ආසියානු 20න් පහළ සත් සාමාජික රග්බි ශූරතාවයේ වර්තමාන අයිතිකරුවන් වන ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං බලා පිටත් වීමට නියමිතයි. ඒ ලබන සතියේ දී ආරම්භ වන ආසියානු 20න් පහළ සත් සාමාජික ශූරතාවයට සහභාගී වීම සඳහායි.

නවීන් හේනකන්කානම්ගේට නායකත්වය

පසුගිය අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලිවල දී කැපී පෙනෙන දස්කම් දැක්වූ මෙන්ම..

මෙම තරගාවලිය හොංකොං හී “කිංග්ස් පාර්ක්” පිටියේ දී පැවැත්වෙන අතර පසුගිය වසර (2016) මෙන් නොව මෙවර තරගාවලිය අදියර දෙකක් යටතේ පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර ඇත. එහි පළමු අදියර හොං කොං හිදී  පැවැත්වෙන අතර දෙවැනි අදියර මැලේසියාවේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව විසින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තෝරා ගෙන ඇති අතර අතිරේක ක්‍රීඩකයින් සමඟ අවසන් නාමාවලිය හෙට (29) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

කෙසේ නමුත් වේගවත් රග්බි තරුවක් වන දියත් ප්‍රනාන්දු (සාන්ත පීතර විද්‍යාලය) සහ දක්ෂ තරග වෙනස් කරන්නෙකු ලෙස සැලකෙන හරිත් බණ්ඩාර (ඉසිපතන විද්‍යාලය) ආබාධවලට ලක්වීම හේතුවෙන් තරගාවලිය අහිමි වී ඇත.

සංචිතය

  • අවිෂ්ක ලී – (වෙස්ලි විද්‍යාලය)
  • රමේෂ් ප්‍රනාන්දු – (සාන්ත පීතර විද්‍යාලය/ හැව්ලොක් ක්‍රී.ස)
  • ලහිරු හේරත්- සී. ඩබ්.ඩබ්. කන්නන්ගර විද්‍යාලය/ නාවික හමුදා ක්‍රී.ස
  • සුරංග බණ්ඩාර – පොලිස් ක්‍රී.ස
  • චතුර සෙනෙවිරත්න – සාන්ත ජෝසප් විද්‍යාලය
  • තීක්ෂණ දසනායක – සාන්ත පීතර විද්‍යාලය
  • සංදේශ ජයවික්‍රම- සාන්ත පීතර විද්‍යාලය/ පොලිස් ක්‍රී.ස
  • වජිඩ් ෆාමී – සහිරා විද්‍යාලය / පොලිස් ක්‍රී.ස
  • තනුජ මධුරංග – විද්‍යා විද්‍යාලය / නාවික හමුදා ක්‍රී.ස
  • රනිදු පද්මසංක- ඉසිපතන විද්‍යාලය
  • අදීෂ වීරතුංග – ඉසිපතන විද්‍යාලය/ නාවික හමුදා ක්‍රී.ස
  • චමෝද් ප්‍රනාන්දු – ඉසිපතන විද්‍යාලය
  • සුපුන් ඩිල්ෂාන් (උප නායක) – විද්‍යා විද්‍යාලය/ නාවික හමුදා ක්‍රී.ස
  • නවීන් හේනකන්කානම්ගේ (නායක ) – සාන්ත තෝමස් විද්‍යාලය
  • දිනුක් අමරසිංහ – සාන්ත අන්තෝනි විද්‍යාලය

තරගාවලියේ පසුගිය වසරේ ශ්‍රේණිගත කිරීම්

  1. ශ්‍රී ලංකාව
  2. දකුණු කොරියාව
  3. හොංකොං
  4. මැලේසියාව
  5. චීන තායිපේ
  6. තායිලන්තය
  7. සිංගප්පූරුව
  8. චීනය
  9. පිලිපීනය
  10. උස්බෙකිස්තානය

කණ්ඩායම් කාණ්ඩගත වී ඇති ආකාරය

  • A කාණ්ඩය – ශ්‍රී ලංකාව, මැලේසියාව, තායිපේ, චීනය, පිලිපීනය
  • B කාණ්ඩය – දකුණු කොරියාව, හොංකොං, තායිලන්තය, සිංගප්පූරුව, උස්බෙකිස්තානය

තරගාවලිය අගෝස්තු 4 සහ 5 දිනවල දී පැවැත්වීමට නියමිත අතර, ThePapare.com ඔබට සජීවී තරග විකාශය රැගෙන ඒමට සූදානමින් සිටියි.

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට