කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර 96 වැනි වරටත් පැවැති සුලෝහිත සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (01) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී 77 වැනි වරටත් විසඳුමකින් තොරව අවසන් වුණා.
මෙවර තරගයේ දී සුලෝහිත සංග්‍රාමයට ශතක 3ක් එක්වීම විශේෂත්වයක් වූ අතර දෙවිදුහල් හී ක්‍රීඩකයෝ තරගය අවසන් කරන්නේ ඉනිම් 4ක කඩුලු 22ක් පමණක් දැවී ලකුණු 955ක් එක් කරමිනුයි.
- 96වන ආනන්ද – නාලන්ද “Battle of the Maroons” මහ ක්රිකට් තරඟයේ පළමු දින වාර්තා
- නෙමිඳුත් සුලෝහිත සංග්‍රාමයට ශතකයක් එක් කරයි
තරගයේ තෙවැනි දිනය ආරම්භ වෙන්නේ නාලන්දා විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 278ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී ඔවුන් ප්‍රතිවාදී ආනන්ද විද්‍යාලය ලබා සිටි ලකුණු සංඛ්‍යාවට වඩා සිටියේ ලකුණු 75ක් පිටුපසින්. පිටියේ ශතකලාභී නෙමිඳු අක්මීමන සහ මිහින් සොයිසා නොදැවී රැඳී සිටි අතර ඔවුන් දෙදෙනා එක් ව අද දවසට ලකුණු 61ක ක සබඳතාවක් එක් කරනවා.
ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසින් නෙමිඳු අක්මීමන දැවී යන අතර ඒ වෙද්දී ඔහු පන්දු 245කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 142ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව මිහින් සොයිසා හා පිටියට එක් වෙන්නේ ගෙවිඳු මනම්පේරි. ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට ලකුණු 75ක සබඳතාවක් එක් කරන අතර ඒ වෙද්දී ඔවුන් පළමු ඉනිමේ ජයග්‍රහණය කරා ද රැගෙන ගියා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ ගෙවිඳු මනම්පේරි ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව නාලන්දා ඉනිමට තවත් ලකුණු 10ක් එක් වෙද්දී මිහින් සොයිසා ද දැවී යනවා. ඔහු දැවී යන්නේ මෙවර සුලෝහිත සංග්‍රාමයට නාලන්දාවෙන් එක් වූ 2 වැනි ශතකයත් වාර්තා කරමිනුයි. ඔහු දැවී යන විට පන්දු 214කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 119ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ පළමු පන්දුවේ දී නාලන්දා ඉනිමේ තවත් කඩුල්ලක් දැවී යන අතර ඒ සමඟින් ඔවුන්ගේ ඉනිම අත් හිටුවනවා. ඒ වෙද්දී ඔවුන්ගේ ලකුණු පුවරුව කඩුලු 8ක් දැවී ලකුණු 424ක් ලෙසින් සටහන් ව තිබුණා.
කඩුලු දවා ගැනීමේ දී නායක කිත්ම විදානපතිරණ ලකුණු 83කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර ඊට අමතර ව හිමිර කුඩාගම, ශාරද ජයරත්න, චමත්ක ඉරුෂ, දනිඳු සෙල්ලප්පෙරුම සහ දසිත් බටුගහගේ කඩුල්ල බැගින් දවා ගත්තා.
- 96 වැනි සුලෝහිත සංග්‍රාමයට කඳවුරු බඳියි
- ශ්‍රී ලංකා – ඇෆ්ගන් ක්රිකට් තරගාවලියට දින නියම වෙයි
- SSC උසස් විමක් ලබා ගනිමින් Tier B තරගාවලිය අවසන් කරයි
ලකුණු 71ක් පිටුපසින් සිටිමින් තම 2 වැනි ඉනිම සඳහා පිටියට පිවිසි ආනන්ද ක්‍රීඩකයෝ එවර කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබා ගනිමින් ඉනිම අත් හිටුවනවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ දනිඳු සෙල්ලප්පෙරුම. ඔහු තමන් මුහුණ දුන් 75 වැනි පන්දුවේ දී තම අර්ධ ශතකය වාර්තා කරන්නේ තරගයේ වේගවත් ම අර්ධ ශතකය වාර්තා කළ ක්‍රීඩකයා ලෙසයි.
ඔහු ඉනිමේ 6 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 132කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් ලකුණු 96ක් ලබා සිටියා.
ඔහු හිමිර කුඩාගම හා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 81ක සබඳතාවක් ද එක් කරනවා. හිමිර කුඩාගම පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා.
ඔවුන්ට අමතර ව නායක කිත්ම විදානපතිරණ පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දුනිත් අනුසාර ලකුණු 30කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභියා වෙද්දී ඔෂද හෙට්ටිආරච්චි කඩුලු ද්විත්වයක් ද සහ හසිත් රත්නායක කඩුල්ලක් ද දවා ගත්තා.
ජයග්‍රහණය සඳහා ලකුණු 100ක හඹායන ඉනිමකට පිටියට පිවිසි නාලන්දා ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට පන්දු වාර 2ක දී කිසිවෙක් නොදැවී ලකුණු 8ක් ලබා සිටියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ආනන්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– පළමු ඉනිම කඩුලු 8ක් දැවී 353(88.0) නෙතුල එදිරිමාන්න 165, දනිඳු සෙල්ලපෙරුම 33, හිමිර කුඩාගම 24, ශාරද ජයරත්න 38, ඔවින් පෙරේරා 53, ඔෂඳ හෙට්ටිආරච්චි 2/60
- නාලන්දා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 424 (122.1) රන්මිත් දිනුවර 31,නෙමිඳු අක්මීමන 142, ඔෂඳ හෙට්ටිආරච්චි 55, මිහින් සොයිසා 119, ගෙවිඳු මනම්පේරි 35, කිත්ම විදානපතිරණ 3/83
- ආනන්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම –දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 170 (42.0)දනිඳු සෙල්ලප්පෙරුම 96, හිමිර කුඩාගම 23, කිත්ම විදානපතිරණ 33, ඔෂඳ හෙට්ටිආරච්චි 2/37, දුනිත් අනුසාර 3/30
- නාලන්දා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 8 (2.0)
තරගයේ විසඳුමක් නෑ.
දක්ෂතම පිතිකරු – නෙමිඳු අක්මීමන (නාලන්දා විද්‍යාලය)
දක්ෂතම පන්දු යවන්නා – ඔෂඳ හෙට්ටිආරචිචි (නාලන්දා විද්‍යාලය)
දක්ෂතම පන්දු රකින්නා – ගෙවිඳු මනම්පේරි (නාලන්දා විද්‍යාලය)
තරගයේ වීරයා – නෙතුල එදිරිමාන්න (ආනන්ද විද්‍යාලය)
දෙවිදුහල් අතර පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර තරගය පළමු වරට දිවා/රාත්‍රී තරගයක් ලෙසින් මාර්තු මස 7 වැනිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
මෙම තරගයේ සජීවී දසුන් Dialog TV Channel 126 ඔස්සේ ThePapare 1, ThePapare.com සහ Dialog Play app ඔස්සේ නැරඹීමට ඔබට අවස්ථාව උදාකර ඇත.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















