54 වැනි කනිෂ්ඨ ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙල ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී අද (03) සාර්ථකව නිමාවට පත් වුනා.
දින තුනක් පුරාවට ක්‍රියාත්මක වූ මෙම මලල ක්‍රීඩා උළෙලේ තෙවැනි දිනය වූ අද දිනය තුළ තරග ඉසව් රැසක් නිමාවට පත් වුනා.
මේ අතුරින් 15න් පහළ පිරිමි මීටර් 80 කඩුලු මතින් දිවීම ඉසව්ව ජය ගැනීමට හංවැල්ල රාජසිංහ විද්‍යාලයේ P.D J.I.ජයසූරිය සමත් වූ අතර, 14න් පහළ කාන්තා මීටර් 75 කඩුලු මතින් දිවීම ඉසව්ව ජය ගැනීමට මහනුවර Hillwood විද්‍යාලය නියෝජනය කළ S.හේවාවිතාරණ විසින් සමත් වුනා. එමෙන්ම එම වයස් කාණ්ඩයේ මීටර් 75 පිරිමි කඩුලු මතින් දිවීම ඉසව්ව ජය ගැනීමට කුරුණෑගල මලියදේව විද්‍යාලයේ R.P.V.A.විජේරත්න විසින් සමත් වුනා. මේ අතර 13න් පහළ මීටර් 70 කඩුලු පැන දිවීම ඉසව්වේ පිරිමි අංශයේ ජය C.D.කාරියවසම් විසින් ජය ගනිද්දී, කාන්තා අංශයේ ජය R.D.S.දෙනුවන් විසින් ජයග්‍රහණය කළා.
- ඇමරිකාවට වැඩි වාසි සමඟ ලෝක ශූරතාව ඇරඹෙයි
- වසර 20ක අතීතය වෙනස් කළ දිනයක් නිමා වෙයි!
- ලොව වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තහවුරුයි!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
-
අනපේක්ෂිත සිදුවීම් රැසක් අතරේ Mondo නැවතත් ලෝක වාර්තාවක් කරා!
හළ කාන්තා උස පැනීම ඉසව්ව ජය ගැනීමට බෙන්තොට මිරිස්වත්ත මධ්‍ය විද්‍යාලයේ K.I.N.මුණසිංහ සමත් වූ අතර, 15න් පහළ මීටර් 499 කාන්තා ඉසව්ව ජය ගැනීමට වත්තල ලයිසියම් විද්‍යාලයේ G. ආලෝකා විසින් සමත් වුනා. එම වයස් කාණ්ඩයේ ම පිරිමි මීටර් 400 ඉසව්ව ජය ගැනීමට කොළඹ ගෙට්වේ විද්‍යාලයේ අශායින් තෙවරප්පෙරුම විසින් සමත් වුනා. 14න් පහළ කාන්තා මීටර් 400 ඉසව්වේ ජය S.මුදලිගේ විසින් හිමි කර ගනිද්දී, එම ඉසව්වේ පිරිමි තරගය ජය ගැනීමට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ R.තෙනුකට හැකියාව ලැබුණා.
15න් පහළ මීටර් 100 පිරිමි අංශයේ ජය D.නෙත්මික හට හිමි වන අතරේ, කාන්තා අංශයේ ජය N.R.ඒකනායක හට හිමි වුනා.
එමෙන්ම පිරිමි 15න් පහළ මීටර් 400 සහය දිවීම ඉසව්ව ජය ගැනීමට කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමත් වන අතරේ, එහි කාන්තා අංශයේ ජය කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයට හිමි වුනා. මේ අයුරින් දින තුනක් පුරාවට ක්‍රියාත්මක වූ 54 වැනි කනිෂ්ඨ ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙල සාර්ථකව නිමාවට පත් වනවා
දිනෙන් දින උණුසුම් වන දේශීය මලල ක්‍රීඩාව පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.





















