54වැනි ජෝන් ටාබට් කනිටු මලල ක්‍රීඩා උළෙල ඇරඹෙයි

54th Jhon Tarbat junior Athletics Championship 2025

220

54 වැනි කනිෂ්ඨ ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙල ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී ඊයේ (01) දිනයෙන් ආරම්භ වුනා.  

දින තුනක් පුරාවට ක්‍රියාත්මක වීමට නියමිත මෙම ක්‍රීඩා උළෙලේ පළමු දිනය තුළ වයස් කාණ්ඩ කිහිපයක ක්‍රීඩා ඉසව් කිහිපයක් නිමාවට පත් වුනා. එම තරග තොරතුරු පහතින් දැක්වෙනවා. 

15න් පහළ කාන්තා දුර පැනීම ඉසව්ව ජය ගැනීමට කොළඹ සාන්ත ලෝරන්ස් විද්‍යාලයේ K.A.D.සනුලි මෙත්ලිනි විසින් සමත් වූ අතර, 15න් පහළ පිරිමි උසපැනීමේ ඉසව්වේ ජය K.G.D.T.රෙසංජන විසින් දිනා හිමිකරගත්තා. 

මේ අතර 14න් පහළ යගුලිය විසිකිරීම ඉසව්ව ජය ගැනීමට මාතර මහානාම විද්‍යාලයේ G.S.P.සත්සර විසින් සමත් වූ අතර, 14න් පහළ කවපෙත්ත විසිකිරීම ඉසව්වේ ජය A.Ayiilai හට හිමි වුනා. එමෙන්ම 14න් පහළ පිරිමි මීටර් 600 ඉසව්වේ මූලික වටයේ හොඳම කාලය  කැළණිය ගුරුකුල විද්‍යාලයේ R.D.S.මෙතුශයාල් විසින් සමත් වූ අතර, 14න් පහළ කාන්තා මීටර් 600 ඉසව්වේ මූලික වටයේ හොඳම කාලය බලංගොඩ ආනන්ද මෛත්‍රීය විද්‍යාලයේ A.N.V.නින්නාදී විසින් වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්. 

පිරිමි 15න් පහළ මීටර් 800 ඉසව්ව M.A.A.නිමේෂ් විසින් ජය ගනිද්දී, එහි කාන්තා ඉසව්ව ජය ගැනීමට මාවනැල්ල බැමිණිවත්ත මහා විද්‍යාලයේ L.R.S.N.බණ්ඩාර විසින් සමත් වුනා. 

මීට අමතරව ඊයේ දිනය තුළ තවත් ක්‍රීඩා ඉසව් කිහිපයකම මූලික වටයේ තරග ක්‍රියාත්මක වුනා. එම ඉසව්වල අවසන් තරග ද ඇතුළුව තවත් ක්‍රීඩා ඉසව් රැසක් අද (02) සහ හෙට (03) දිනය තුළ ක්‍රියාත්මක වනු ඇති. 

එම තරග විස්තර ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<