පුරා සති 14කට ආසන්න කාළ සීමාවක් රග්බි පිටිය උණුසුම් කරමින් පැවැත්වු ඩයලොග් රග්බි ලීග් තරගාවලිය, අපරාජිත ජයග්‍රාහකයින් වන මහනුවර පිළ, කුසලානය සිය දෝතින් රැගෙන යෑමත් සමඟ රග්බි පිටියට කෙටි කාලීන නිවාඩුවක් ලැබුනි. මේ ආකාරයේ විවේකයක් ලැබුනේ සියළු කණ්ඩායම් නැවත තවත් එක් කුසලානයක් අභිමුව ක්‍රීඩා කීරීමට සූදානම් වීම සඳහායි.
එය නම් 1911 සිට අඛණ්ඩව පැවැත්වෙන ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියයි . මෙය ආසියාවේ පැවැත්වෙන පැරණිතම රග්බි තරගාවලිය ද වේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන ජාලය වන ඩයලොග් ආසිආටා සමාගමේ අනුග්රකත්වයෙන් මෙවරත් තරගාවලිය ආරම්භ විය.
මේ දක්වා මහනුවර කණ්ඩායම 18ක් වතාවක්, CR & FC කණ්ඩායම 14 වතාවක්, හැව්ලොක්ස් කණ්ඩායම 13 වතාවක් ශූරතාවය දිනා ඇති අතර පොලිස් පිළ 8 වතාවක්ද, CH & FC පිළ 7 වතාවක් ද, යුධ හමුදා පිළ සහ ගුවන් හමුදා පිළ දෙවතාවක්ද සහ නාවික හමුදාව එක් වතාවක්ද බැඟින් ක්ලිෆර්ඩ් කුසලානයට උරුමකම් කියා ඇත.
තරගාවලියේ ඡායාරෑප සඳහා පිවිසෙන්න
CH & FC ක්‍රීඩා සමාජයට එරෙහිව මහනුවර ක්‍රීඩා සමාජය
ලකුණු සටහනේ ඉහලම රැඳී සිටින පිළ සහ අවසානයේම රැදි සිටින පිළ වන මහනුවර ක්‍රීඩා සමාජය සහ CH & FC ක්‍රීඩා සමාජය අතර තරගය පසුගිය සෙනසුරාදා එනම් 12වන දා මහනුවර නිත්තවෙල ක්‍රීඩා පිටියේදි පැවැත්විනි. සත්කාරකත්වය දරණ මහනුවර පිළට මෙය ඉතාමත් පහසු තරගයක් වු අතර තරගය නිමා වන විට ලකුණු 89 ට 7ක් ලෙසින් පෙරමුණ ගැනීමට මහනුවර පිළ සමත් විය.

දෙවන අර්ධයේදීත් සුපුරැදු පරිදිම CH කණ්ඩායමට සාර්ථකත්වයට පත්වීම අවස්ථාවක් නොමැති වු අතර ප්‍රබල මහනුවර පිළ තම අණසක අඛන්ඩව දෙවන අර්ධය නිමාවන තෙක් පිටිය පුරා විහිදා දැක්විය. එය මනාවට කියාපාමින් විනාඩි 45ක කාළය තුළ උත්සහක දිනුම් 9ක් ලබා ගැනීමට මහනුවර පිළ සමත්විය. මහනුවර පිළට අභියෝගයක් වීමට CH පිළට කිසිසේත් නොහැකි වු අතර දෙවන අර්ධයේදි එකදු ලකුණක් හෝ ලබා ගැනීමට CH පිළට නොහැකි විය.
තරගාවලියේ ඡායාරෑප සඳහා පිවිසෙන්න
ලකුණු සටහන
මහනුවර පිළ: උත්සහක දිනුම් 13ක් සහ ප්‍රවර්තන 12කි (89)
CH & FC පිළ: උත්සහක දිනුම් 1ක් සහ ප්‍රවර්තන 1කි (7)
CR & FC ක්‍රීඩා සමාජයට එරෙහිව යුධ හමුදා ක්‍රීඩා සමාජය
ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලානයේ තවත් එක් තරගයක් වන මෙය පසුගිය 11වන දා කොළඹ තුරඟ තරග පිටියේදි පැවත්විනි. ඉතා උණුසුම් හා තියුණු කරට කර තරගයකින් පසුව CR & FC ක්‍රීඩා සමාජය ජයග්‍රණය සනිටුහන් කරනු ලැබීය.

