ලෝක කුසලාන ඉතිහාසය 7- දෙවන වන කොටස

74

ජයසුරිය එංගලන්තය මෙල්ල කරයි……

ටෙස්ට් තරග ක්‍රීඩා කරන රටවල් එකක් වත් පරාජය කිරිමට නොහැකි වූ එංගලන්තය, ශ්‍රි ලංකා පිල සමගින් අර්ධ අවසන් පුර්ව තරගයට එක් වුයේ මාර්තු 9 වන දින ෆයිසාලාබාඩ් හිදි ය. කාසියේ වාසිය දිනා ගැනිමෙන් පසු එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කලේ වැඩි ලකුණු සංඛයාවක් රැස් මර ගැනිමටය. කෙසෙ නමුත් එංගලන්ත කඩුළු එකින් එක බිද වැටි අවසානයේදි ඕවර 50කදි රැස් කරගැනිමට හැකි වුයේ ලකුණු 235ක් පමණියි. මුරලිධරන්, ජයසුරිය හා ධර්මසේන කඩුළු 2ක බැගින් ලබා ගත්තෙය. එංගලන්ත ක්‍රීඩක ඩී ෆ්‍රෙටස් තම මංගල අර්ධ ශතකය රැස් කලේ ලකුණු 67ක් ලබා ගනිමින්ය. 

කළුවිතාරණ මුලදි දැවි ගියද, ජයසුරිය තම සුපුරුදු දක්ෂතා පෙන්විය. ඔහු එංගලන්ත පන්දුයවන්නකු වූ ඉලින්වොර්ත් ඉලක්ක කොට හතරේ පහර හතරක් රැස් කලේය. ඩී ෆ්‍රෙටස්ගේ ඕවර දෙක තුලදි ලකුණු 32ක් රැස්කල ජයසුරිය හට ලකුණු 82ක් ලබාගැනිමට ගතවුයේ පන්දු 44ක් පමණියි. ඔහුගෙ ඉනිමට හතරේ පහර 13ක් හා දැවැන්ත හයේ පහර 3ක් ඇතුලත් විය. එංගලන්ත කඩුළු රකින ක්‍රීඩක ජැක් රසල් විසින් ජයසුරිය දවාගත්තද, එංගලන්තය තරගය පරාජය වී තිබිණි. ඕවර 13ක් තුලදි කඩුළු 2ක් පමණක් දැවි ලකුණු 113ක් ලැබිමට තරම් සිංහ පිල ශක්තිමත් විය. ඕවර 9ක්ද අතැතිව සිංහයින් ජය ලැබු අතර එංගලන්තය අවසන් පුර්ව තරගයකට සුදුසුකම් නොලැබුවේ ඉතිහාසයේ ප්‍රථම වතාවතටය.

 

චින්නස්වාමියේ උණුසුම් හුවමාරුව…..

ඉන්දියාව හා පකිස්ථානය අතර උණුසුම් තරගයක් බැංගලොර් හිදි පැවැත්වින. දෙරටෙහිම ප්‍රෙක්ෂකයින් විශාල සංඛයාවක් තරගය නැරඹිමට පැමිණ සිටියේය. කාසියේ වාසිය දිනාගෙන ඉනිදියානුවන් ලකුණු 287ක් රැස් කලේ කඩුළු 8ක් පමණක් අහිමි කරගෙනය. ආරම්භක පිතිකරුවෙක් වූ නව්ජොත් සිදූ ලකුණු 93ක් රැස් කලේය. කඩුළු අතැතිව තිබුණද 4.5 අඩු ලකුණු වේගයක් ඉන්දියානුවන් හට තිබිණ. නමුත් අජේ ජඩෙජා පන්දු 25කදි ලකුණු 45 ක් රැස් කලේ අවසන් ඕවර 3 තුලදි ලකුණු 51ක් ද රැස් කරමින්ය. වාකාර් යුනීස් කඩුළු 2ක් දවාගත්තද ඔහුට එරෙහිව ලකුණු 40ක් රැස් කිරිමට ඉන්දියානුවන් සමත් විය.

