පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර 67 වැනි වරටත් පැවැත්වෙන රන් හටන මහා ක්‍රිකට් තරගය මේ මස 22 සහ 23 දෙදින මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ය.
ඇතුගල්පුර සටනේ හස්තීන්ගේ සූදානම
කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය අතර 36 වැනි වරටත් පැවැත්වෙන ඇතුගල්පුර සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස
දකුණතින් පිතිකරණයේ නිරත වන කඩුලු රකින ආරම්භක පිතිකරුවෙක් වන නිශාන් මධුෂ්ක මොරටු මහා විද්‍යාලයීය කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර ඔහු ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙකි. ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක ජනිඳු ඉඳුවර ය.
1934 වසරේ දී ආරම්භ වූ මෙම තරගමාලාවේ මෙතෙක් පැවති තරග 66 අතුරින් තරග 8ක ජයග්‍රහණ සුමංගල විද්‍යාලය සතු කරගෙන සිටින අතර මොරටු මහා විද්‍යාලය සතු වන්නේ තරග 7ක ජයග්‍රහණයන් ය. ඉතිරි තරග 51 ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත.
තරග ජයග්‍රහණ අතුරින් ඉදිරියෙන් සිටින ශ්‍රී සුමංගල විද්‍යාලය අවසන් වරට මෙම මහා හටනේ ජයග්‍රහණයක් ලබා ඇත්තේ 2007 වසරේ දී ය. ඒ ඉරේෂ් පුෂ්පකුමාරගේ නායකත්වය යටතේ ය. තරගමාලාවේ අවසන් වරට ජයග්‍රහණය කරමින් රන් හටන කුසලාන මේ වන විට සතු කරගෙන සිටින්නේ මොරටු මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ ය. ඒ අනුරුද්ධ කල්හාරගේ නායකත්වය යටතේ වසර 2010 දී ලත් ජයග්‍රහණය හේතුවෙනි.
ශ්‍රී සුමංගල විද්‍යාලය
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු ක්‍රිකට් තරගාවලියේ 19න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී සුමංගල විද්‍යාලය මෙවර රන් සටනට පිවිසෙන්නේ පූර්ණ ජයග්‍රහණ 6ක් ජයග්‍රහණය කරමින් ලත් අභිමානය ද සමඟිනි.

කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයන් අතුරින් ඉදිරියෙන් ම කියැවෙන්නේ නායක ජනිඳු ඉඳුවරගේ නම ය. ඔහු මෙවර තරගාවලියේ තරග 12කට සහභාගී වෙමින් ලකුණු 818ක් ලබා ඇති අතර දකුණතින් වේගපන්දු යවමින් කඩුලු 34ක් දවාගෙන ඇත.
ඔහුට අමතරව ශ්‍රී සුමංගල විද්‍යාලය වෙනුවෙන් මිහිරංග ප්‍රනාන්දු, තරණ ද සිල්වා සහ ශානදිත් ප්‍රනාන්දු ලකුණු 500 සීමාව ආසන්නයට පිවිස විශ්වාසවන්ත පිතිකරුවන් ලෙසින් වර්ගීකරණයට ලක්ව ඇත.
කණ්ඩායමේ වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයා ලෙසින් එම ලැයිස්තුවේ ප්‍රමුඛයා වී සිටින්නේ වමතින් පා දඟපන්දු යවන අනුක ජයසිංහ ය. ඔහු මෙවර තරගාවලියේ දී කඩලු 75ක් ලබා ගෙන සිටී. ඔහුට අමතරව විශ්ව ළහිරු කඩුලු 34ක් ලබා ගනිමින් ද, මිහිරංග ප්‍රනාන්දු කඩුලු 20ක් ලබා ගනිමින් ද දක්ෂතා දක්වා ඇත.
ශ්‍රී සුමංගල විදුහල් කණ්ඩායම
ජනිඳු ඉඳුවර (නායක), ශානදිත් ප්‍රනාන්දු (උපනායක), තරණ ද සිල්වා, අනුක ජයසිංහ, චාරුක පීරිස්, හේෂාන් කාවින්ද, ප්‍රභාෂ් ජයසේකර, නාමින දනිදු, බුද්ධින ශ්‍රී ෂෙනාල්, ඉමල්ක ප්‍රනාන්දු, විශ්ව ළහිරු සහ කවිඳු ගයාත්‍ර, මිහිරංග ප්‍රනාන්දු, අෂේන් සොයිසා, ගයාෂ පීරිස්, චමෝද් අල්විස්, චාරුක ජයතිලක, ශලන ගමගේ, ඉමෙත් ගම්පොළ, පූර්ණ ප්‍රභාත්, ඉසංක හේෂාන් සහ සසිඳු ද සිල්වා
මනෝජ් චානක මහතා (ප්‍රධාන පුහුණුකරු) දේශාන් ප්‍රනාන්දු මහතා (සහාය පුහුණුකරු) ප්‍රියංකර නන්දසේන මහතා (ක්‍රිකට් භාර ආචාර්ය)
- මොරටු විද්‍යාලය
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ නියෝජනය කරන මොරටු මහ විදුහල මෙම තරග වාරයේ අපරාජිත කණ්ඩායමක් ලෙසින් මෙවර රන් මහා සටනට සූදානම් වේ.

