ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට පංච පුද්ගල කමිටුවක්

404

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පුද්ගලයන් පස්දෙනෙකුගෙන් යුත් විශේෂ කළමනාකරණ කමිටුවක් අද (02) දින නම් කෙරුනා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය එළඹෙන මැයි මාසයේ දී පැවැත්වීමට නියමිත අතර දක්වා මෙම විශේෂ කමිටුව ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ

මෙම කමිටුවේ ප්‍රධානත්වය මහාචාර්ය අර්ජුන සිල්වා මහතාට හිමිව තිබෙන අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සාමාජිකයෙකු වන ඈශ්ලි සිල්වා මහතා එම කමිටුවේ ලේකම් ධුරය දරනු ලබනවා

සුජීව මුදලිගේ, උචිත වික්‍රමසිංහ සහ අමල් එදිරිසූරිය යන මහත්වරුන් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස නම් කෙරුනා

පසුගිය මාසයේ දී නීතිපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත විශේෂ නියෝගයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පවත්වා, නව නිලධාරින් පත්වන තුරු එම ආයතනය පාලනය කිරීම සඳහා කමිටුවක් නම් කළ යුතු බව නිර්දේශ කර තිබුනා. මෙම කමිටුව පත්කෙරුනේ අනුවයි

මීට පෙර කෝල්ට්ස් ක්‍රීඩා සමාජය විසින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වීම සඳහා අතුරු කමිටුවක් නම් කරන ලෙස ඉල්ලා තිබුනා. වත්මන් කමිටුවේ ධුර කාලය පෙබරවාරි මස 20 වනදා අවසන් වන බව පවසමින්

අනුව මෙම නව කමිටුව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණය දක්වා ක්‍රිකට් ආයතනය මෙහෙය වීමට නියමිතයි

මෙම කමිටුව පත්කිරීමේ ගැසට් පත්‍රය අද දිනයේ දී නිකුත් කෙරුනා. අනුව මෙම කමිටුවට වියදම් දැරිය හැකි වන්නේ එළඹෙන මැයි මස 20 වනදා දක්වා වන කාලය තුළ සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘති සහ සෙසු පරිපාලනමය කටයුතු සඳහා පමණක් වේ

වෙනත් කටයුත්තක් සඳහා යම් වියදමක් දැරීමට අවශ්‍ය නම් සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ පූර්ණ අනුමැතිය ලබාගත යුතු වනවා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය එළඹෙන මැයි මස 20 වනදා පැවැත්වීමට නියමිතව තිබේ

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<