පිළියන්දලයින් පරාජය කරමින් ආනන්දයට මංගල ජය

1346

සිංගර් පාසල් රග්බි ලීගයේ බී කාණ්ඩයේ තවත් තරගයක් ඊයේ (20) පැවතියේ කොළඹ ආනන්ද විද්‍යාලය සහ පිළියන්දල මධ්‍ය විද්‍යාලය අතරයි. ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 67-00ක් ලෙස පහසු ජයක් ලබා ගැනීමට ආනන්ද විදුහල් ක්‍රීඩකයින් සමත් විය.

දෙවන අර්ධයේ වෙස්ලි ප්‍රහාරයෙන් ඉසිපතනය නූලෙන් බේරෙයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තවත් තරගයක් අද (20) කොළඹ ඉසිපතන විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය අතර ලොන්ඩන් පෙදෙස…

පළමු අර්ධයේ සිටම තම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසය දියත් කරමින් තරගයේ පළමු උත්සාහක දිනුම ආනන්ද ක්‍රීඩක ඩී.එස්. චානුක විසින් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය එස්. තිලකරත්න සාර්ථක කරගත්තේය. (07-00)

තරගයේ ප්‍රතිවාදීන්ගේ  අඩුපාඩු මනාව වටහා ගත් ආනන්ද ක්‍රීඩකයින් පිළියන්දල ආරක්ෂක වළල්ල අතික්‍රමණය කරමින් බී. කේ. මෙන්ඩිස් හා එච්. ජී. පෙරේරා පිළිවෙළින් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ අතර ඉන් එක් ප්‍රවර්තනයක් එස්. තිලකරත්න විසින් සාර්ථක කරගත්තේය. (19-00)

තරගයේ ඡායාරූප ඇල්බමය

ඉන් නොනැවතුණු ආනන්දීය ඉදිරි පෙළින් තවත් උපායශීලී උත්සාහක දිනුම් දෙකක්ම වාර්තා වූයේ පළමු අර්ධයේ පැහැදිලි ඉදිරිය පිළියන්දල මධ්‍ය විද්‍යාලයෙන් උදුරා ගනිමිනි. එම උත්සාහක දිනුම් දෙක වාර්තා වූයේ  වයි. කේ. වීරසිංහ හා ආර්. දිලංග ගෙනි. ඒවායේ ප්‍රවර්තන අසාර්ථකයි. (29-00)

පළමු අර්ධය: ආනන්ද විද්‍යාලය 29 – 00 පිළියන්දල මධ්‍ය විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගතවෙත්ම තවත් උත්සාහක දිනුම් ද්විත්වයක් ආනන්දය වෙනුවෙන් පිළිවෙළින් වාර්තා වූයේ කේ. බැරී හා කේ. මෙන්ඩිස් ක්‍රීඩකයින් ගෙනි. එයින් එක් ප්‍රවර්තනයක් ද සාර්ථකයි. (41-00)

පරාජයෙන් ගැලවීමේ අදිටනින් දිගින් දිගටම පිළියන්දල ක්‍රීඩකයන් ආනන්ද ක්‍රීඩකයින් වෙත පීඩනය එල්ල  කරනු පෙනුණ ද, එය සාර්ථකව ව්‍යර්ථ කරමින් තවත් උත්සාහක දිනුම් දෙකක්ම ආනන්ද ක්‍රීඩකයින්ගෙන් වාර්තා වූයේ තරගයේ පැහැදිලි ඉදිරිය තමන් සතු කර ගනිමිනි. ඒවා චානුක හා මෙන්ඩිස්ගේ නමට බැර විය. ඒ අතරින් එක් ප්‍රවර්තනයක් සාර්ථකයි. (53-00)

කිංස්වුඩ් මෙහෙයුම අසාර්ථකයි; ජෝසප්වරුන්ට තියුණු ජයක්

‘Singer’ පාසල් රග්බි ලීග් තරගාවලියේ ‘A’ කාණ්ඩයේ පළමු කාණ්ඩය යටතේ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ මහනුවර කිංස්වුඩ් විද්‍යාලය…

තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුල නැවතත් ක්‍රියාත්මක වූ කේ. මෙන්ඩිස්  හා ජී. පෙරේරා තවත් උත්සාහක දිනුම් දෙකක් ලබා ගත්තේ ප්‍රතිවාදී සියලු බලාපොරොත්තු සුන්  කරමිනි. ඒවායේ ප්‍රවර්තන ද සාර්ථකයි. (67-00)

අවසන් ලකුණු තත්වය: ආනන්ද විද්‍යාලය (11T, 6C) 67 – 00 පිළියන්දල මධ්‍ය විද්‍යාලය

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • ආනන්ද විද්‍යාලය – බී. කේ. මෙන්ඩිස් 4T, එච්. ජී. පෙරේරා 2T, ආර්. දිලංග 1T , එස්. චානුක 2T, කේ. වීරසිංහ 1T, කේ. බැරී 1T, එස්. තිලකරත්න 6C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<