Home Sinhala රාජකීය විද්‍යාලය Mustangs කුසලානය දිනා ගනී

රාජකීය විද්‍යාලය Mustangs කුසලානය දිනා ගනී

49th Mustangs Trophy Cricket Encounter 2026

6
49th Mustangs Trophy Recap

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 49 වැනි වරටත් පැවැති Mustangs කුසලාන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 16ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වෙනවා.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත් මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත තෝමස් විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගන්නවා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 313ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි රාජකීය විද්‍යාලයට පන්දුවාර 46ක දී ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 6ක් දැවී ලකුණු 291ක් පමණයි.

තරගයේ සම්පූර්ණ පන්දුවාර ප්‍රමාණය නොයැවීම හේතුවෙන් තරගයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත තිරණය කෙරුණ අතර එම අවස්ථාවේ දී පන්දුවට පහර දෙමින් සිටි රාජකීය විද්‍යාලයට අවශ්‍ය ව තිබුණේ ලකුණු 276ක් පමණයි. එහෙත් ඔවුන් එම ලකුණු ප්‍රමාණය එම අවස්ථාව වන විට සපුරා සිටි හේතුවෙන් තරගයේ ජයග්‍රහණය ඔවුන් සතු වුණා.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

අවිනාශ් ප්‍රනාන්දු (නායක), ජේඩන් අමරවීර. මෙතුක ගුණරත්න, රෙශෝන් සොලමන්ස්, ලුදීශ මාතරගේ, රැපියෙල් හෙට්ටිගේ, අභිත පරණවිදාන, ස්ටීවන් පීරිස් (කඩුලු රකින්නා), මිනෝන් වර්ණසූරිය, ශනිල් පෙරේරා සහ ගිම්හාන් මෙන්ඩිස්.

කොළඹ රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

රෙහාන් පීරිස් (නායක), හිරුන් ලියනාරච්චි, විමත් දින්සර, රමිරු පෙරේරා, උදන්ත ගංගෙවත්ත (කඩුලු රකින්නා), තෙවිඳු වේවැල්වල, හිමරු ද සිල්වා, දුශේන් උඩවෙල, සසිඳු මාපා, ගගන ගමගේ, ඉඳුවර වික්‍රමාරච්චි.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 313ක් ලබා ගන්නවා.

එම ඉනිම ආරම්භ කළ ජේඩන් අමරවීර පන්දු 149කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 184ක් ලබා ගන්නවා.

ඊට අමතර ව ඔහු මෙතුක ගුණරත්න සමඟ 1 වැනි කඩුල්ලට ලකුණු 95ක සබඳතාවක් ද සහ 5 වැනි කඩුල්ලට රැපියෙල් හෙට්ටිගේ සමඟින් නොදැවුණ ලකුණු 141ක සබඳතාවක් ද ගොඩ නගනවා.

එහි දී මෙතුක ගුණරත්න පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ලබා ගත් අතර ඉනිම අවසන් වෙද්දී රැපියෙල් හෙට්ටිගේ පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී රමිරු පෙරේරා සහ ගගන ගමගේ අතර කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි රාජකීය ඉනිම ද එම ඉනිමට කිසිදු ලෙසකින් 2 වැනි වූයේ නැහැ. ඔවුන්ගේ ඉනිමට ද ශතකයක් වාර්තා වෙනවා. එහි හිමිකරු වූයේ විමත් දින්සර. ඔහු තරගය නිමා වන විට පන්දු 124කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 109ක් ලබා සිටියා.

ඊට අමතර ව ආරම්භක පිතිකරු හිරුන් ලියනාරච්චි පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 51ක් ලබා ගන්නවා. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 61ක්.

ඔවුන් දෙදෙනාට අමතර ව රමිරු පෙරේරා පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ද සහ දුශේන් උඩවෙල පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ද ලබා සිටියා.

ඉනිම අතර මඟ නතර වෙද්දී විමත් දින්සර සහ දුශේන් උඩවෙල 7 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 50ක සබඳතාවක් ද එක් කර තිබුණා.

කඩුලු දවා ගැනීමේ දී ශනිල් පෙරේරා ලකුණු 60කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව මිනෝන් වර්ණසූරිය, රෙශෝන් සොලමන්ස් සහ අභීත් පරණවිදාන කඩුල්ල බැගින් බෙදා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 4ක් දැවී 313 (50.0) ජේඩන් අමරවීර නොදැවී 184, මෙතුක ගුණරත්න 37, රැපියෙල් හෙට්ටිගේ නොදැවී 44
  • රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 6ක් දැවී 291 (46.0) හිරුන් ලියනාරච්චි 51, විමත් දින්සර නොදැවී 109, රමිරු පෙරේරා 38, දුශේන් උඩවෙල නොදැවී 25, ශනිල් පෙරේරා 2/60

කොළඹ රාජකීය විද්‍යාලයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 16ක ජයක්.

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

Result
Royal College
290/6 (46)
S. Thomas' College
313/4 (50)
Batsmen R B 4s 6s SR
Jaden Amaraweera not out 184 149 14 11 123.49
Methuka Gunarathne b Ramiru Perera 37 53 3 1 69.81
Avinash Fernando run out (Himaru De Silva) 18 29 2 0 62.07
Reshon Solomons b Gegan Gamage 3 8 0 0 37.50
Ludeesha Matarage run out (Lakindu Induwara Nanayakkara) 12 19 1 0 63.16
Raphael Hettige not out 44 44 6 0 100.00
Extras 15 (b 0 , lb 0 , nb 0, w 15, pen 0)
Total 313/4 (50 Overs, RR: 6.26)
Bowling O M R W Econ
Gegan Gamage 9 0 63 1 7.00
Hirun Liyanarachchi 4 0 43 0 10.75
Himaru De Silva 10 0 32 0 3.20
Dushan Uduwala 6 0 42 0 7.00
Ramiru Perera 10 0 47 1 4.70
Induwara Wickramarachchige 10 0 63 0 6.30
Sasindu Mapa 1 0 16 0 16.00

Batsmen R B 4s 6s SR
Hirun Liyanarachchi lbw b Shanil Perera 51 44 9 0 115.91
Rehan Peiris c Stevon Peiris b Minon Warnasuriya 18 12 1 2 150.00
Vimath Dinasara not out 109 124 6 0 87.90
Ramiru Perera c Raphael Hettige b Abheeth J Paranawidana 38 35 5 1 108.57
Udantha Gangewatte hit-wicket b Shanil Perera 14 21 0 0 66.67
Thevindu Wewalwala c & b Reshon Solomons 8 15 0 0 53.33
Himaru De Silva run out (Raphael Hettige) 0 0 0 0 0.00
Dushan Uduwala not out 25 24 3 0 104.17
Extras 27 (b 0 , lb 0 , nb 0, w 22, pen 5)
Total 290/6 (46 Overs, RR: 6.3)
Bowling O M R W Econ
Abheeth J Paranawidana 10 0 50 1 5.00
Gimhan Mendis 7 0 49 0 7.00
Minon Warnasuriya 5 0 33 1 6.60
Raphael Hettige 6 0 44 0 7.33
Shanil Perera 10 0 60 2 6.00
Reshon Solomons 7 0 36 0 5.14
Ludeesha Matarage 1 0 9 0 9.00