පකිස්ථානු ආරම්භක පිතිකරු යුගලය, සායීඩ් අන්වර් හා නායක ආමේර් සොහයිල් ලකුණු 84ක ශක්තිමත් ආරම්භයක් ලබා ගත්තේය. අන්වර් ලකුණු 48කට දැවිගියේ ජවගල් ශ්‍රිනාත් හටය. නමුත් සොහයිල් පන්දු 45කදි ලකුණු 55ක් රැස් කලේ ප්‍රසාදිගෙ පන්දු හතරේ සීමාවට එල්ල කරමින්ය. ඕවර 15කදි එක් කඩුල්ලක් පමණක් දැවි ලකුණු 113ක් ලබාගැනිමට පකිස්තානුවන් සමත් විය. තරගයේ උණුසුම් අවස්ථවකදි සොහයිල් හා ප්‍රසාද් අතර උණුසුම් තත්වයක් හටගත් අතර එය අවසන් වුයේ ප්‍රසාද් විසින් සොහයිල්ගේ කඩුල්ල දවා ගැනිමත් සමගය. මෙය සමග සියල්ල වෙනස් විය. පකිස්ථානු ඉනිම කණපිට හැරිණ. ලෝක කුසලාන 6කට සහභගි වූ මියන්ඩඩ් ලකුණ් 38ක් ලබා සිටියදි දුවද්දි දැවි ගියෙය. අවසානයේදි පකිස්තානු ඉනිම 248කට සීමා කිරිමට ඉන්දියානුවන් සමත් වුනේය. 

 

ලාරාගේ ඉනිම ප්‍රියතමයන් ගෙදර යවයි…..

දකුණු අප්‍රිකාව හා කොදෙව්වන් අතර තරගය මාර්තු 1වන දින පැවැත්විය. දකුණු අප්‍රිකා පිලට පෝල් ඇඩම්ස් එක් වුයේ වේග පන්දු යවන ක්‍රීඩක ඇලන් ඩොනල්ඩ් වෙනුවෙන්ය. කාසියේ වාසියෙන් පසුව කොදෙව්වන් පළමුව පන්දුවට පහදිමට තිරණය කලේය. කර්ට්නි බ්‍රවුන් ලකුණු 26කට දැවි ගියද බ්‍රයන් ලාරා හා චන්ද්‍රපෝල් ඕවා 25කදි ලකුණු 138ක් රැස් කලේය. ලාරා හා චන්ද්‍රපෝල් එක්ව හොදින් ලකුණු රැස් කලද චන්ද්‍රපෝල් ලකුණු 56කට දැවි ගියේය. ලාරා තම ඉනිම තවදුරටත් පවත්වාගෙන යමින් පන්දු 94කදි අගනා ලකුණු 111ක් රැස් කලේය. කෙසෙනමුත් කොදෙව් ඉනිම බිද වැටිමට පටන් ගත් අතර අවසන් ඕවර 10 තුල ඔවුන් රැස් කලේ ලකුණු 48ක් පමණියි. කොදෙව්වන් කඩුළු 8ක් දැවි ලකුණු 264ක් රැස් කලේය.

දකුණු අප්‍රිකානු පිතිකරුවන් වූ ඩැරිල් කුලියන් හා ඇන්ඩෲ හඩ්සන්ගෙ සම්බන්දතවය නිසා ඕවර 25කදි එක් කඩුල්ලක් පමණක් දැවි ලකුණු 118ක් රැස් කිරිමට දකුණු අප්‍රිකා පිල සමත් විය. නමුත් කොදෙව් ක්‍රීඩක ජිමි ඇඩම්ස් විසින් මෙම පිතිකරු යුගලය දවා ගැනිමෙන් පසු සියල්ල ව්නස් මගකට යොමුවිය. අවසානයේදි දකුණු අප්‍රීකාව සියළු දෙනා දැවි ලකුණු 245ක් රැස් කලේ තරගෙයේ ජය කොදෙව්වන් සතු කරමින්ය.

