කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
සාන්ත සර්වේශස් විදුහල ශූරතාවය ජය ගනී

ඊයේ (30දා) කොළඹ මුවර්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති අවසන් මහා තරගයෙන් දී ඔවුන් මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව ලකුණු 209ක දැවැන්ත ජයක් හිමිකර ගතහ. පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත සර්වේශස් විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 278ක් රැස් කළ අතර ප්‍රතිවාදී ඉනිම ක්‍රීඩා කළ සාන්ත අන්තෝනි විද්‍යාලයට ලබා ගත හැකි වූයේ ලකුණු 69ක් පමණි.
සම්පූර්ණ වාර්තාව: පහත රට සාන්තුවරයෝ ශූරතාව මාතොටට ගෙන යයි
ශූරයින්ගේ කුසලානය ආරම්භ වේ

ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩාවේ අනාගත අභිවෘද්ධිය උදෙසා නිරන්තරයෙන් කැපවෙන ඩයලොග් ආසිආටා පෞද්ගලික සමාගම විසින් 12 වන වරටත් අනුග්‍රාහකත්වය ලබා දෙන මෙම පාපන්දු තරගාවලිය, ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන දැවැන්තම පාපන්දු තරගාවලිය ලෙස ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන්ගේ පැසසුමට සහ අවධානයට ලක්වී ඇත






















