2018 විජයබාහු සුපර්ක්‍රොස් තරගාවලියේ හොඳම යතුරුපැදි ධාවකයා ලෙස අභිෂේක බලන්නට ඉශාන් දසනායක ඊයේ (17) කුරුණෑගල බෝයගනේ විජයබාහු ධාවන පථයේ දී සමත් විය.
2016 සහ 2017 වසරවල දී පිට පිටම ජාතික ශූරයා බවට පත්වුනත් ඉශාන් දසනායක එම වර්ෂ ද්විත්වයේම විජයබාහු ධාවන පථයට සියතට ගන්නට සමත් වූයේ නැත. 2016 වසරේ දී ජපන් ධාවක ටෝමොයෝ සුසිකි (Tomoyo Suziki) ද, 2017 දී විජයබාහු රෙජිමේන්තුවේම සමීර ප්‍රියන්ත ද එම තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් විය. ශ්‍රී ලංකාවේ අපහසුම හා තාක්ෂණිකම ධාවන පථය වන බෝයගනේ ධාවන පථය ජාතික ශූරයාගේ ප්‍රධානතම ඉලක්කයක් බවට පත්ව තිබුණේ කාලයක සිටයි.
තෙවන වරටත් ඉශාන් ශූරතාව රැගෙන යයි
ශ්‍රී ලංකාවේ එකම රැලික්‍රොස් ඉසව්ව වන 2018 සීගිරිය රැලික්‍රොස් තරගාවලිය ඊයේ (27) සීගිරිය කිබිස්ස …

‘MX 250cc’ කාණ්ඩයේ තරගය සඳහා බෝයගනේ ධාවන පථයේ තුන් වරක් ශූරයා වූ ටොමොයෝ සුස්කි එක්වූ අතර ඉශාන්ට ප්‍රබල තරගයක් දෙන්නට ඔහු සමත් විය. තරගය ආරම්භයේම ටෝමොයෝ සිය සමබරතාවය ගිලිහි ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගිය නිසා ඉන් ප්‍රයෝජන ගත් ඉශාන් ජපන් තරගකරුවාට එරෙහිව සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද ඉක්මනින්ම නැවත තරගයට පිවිසුණු ටෝමොයෝ ඉශාන්ගේ පසුපසින්ම රැඳී සිටින්නට සමත් විය. ටෝමොයෝ ක්ෂණිකව ඉශාන් පසු කරමින් ඉදිරිය ගැනීමට සමත් විය. කෙසේ වෙතත් වංගුවක් අසල සිදු වූ ගැටීමක් නිසා ඉශාන්ගේ පසුපස රෝදයේ හුලං බැසීමකට ලක්වූ අතර ඔහුට අවසන් වට හතර තරණය කරන්නට සිදු වූයේ හුලං නොමැති රෝදයක් සමඟය. පළමු තරගයේ වැඩි ගෞරව දිනා ගැනීමට ටෝමොයෝ සමත් විය.
2018 විජයබාහු මොටෝක්‍රොස් නවමු වෙනසකින්
ශ්‍රී ලංකා යුද හමුදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් 16 වැනි වරටත් සංවිධානය කරනු ලබන, ශ්‍රී …
දෙවන තරගයට මිනිත්තු කිහිපයකට පෙර නැවත දැඩි වර්ෂාවක් ඇද හැලුණු අතර ක්‍රීඩකයන්ට දැඩි අභියෝගයක් එල්ල කරමින් ධාවන පථය මැද ජලය රැඳී තිබුණි. පළමු තරගයේ මෙන්ම දෙවන තරගයේ ද ඉශාන් පෙරමුණ ගත්ත ද, ජපන් ක්‍රීඩකයා ඔහුගේ පසුපසින්ම රැඳී සිටින්නට සමත් විය. එක්තරා වංගුවක දී ඉශාන් පසු කරමින් ටෝමොයෝ ඉදිරියට ඇදුණ ද, නැවත ඉක්මනින්ම ඉශාන් පෙරමුණ ගන්නට සමත් විය. නැවත වරක් ජපන් ශූරයා ඉශාන්ගේ මාවත අවහිර කරමින් පෙරමුණ ගත් අතර ඔහු පසුපස ධාවනයේ නිරත වූ ඉශාන් හට සිය සමබරතාව ගිලිහි ගිය බැවින් ජපන් ශූරයා හට හිමි වූ ඉමහත් වාසියෙන් ටෝමොයෝ දෙවන තරගයත් ජය ගැනීමට සමත් විය.
MX 250cc කාණ්ඩයේ තරග දෙකම පරාජය වුවද ලකුණු 54ක් සමඟින් ඉශාන් හොඳම ධාවකයා ලෙස ශූරතාවය දිනා ගත්තේ MX 125cc කාණ්ඩයේ ජයග්‍රහණය නිසාවෙනි.
ශ්‍රී ලංකා යුධ හමුදා සංඥා බලකායේ බුද්ධික කසුන් සිල්වා දිගම පිම්ම අභියෝගතාවයේ ශූරතාව දිනුවේ මීටර 120ක දුරක් වාර්තා කරමිනි. මේ අභියෝගයේ වාර්තාව පිහිටුවා ඇත්තේ පසුගිය වසරේ මීටර 122ක දුරක් වාර්තා කළ සමීර ප්‍රේමරත්න විසිනි.

මඩ සහිත වූ ප්‍රදේශයේ ඇද වැටුනත් කල්හාර පළමු තරගය ජය ගත්තේ අනෙක් තරගකරුවන්ට වඩා සෑහෙන දුරක් ඉදිරියෙන් සිටිමිනි. දෙවන තරගයේ දී ද කල්හාර ඉතා හොඳ ආරම්භයක් ලබා ගත්ත ද වංගුවක දී සිය සමබරතාවය ගිලිහි ගිය නිසා ඉන් වාසිය ලබා ගත් කේසර ගොඩගේ දෙවන තරගයේ ජය සීමාව පළමුවැනියා ලෙස පසුකර යන්නට සමත් විය. කල්හාර මේ වසරේ වයස අවුරුදු 15න් පහළ කාණ්ඩයට ක්‍රීඩා කරන්නේ අවසාන වරට වන අතර ලබන වසරේ දී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සමඟ කරට කර තරගයකට මේ යොවුන් ක්‍රීඩකයා අවතීර්ණ වනු ඇත.
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<






