 

වොග් ඕස්ට්‍රේලියානුවන්ට ජය අත්කර දෙයි….

කොදෙව්වන් ජයගත් දිනයේදිම ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය චෙන්නායි හිදි තරග වැදිණ. නවසීලන්ත නායක ලී ගර්මන් පළමුවෙන් පන්දුවට පහරදිමට තීරණය කලේය. ගර්මන් හා ක්‍රිස් හැරිස් සිව්වන කඩුල්ල සදහා ලකුණු 168ක් රැස් කල අතර ඒ වන විට නවසීලන්තය ඕවර 33කදි කඩුළු 3ක් දැවි ලකුණු 200 රැස් කරගෙන සිටියෙය. නායක ගර්මන් තම මංගල අර්ධ ශතකය රැස් කලේ ලකුණු 89ක් සමගින්ය. ක්‍රිස් හැරිස් තම ප්‍රථම ශතකය රැස් කලේ පන්දු 124කදි ලකුණු 130 ලබා ගනිමින්ය. නමුත් හැරිස්ගේ උඩ පන්දුවක් හතරේ සීමාවේදි එක අතින් රැක ගැනිමට රෙයිෆල් සමත් වුයේ ෂෙන් වොර්න් යැවු පන්දුවකටය. කෙසෙනමුත් ඕවුන් ලකුණු 286 ලබා ගනිමින් ඕස්ට්‍රෙලියානුවන්ට අසීරු ඉලක්කයක් ලබා දුන්නේය.

ඕස්ට්‍රේලියා ඉනිම ආරම්භයේදිම ලකුණු 10කට ටෙලර් දවා ගැනිමට දීපාක් පටෙල් සමත් විය. නමුත් මාර්ක් වොග් තම සහය  පිතිකරු වු වොර්න් සමග එක්ව තමා නමට තවත් ශතකයක් රැස් කලේය. වොර්න්ගේ කඩුල්ල බිද වැටිමත් සමගම මාර්ක් වොග්ගේ නිවුන් සහොදර ස්ටිව් පිතිකරණය පැමිණි අතර මාර්ක්ගේ නික්ම යාමත් සමග පිටියේ සිට පන්දුවට පහර දි ඕස්ට්‍රේලියානුවන්ට ජය අත් කර දුන්නේය.

 

ඉන්දියානුවන්ට අමිහිරි දිනයක්…..

මාර්තු 13වන දින ඊඩ්න් ගාර්ඩන් හිදි ශ්‍රි ලංකාව හා ඉන්දියාව අතර අර්ධ අවසන් පුර්ව තරගය පැවැත්විණ. රටවල් දෙකෙහිම බළාපොරොත්තු වැඩි මට්ටමක පැවැති බව පැමිණ සිටි 120,000 අධික ජනකාය තුලින් පෙනුණේය. ඉන්දියානු නායක කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකිමට පිටියට පිවිසියේය. පළමු ඕවරය තුලදිම ජයසුරිය හා කළුවිතාරණව පිටියෙන් ඉවත් කිරිමට ඉන්දියාව සමත් විය. ගුරුසිංහටද එම ඉරණම අත් විය. නමුත් අරවින්ද ද සිල්වා හා මහනාම ශ්‍රි ලංකා ඉනිම ගොඩ ගැනිමට සමත් විය. අරවින්ද පන්දු 47කින් ලකුණු 66ක් ලබා පිටිය වර්ණවත් කලේය. කඩුළු බිද වැටි තිබුනද, ඕවරයකට ලකුණු 5ක ලකුණු ලබා ගැනිමේ වේගයක් සිංහයින් සතු විය. පාදයේ ආබාධයක් නිසා ලකුණු 58ක් ලබා සිටි මහනාමට පිටියෙන් ඉවත් විමට සිදු විය. රණතුංග හා තිලකරත්න ලංකා පිල ලකුණු 251 ක ඉලක්කයක් වෙත ගෙන ගියෙය.