කණ්ඩායමේ වඩාත්ම විශ්වාසය තබා ඇති ක්‍රීඩකයා වන්නේ නායක නිශාන් මධුශ්ක වෙත ය. ඔහු මෙවර තරගාවලියේ තරග 13කට ක්‍රීඩා කරමින් ලකුණු 1386ක් රැස් කරගෙන සිටී. ඔහුට අමතරව මධුශාන් දිලක්ෂණ සහ නදිත් නිෂේන්ද්‍ර ද ලකුණු අතර සිටින පිතිකරුවන් ලෙසින් වර්ගීකරණයට ලක් වී සිටී.
කණ්ඩායමේ වඩාත් දක්ෂතම පන්දු යවන්නා වන්නේ වමතින් දඟ පන්දු යවන එරාන් හංසමාල් ය. ඔහු මෙම තරගවාරයේ දී කඩුලු 15ක් ලබා සිටී. ඊට අමතරව විශ්ව දිලුලන කඩුලු 39ක් ලබා ගනිමින් ද, නදිත් නිෂේන්ද්‍ර කඩුලු 35ක් ලබා ගනිමින් ද කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දක්වා සිටී.
මොරටු මහ විදුහල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම
නිශාන් මධුෂ්ක (නායක) නදිත් විසේන්ද්‍ර (උප නායක) සහ චමල්ක පුෂ්පකුමාර, ඒරාන් හංසමාල්, දිල්ෂාන් දිලක්‍ෂණ, මධුෂාන් දිලංක්‍ෂණ, රෂාන් කවිෂ්ක, ජනිත ස්වෙමිත්, නිරාජ් කවිෂ්ක, විශ්ව දිදුලන සහ අවන්ත සුලක්‍ෂණ, දමිත් පුෂ්පකුමාර, මහිත් මෙත්දිනු, හෂාන් ආදිත්‍ය, චතුල භාග්‍ය, මධුර ගිම්හාන, විනුර නිපුන්, සුකිත දෙව්තිළිණ සහ තුෂාන් නිමන්ත
ප්‍රසන්න දිසානායක මහතා (පුහුණුකරු) රසික චමින්ද මහතා (ක්‍රිකට් භාර ආචාර්ය)

ඩිල්රුවන් පෙරේරා, දොන් අරුණසිරි, ඉන්දික ගාල්ලගේ එවැන්නෝ ය. ඔවුන්ට අමතරව ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තබා අගනුවරට ගිය ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ද වෙති. ඒ අතුරින් කිත්රුවන් විතානගේ, කෞෂාල් සිල්වා සහ ඔෂද ප්‍රනාන්දු ඉදිරියෙන් ම කියැවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අජන්ත මෙන්ඩිස් මොරටු විද්‍යාලයෙන් බිහිවූ දක්ෂ ක්‍රීඩකයෙකි.
දෙවිදුහල් අතර 27 වැනි වරටත් පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර තරගය මේ මස 24 වැනිදා එම ක්‍රීඩා පිටියේ දී ම පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ මස 24 වැනිදා පැවැත්වෙන මේ පාසල් මහා ක්‍රිකට් සංග්‍රාමයේ එක්දින තරගය ThePapare.com, ඩයලොග් TV හා MyTV ඔස්සේ සජීවීව ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















