහන් වෙනවා. ඔහු දකුණත් වේගපන්දු යවන ක්‍රීඩකයෙක්. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග 117කට හා ටෙස්ට් තරග 86කට ක්‍රීඩා කර තිබෙනවා. ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු 309ක් ද, එක්දින කඩුලු 188ක් ද ලබාගෙන ඇති මොහු හොඳ වේගයක් හා ඉපිලීමක් සහිතව පන්දු යවන පන්දු යවන්නෙක්.
ගොඩක් දුරට මේ ලැයිස්තුව දිහා බැලුවම දකින්න පුළුවන් දෙයක් තමයි ලෝක ක්‍රිකට් පිටිය බැලුවම උසින් වැඩිම ක්‍රීඩකයින් රටවල් කිහිපයකට සීමා වී ඇති බව. එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා දකුණු අප්‍රිකාව යන කණ්ඩායම්වල තමයි ගොඩක් උස ක්‍රීඩකයින් දකින්නට පුළුවන් වන්නේ. මේ ලැයිස්තුවේ ඉහළින්ම ඉන්න මොහොමඩ් ඉර්ෆාන් පමණයි ආසියාතික ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස දක්නට ලැබෙන්නේ.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<