පාසල් ක්‍රිකට් වසන්තයේ තවත් සුවිශේෂී ක්‍රිකට් ගැටුමක් ලෙස සැලකෙන කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 48 වැනි සීමිත පන්දුවාර ක්‍රිකට් ගැටුම අද (15) SSC ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ රාජකීය නායකයා විසින් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව සාන්ත තෝමස් විද්‍යාලයට ලබා දුන් අතර, මෙහි දී ඔවුන් විසින් පන්දුවාර 49 එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී ලකුණු 220ක් ලබා ගැනීමට සමත් වුනා.
මෙහි දී සාන්ත තෝමසුවන් වෙනුවෙන් ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සමත් වූ ජේඩන් අමරවීර ලකුණු 70ක් ලබා ගැනීමට සමත් වූ අතර, මීට අමතරව සදෙව් සොයිසාගේ පිත්තෙන් ලකුණු 32ක් වාර්තා වුනා.
මෙහි දී රාජකීයයින් වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ රමිරු පෙරේරා කඩුලු 3ක් දවාගන්නා අතරේ, රනුක මලවිආරච්චි සහ කලීඩ් රහිම්ඩීන් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
සාන්ත තෝමස් ක්‍රීඩකයින් විසින් වාර්තා කළ ලකුණු 220 හඹා යාම වෙනුවෙන් රාජකීයයන් වෙනුවෙන් රෙහාන් පීරිස් සහ හිරුන් ලියනාරච්චි විසින් ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසුණු නමුත්, රෙහාන් ලකුණු නොලබාම පිටියෙන් ඉවත්ව ගියා.
කෙසේ වෙතත් හිරුන් විසින් තරගයේ ජය රාජකීයයන් වෙත ළඟා කර දීමට විශේෂ සහයක් ලබා දෙමින් විශිෂ්ට ශතකයක් වාර්තා කළ අතර, පන්දු 129ක් තුළ ලකුණු 105ක් වාර්තා කිරීමට හිරුන් සමත් වුනා. ඔහුගේ ඉනිම හතරේ පහර 13කින් සහ එක් හයේ පහරකින් වර්ණවත් වුනා. මීට අමතරව විමත් දින්සරගේ පිත්තෙන් ලකුණු 30ක් වාර්තා වුනා.
ඒ අයුරින් රාජකීයයන් විසින් පන්දුවාර 46 පන්දු 4ක් තුළ කඩුලු 6ක් දැවී ලකුණු 223ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා. තෝමසුවන් වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ කවිඳු ඩයස් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.
තරගයේ වීරයා – හිරුන් ලියනාරච්චි
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Jaden Amaraweera | c Isula Geeganage b Ranuka Malaviarachchi | 70 | 123 | 8 | 0 | 56.91 |
Avinash Fernando | c Ramiru Perera b Anush Polonnowita | 17 | 29 | 2 | 0 | 58.62 |
Sadev Soysa | lbw b Ramiru Perera | 32 | 40 | 4 | 0 | 80.00 |
Dineth Goonewardene | run out (Hirun Liyanarachchi) | 25 | 25 | 1 | 0 | 100.00 |
Mithila Charles | c Vimath Dinsara b Ranuka Malaviarachchi | 0 | 2 | 0 | 0 | 0.00 |
Sachithra Gunasinghe | st Isula Geeganage b Ramiru Perera | 6 | 10 | 4 | 0 | 60.00 |
Reshon Solomons | c Ranuka Malaviarachchi b Ramiru Perera | 27 | 21 | 0 | 0 | 128.57 |
Kavindu Dias | c Isula Geeganage b Khalid Rahimdeen | 17 | 27 | 0 | 0 | 62.96 |
Darien Diego | lbw b Khalid Rahimdeen | 7 | 14 | 0 | 0 | 50.00 |
Minon Warnasuriya | not out | 1 | 2 | 0 | 0 | 50.00 |
Abheeth J Paranawidana | run out (Vimath Dinsara) | 1 | 3 | 0 | 0 | 33.33 |
Extras | 17 (b 0 , lb 8 , nb 1, w 8, pen 0) |
Total | 220/10 (49.1 Overs, RR: 4.47) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Anush Polonnowita | 7 | 1 | 26 | 1 | 3.71 | |
Sandul Abeywardene | 10 | 1 | 40 | 0 | 4.00 | |
Khalid Rahimdeen | 6 | 0 | 24 | 2 | 4.00 | |
Ranuka Malaviarachchi | 9.1 | 0 | 41 | 2 | 4.51 | |
Vimath Dinsara | 4 | 0 | 22 | 0 | 5.50 | |
Ramiru Perera | 10 | 0 | 45 | 3 | 4.50 | |
Thevindu Wewalwala | 3 | 0 | 20 | 0 | 6.67 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Rehan Peiris | c Jaden Amaraweera b Kavindu Dias | 0 | 7 | 0 | 0 | 0.00 |
Hirun Liyanarachchi | c Sachithra Gunasinghe b Kavindu Dias | 105 | 129 | 13 | 1 | 81.40 |
Isula Geeganage | b Kavindu Dias | 0 | 2 | 0 | 0 | 0.00 |
Vimath Dinsara | c Mithila Charles b Abheeth J Paranawidana | 30 | 44 | 3 | 0 | 68.18 |
Ramiru Perera | c Dineth Goonewardene b Darien Diego | 11 | 22 | 0 | 0 | 50.00 |
Anush Polonnowita | c Jaden Amaraweera b Mithila Charles | 23 | 35 | 2 | 0 | 65.71 |
Thevindu Wewalwala | not out | 25 | 27 | 2 | 0 | 92.59 |
Yasindu Dissanayake | not out | 18 | 14 | 2 | 0 | 128.57 |
Extras | 11 (b 2 , lb 0 , nb 0, w 9, pen 0) |
Total | 223/6 (46.4 Overs, RR: 4.78) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Abheeth J Paranawidana | 10 | 1 | 27 | 1 | 2.70 | |
Kavindu Dias | 8.4 | 0 | 57 | 3 | 6.79 | |
Minon Warnasuriya | 4 | 0 | 18 | 0 | 4.50 | |
Jaden Amaraweera | 2 | 0 | 9 | 0 | 4.50 | |
Darien Diego | 10 | 0 | 46 | 1 | 4.60 | |
Dineth Goonewardene | 7 | 0 | 46 | 0 | 6.57 | |
Mithila Charles | 5 | 0 | 20 | 1 | 4.00 |
එමෙන්ම මෙම තරගයේ සජීවී දසුන් ඔබ වෙත සමීප කළ සේම 2025 පාසල් ක්‍රිකට් වසන්තයේ සියලු උණුසුම් තරග දසුන්, තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<