කෙසේ නමුත් දෙවන අර්ධය ආරම්භවත්ම සෙබළුන් තම ලකුණු සටහනට ලකුණු 7ක් එක්කර ගන්නේ උත්සහක දිනුමක් සහ ප්රවර්තනයක් සාර්ථක කර ගනිමිනි. වඩාත් තියුණු තරග විලාසයකින් ක්‍රීඩා කරන ආකාරය දුටු සෙබළුන්ට අභියෝග කිරීමට CR & FC ක්‍රීඩකයෝ සමත් වන්නේ මෙවිටයි. සෙබළුන් තමන්ට ලැබෙන අවස්ථාවන් මගහරිමින් ඉදිරියට ඇදෙන විට CR & FC පිල ලකුණු රැස්කරමින් දෙවන අර්ධය අවසන් කලේ සෙබළුන් අසරණ කරමින් ලකුණු 9ක පරතරයක් සහිතව තරගය නිමා කරමිනි.
ලකුණු සටහන
CR & FC පිළ: උත්සහක දිනුම් 4ක්, ප්රවර්ථන 3ක් සහ දඩුවම් පහර 3කි (35)
යුධ හමුදා පිළ: උත්සහක දිනුම් 4ක් සහ ප්රවර්ථන 3කි (26)
හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලානයේ තවත් තරගයක් ප්‍රබල හැව්ලොක්ස් පිළ සහ ගුවන් හමුදාව අතර පැවැත්වුයේ පසුගිය මාර්තු මස 10 වනදා තුරඟ තරග පිටියේදීය. ලකුණු සටහනේ දෙවන ස්ථනයෙහි පසු වන හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ඔවුන්ගේ දක්ෂ ක්‍රීඩා කෞෂල්‍ය මනා වට විදහා දක්වමින් ලකුණු 20 – 11 ක් ලෙස ගුවන් හමුදාව පරදවා ජය ලබා ගැනීමට සමත් විය.

සුපුරැදු විවේකයෙන් පසුව නැවතත් ඇරඹි තරගයේ මද වේලාවකට පසුව ගුවන් හමුදාව නියෝජය කරන කෞෂල්‍ය මනුප්‍රිය විසින් උත්සහක දිනුමක් ලබා ගත් අතර එහි ප්‍රවර්ථනය චරිත් සෙනෙවිරත්න විසින් අසාර්ථක කරගන්නා ලදි. හැව්ලොක්ස් ක්රීඩකයෝද දඩුවම් පහරක් සාර්ථක කරගත් අතර දෙපිළම දෙවන අර්ධයේදි ඒ තරම් සාර්ථකත්වකත්යක් ලබා ගත් බවක් හැගි නොයයි.
තරගාවලියේ ඡායාරෑප සඳහා පිවිසෙන්න
ලකුණු සටහන:
හැව්ලොක්ස් පිළ: උත්සහක දිනුම් 2ක්, ප්‍රවර්තන 2ක් සහ දඩුවම් පහර දෙකකි (20)
යුධ හමුදා පිළ: උත්සහක දිනුම් 1ක් සහ දඩුවම් පහර 2කි (11)
නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව පොලිස් ක්‍රීඩා සමාජය
නාවික හමුදා පිළ සහ පොලිස් පිළ අතර පැවති තරගයේ 19 – 10 ක් ලෙස නාවිකයන් ජයග්‍රණය කලේය. තරගය කොළඹ තුරඟ තරග පිටියේ පසුගිය 13වනදා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුන ද අපවත්වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී නාහිමියන් වෙනුවෙන් ශෝක දිනයක් ලෙස නම් කර තිබීම හේතුවෙන් තරගය ඊයේ දිනයේ (14) තුරඟ තරග පිටියේදි පැවැත්විනි.

විවේකී කාළයෙන් පසුව ඇරඹි දෙවන වටයේදි පොලිස්භටයන් කිසිවෙකුට හිස එසවීමට ඉඩ නොදුන් නාවිකයෝ තුරඟ තරග පිටිය ආක්‍රමණය කරමින් ලකුණු රැස් කිරීම ආරම්භ කරන ලදි. දෙවන අර්ධයේදි පොලිස් කණ්ඩායම කිසිදු ලකුණක් රැස් කිරීමට අපොහෙසෙත් වු අතර නාවිකයෝ ප්‍රවර්ථනයක් සහ දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් තවත් ලකුණු 9ක් තම කණ්ඩායමට එක් කිරීමට සමත් වූහ.
ලකුණු සටහන:
නාවික හමුදා පිළ: උත්සහක දිනුම් 2ක් සහ දඩුවම් පහර 3කි (19)
පොලිස් පිළ: එක් උත්සහක දිනුමක්, එක් ප්‍රවර්ථනයක් සහ එක් දඩුවම් පහරකි (10)






