ඉලක්කය අපහසු නොවිය. තෙන්ඩුල්කාර් තම දක්ෂතා පෙන්වුයේ ඉන්දියානු පිල ලකුණු 98ක් වැනි ප්‍රබල ස්ථනයකට ගෙන එමින්ය. ඒ වන විට ඔවුන් එක් කඩුල්ලක් පමණක් දැවි සිටියේය. නමුත් සියල්ල වෙනස් වුයේ කළුව්තාරණ කඩුල්ල පිටුපස සිට තෙන්ඩුල්කර් දවා ගැනිමෙන් පසුවය. ඔහු ලකුණු 65කට දැවි ගියේය. මෙයින් පසු ඉන්දිය පිතුකරුවන් ඉක්මනින් දැවි ගියේය. ලකුණු 120කට කඩුළු 8ක් ලබා ගැනිමට තරම් සිංහයින් ප්‍රබල විය.ජයසුරිය ලකුණු 12කට කඩුළු 3ක් බිද දැමුවෙ තවත් උඩ පන්දු දෙකක් හා දුවද්දි දවා ගැනිමක් තම නමට එක් කරමින්ය. මේ කිසිවක් දරා ගත නොහැකිව ඉන්දියානු නරඹන්නන් ක්‍රීඩ පිටියට බොතල් විසිකරමින් හා පුටු ගිනි තබමින් විරෝධය පැවේය. ඕවර 15.5කදි ඉන්දියාවට ලකුණු 132 ලබා ගැනිමට අවශ්‍ය වුවද තරග විනිසුරු ක්ලිව් ලොයිඩ් තරගයේ ජය ශ්‍රි ලංකාවට අත් කර දුන්නෙය.

 

මොහලි හිදි අසරණ වු කොදෙව්වන්……

පසු දිනයේදි ඕස්ට්‍රේලියාව හා කොදෙව් පිල අතර අර්ධ අවසන් පුර්ව තරගය මොහලි හිදි පැවැත්විණ. පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානුවන් පළමුවෙන් කඩුළු 4ක් අහිමි කොටගෙන ලකුණු 15ක් ලබා සිටියද, ඔවුන් කෙසෙහො ලකුණු 207 ලබා ගත්තේය. ස්ටුවර්ට් ලො හා මයිකල් බෙවන් පිළිවෙලින් ලකුණු 72ක හා 69 බැගින් ලබා සිටියේය. කොදෙව්වන් කඩුළු 2ක් දැවි ලකුණු 165ක් රැස් කර සිටි අතර ජය ගැනිමට ඔවුන්ට අවශ්‍ය වුයේ ලකුණු 43ක් පමණියි. නමුත් ෂෙන් වොර්න් කඩුළු 3ක් ලබා ගත් අතර කොදෙව්වන් හට ජයගැනිමට ලකුණු 6ක් අව්ශ්‍ය වුයේ පන්දු 5කින්ය. ඇම්බ්‍රොස් දුවද්දි දැවි ගිය අතර වොල්ශ්ගේ කඩුල්ල ලබා ගැනිමට ඩෙමියන් ෆ්ලෙමින්ග් සමත් වූ අතර ඕස්ට්‍රේලියානුවන් හට කඩුළු 5ක ජයක් අත් විය.

 

අරවින්ද මුළු රටක් සනසයි….!!

