බවන්ත සහ අංජු ඉසිපතනය පාලනය කරයි

941
56th Battle of the Brothers

පාසල් ක්‍රිකට් පිටියට බිග් මැච් වසන්තය කැන්ඳමින් අද (22) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ තර්ස්ටන් – ඉසිපතන විද්‍යාලාන්තර 56 වැනි සහෝදර සංග්‍රාමයේ පළමු දිනයේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට තර්ස්ටන් විද්‍යාලයේ බවන්ත ජයසිංහ සහ අංජු කරුණානායක සමත් වූහ.

56 වැනි සහෝදර ගැටුම තීරණයකින් අවසන් වන ලකුණු?

කොළඹ ඉසිපතන විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර 56 වැනි වතාවටත් පැවැත්වීමට නියමිත “සහෝදරයින්ගේ මහා

බවන්ත ජයසිංහ පන්දු යැවීමේ දී ප්‍රතිවාදී ඉනිම පාලනය කළේ කඩුලු 5ක් දවා ගනිමිනි. අංජු කරුණානායක දවසේ වාර්තා කළ පළමු අර්ධ ශතකය වාර්තා කරමින් ප්‍රතිවාදී පන්දු යවන්නෝ අසීරුවේ දැමුවේ ය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉසිපතන ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 169ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි තර්ස්ටන් ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අයහපත් කාලගුණ තත්ත්වය මත නතර කරද්දී තම පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 154ක් ලබා සිටිය හ. තරගය නතර කරන අවස්ථාව වන විට දිනයේ අහිමි වූ පන්දුවාර ප්‍රමාණය 12කි. මේ වෙද්දී තර්ස්ටන් විද්‍යාලයීය කණ්ඩායමට ඉසිපතන පළමු ඉනිමේ ලකුණු පුවරුව පසු කිරීමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 15ක් පමණි.

>>Photos: Thurstan College vs Isipathana College | 56th Battle of the Brothers – Day 1<<

තරග තීරක නල්ලයියා දේවරාජන් මහතා ඉදිරියේ දී ඉහළ ගිය 56 වැනි සහෝදර සංග්‍රාම කාසියේ වාසිය දිනා ගත් තර්ස්ටන් නායක සඳරු ඩයස් පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස ඉසිපතන විද්‍යාලයීය නායක මදුෂික සඳරුවන්ට ආරාධනා කළේය.

ඒ අනුව ආරම්භ වූ ඉසිපතන ඉනිම වෙනුවෙන් ආරම්භක වමත් පිතිකරු තෙවිඳු දික්වැල්ල පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තේ ය. ඔහු අනෙක් ආරම්භක පිතිකරු මන්දීප ගුණසේකර (15) හා එක්ව පළමු කඩුල්ලට ලකුණු 30ක සබඳතාවක් ගොඩ නැගූහ.

පිතිකරුවන්ගේ වරදින් දකුණු අප්‍රිකාවට අනපේක්ෂිත වාසියක්!

ඊයේ දිනය නිමා වෙද්දී ලකුණු 60කට කඩුලු තුනක් දැවී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි කඩුලු සියල්ලම දවා ගැනීමට අද (22) උදෑසන සත්කාරක දකුණු

දෙවැනි කඩුල්ලට ද ලකුණු 30 සීමාව ඉක්මවා වැඩි දුර යෑමට ප්‍රතිවාදී තර්ස්ටන් පන්දු යවන්නෝ ඉඩ දුන්නේ නැත. තෙවිඳු සහ රවිඳු රත්නායක (20) අතර එම කඩුල්ලට සබඳතාව ලකුණු 36කි. ඉසිපතන ඉනිමේ හොඳම කඩුලු සබඳතාව වූයේ ලකුණු 36යි. ඒ සවිඳු උත්සර සහ සවීන් දන්ත අතර ය. ඒ 6 වැනි කඩුල්ල වෙනුවෙනි.

සවිඳු උත්සර පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 30ක් ලබා ගනිද්දී සවීන් දන්ත ලකුණු 19ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ඉසුරු සඳමාල් පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තේ ය.

ඉසිපතන ඉනිමේ අවසන් කඩුලු ත්‍රිත්වය එක් ලකුණකට සීමා කිරීමට තර්ස්ටන් පන්දු යවන්නෝ සමත් වූහ. පන්දු යැවීමේ දී දකුණතින් ආරම්භක මද වේගපන්දු යැවූ බවන්ත ජයසිංහ ලකුණු 37කට කඩුලු 5ක් දවා ගත්තේ ය. ඊට අමතරව සඳරු ඩයස් ලකුණු 41කට කඩුලු 4ක් දවා ගත්තේ ය. අනෙක් කඩුල්ල හිමි වූයේ අයේෂ් හර්ෂණට ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් අංජු කරුණානායක අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

එම ඉනිමේ පළමු කඩුලු 2 ලකුණු 20ක් වෙද්දී දවා ගැනීමට ඉසිපතන විද්‍යාලය සමත් විය. අනතුරුව තෙවැනි කඩුල්ලේ දී ලකුණු 50 සීමාව පසු කිරීමට තර්ස්ටන් විද්‍යාලය සමත් විය. එසේ අඩු ලකුණු ප්‍රමාණයකට තම ඉනිම සීමා වෙද්දී එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් පිතිකරණයේ යෙදුණ අංජු කරුණානායක පන්දු 80කට මුහුණ දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 70ක් ලබා ගත්තේ ය.

සල්පිටි රයිගම් කෝරල සටන ටිරෝන් පිටියේ දී

පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර 18 වන වරටත් පැවැත්වෙන

අංජු සහ රනේෂ් සිල්වා අතර 5 වැනි කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 48කි. දිනත් දිසානායකගේ පන්දුවක් කෙළින් ම කඩුල්ලේ වැදීමෙන් අංජුගේ ඉනිම අවසන් වූ අතර ඒ සමඟම දිනයේ තරග කාලය ද අවසන් කිරීමට පිටියේ විනිසුරුවන් ලෙසින් කටයුතු කළ දීපාල් ගුණවර්ධන සහ රවින්ද්‍ර කොට්ටහච්චි මහත්වරුන් කටයුතු කළහ.

ඒ වෙද්දී රනේෂ් සිල්වා පන්දු 40කට මුහුණ දී නොදැවී ලකුණු 28ක් ලබා සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී දිනත් දිසානායක ලකුණු 37කට කඩුලු 2ක් දවා ගනිද්දී තුවාන් කාලික් අමත්, යසිරු කස්තුරිආරච්චි සහ මුදුශික සඳරුවන් කඩුල්ල බැගින් බෙදා ගෙන සිටිය හ.

හෙට (23) තරගයේ දෙවැනි දිනයයි. පළමු දිනය මෙන්ම දෙවැනි දිනය ද සජීව ලෙස ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳි සිටින්න.

ඉසිපතන විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 169 (57.1) තෙවිඳු දික්වැල්ල 40, රවිඳු රත්නායක 20, ඉසුරු. සඳමල් 26, සවිඳු  උත්සර 30, සවීන් දන්ත 19, බවන්ත ජයසිංහ 5/37

තර්ස්ටන් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 154 (34) අංජු කරුණානායක 70, රනේෂ් සිල්වා නොදැවී 28, දිනත් දිසානායක 2/37

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Live : Thurstan College vs Isipathana College – 56th Battle of the Brothers

The 56th Battle of the Brothers annual cricket encounter between Thurstan College and Isipathana College