අවසන් මහා තරගය ලහොර් හි ගඩාෆි පිටියේදි පැවැත්වුයේ මාර්තු 17ත් වන දිනය. කාසියේ වාසිය ලබාගත් රණතුංග පලමුවෙන් පන්දුවට පහර දිමට ඕස්ට්‍රේලියානුවන්ට ආරාධනා කලේය. මෙය ආන්දොලනාත්මක තිරණයක් වුයේ එතෙක් පැවැති ලෝක කුසලාන අවසන් තරග වලදි කිසිවෙකුත් හඹා ගොස් ජයගෙන නැති නිසාය. නායක මාර්ක් ටේලර් හා මාර්ක් වොග් පිටියට පැමිනියද ලකුණු 36කට මාර්ක් වොග්ගේ උඩ පන්දුව රැක ගැනිමට ජයසුරිය සමත් විය. නමුත් ටේලර් හා පොන්ටින් එක්ව ලකුණු 101ක් රැස් කලේය. ලකුණු 74ක් ලබා සිටි ටේලර්, අරවින්දගේ පන්දුවකට දැවිගියෙය. පොන්ටින්ගේ කඩුල්ලද ලකුණු 45කට දවා ගත්තේ අරවින්ද විසින්මය. නව පිතිකරුවන් දෙපළ ඉලක්ක කොට පන්දු යැවු ශ්‍රි ලංකා පන්දු යවන්නන් ඕවර 40කට ලබාදි තිබුණේ ලකුණු 178ක් පමණියි.නමුත් බෙවන් හා ලෝ විසින් ඕස්ට්‍රේලියානු පිලට ලකුණු 241ක හොද ලකුණු සංඛ‍යාවක් ලබා දුන්නෙය.

ක්‍රීඩා කිරිමට පිටියට පිවිසි ජයසුරිය දුවද්දි දැවි ගිය අතර කළුවිතාරණ ලකුණු 6ක් පමණක් රැස් කර පිටියෙන් ඉවත් වුයේ ෆ්ලෙමින්ග් ගේ පන්දුවකට. නමත් අරවින්ද හා ගුරුසිංහ සියල්ල වෙනස් කලේය. ගුරුසිංහ ලකුණු 53ක් ලබා සිටියදි ඔහුගේ උඩ පන්දුවක් රැක ගැනිමට ඕස්ට්‍රේලියානුවන් අපොහොසත් විය. තව උඩ පන්දු දෙකක් ඔවුන් අතින් ගිලිහි ගියේය. ඕස්ට්‍රේලියානුවන් හට වැරෙන් පහර දුන් අරවින්ද හා ගුරුසිංහ, ෂෙන් වොර්න් ගෙ පන්දුවකටද හයේ පහරක් එල්ල කලේය. ලකුණු 65කට ගුරුසිංහ දැවි ගියේය. ඉන්පසු අරවින්ද හා එක් වුයේ රනතුංගය. ඔවුන්ට අවසන් ඕවර 10 තුල ලකුණු 51 ලබා ගැනිමට අව්ශ්‍යව තිබිණි. අරවින්ද අවසන් තරගයේදි තම අණසක පැතිරවුයේ ශතකයක්ද ලබා ගනිමින්ය. තරගයේ 47ත් වන ඕවරයේදි සිංහ ජය තහවුරු කිරිමට රණතුංග සමත් විය. මෙම ජයග්‍රහනය ශ්‍රි ලංකාපිල නව පිලකට යොමු කලේය. ඉන්දියන් සාගරයේ මුතු ඇටය වු ශ්‍රි ලංකා පිල ක්‍රිකට් ලෝක ශුරයින් ලෙස කිරුළු පැලදුවේය.අරවින්ද ද සිල්වා තරගයේ විරයා විය. සනත් ජයසුරිය තරගාවලියේ විරයා බවට පත් විය. 

නායක රණතුංග විල්ස් කුසලානය ලබා ගත්තේ පකිස්ථානු අගමැතිනිය වූ බෙනාසීර් බුතෝ ගෙන්ය. මෙම දිනයෙදි කුඩා දිවයිනක් මුලු ලොවක් ජයගත්තේ සියළු ලාංකිකයන්ගෙ සිත් සතුටු කරමින්ය.