කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය සහ කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලය අතර 47 වැනි වරටත් පැවැත්වෙන කෝට්ටේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනයේ ගෞරවය දිනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය අද (27) සමත් වුණා.
කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය පළමුවෙන් පන්දු රැකීම තෝරා ගත්තා.
කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
ඩිලේන් ෆ්‍රෑන්ක් (නායක), තෙනුක රන්විඳු, චමිඳු රන්සර, නෙත්සර කාව්‍ය, පහන් ඒකනායක, අවිනාශ් පෙරුමාල්, දිමිත්‍රි ඇන්තනී, සදිල් පෙරේරා (කඩුලු රකින්නා), අශ්වින් ප්‍රකාන්, තරිඳු රංජක සහ නිදුශාන් කවීෂ.
කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
ටලීෂ සිල්වා, (නායක), අංජන නිදුශ, තුලන සෙතුම්, රසල් වීරක්කොඩි, ප්‍රමෝදර සත්සර, මනුත් මල්සුක, දහම් කෞශල්‍ය, පසිඳු පිංසර, රසල් වීරක්කොඩි (කඩුලු රකින්නා), රනුක සංදීප් සහ නිෂිත් ශෙහෙනක.
- ශ්‍රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග කාලසටහන එළිදැක්වෙයි
- National Super League සිව්දින තරග කාලසටහන එළිදැක්වෙයි
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලයීය ඉනිම ලකුණු 111කට සීමා කිරීමට ප්‍රතිවාදීන් සමත් වෙනවා. එම ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 13ක් වෙද්දී දවා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඔවුන් එම තත්ත්වය දිගින් දිගට ම පවත්වාගෙන යන අතර සාන්ත තෝමස් විද්‍යාලයීය ඉනිමේ අවසන් කඩුලු 6ට ඔවුන් ලබා දෙන්නේ ලකුණු 20ක් පමණයි.
එම ඉනිම ඒ තරමින් අසරණ කිරීමේ දී මනුත් මල්සුක සහ ටලීෂ සිල්වා කඩුලු 3ක් බැගින් දවා ගන්නා ලද අතර තවත් කඩුල්ලක් රනුක සංදීප් සතු වෙනවා.
දුවද්දී දැවී යෑම් 3ක් ද සහිත වූ එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නෙත්සර කාව්‍ය. ඔහු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය 1 වැනි දිනයට නතර කරන විට තම පළමු ඉනිමට ක්‍රීඩා කරමින් කඩුලු 6ක් දැවී ලකුණු 161ක් ලබා සිටියා.
ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 34කට දැවී යන අතර එම තත්ත්වයෙන් ඔවුන් මුදා ගන්නේ ප්‍රමෝදර සත්සර සහ දහම් කෞශල්‍ය එක්වයි. ඒ අනුව පැවැති එම ඉනිමේ මෙතෙක් වැඩිම ලකුණුලාභියා වූයේ දහම් කෞශල්‍ය. ඔහු පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 85ක් ලබා ගත්තා.
ඊට අමතර ව දිනය අවසන් වන විට ප්‍රමෝදර සත්සර පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුනු 42ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී දිමිත්‍රි ඇන්තනී සහ නිදුශාන් කවීෂ කඩුලු ද්විත්වය බැගින් ද, අශ්වින් ප්‍රකාන් සහ ඩිලේන් ෆ්‍රෑන්ක් කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 111 (40.2)නෙත්සර කාව්‍ය 46, ටලීෂ සිල්වා 3/29, මනුත් මල්සුක 3/28
- ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– පළමු ඉනිම කඩුලු 6ක් දැවී 161 (41.2) ප්‍රමෝදර සත්සර නොදැවී 42, දහම් කෞශල්‍ය 85, දිමිත්‍රි ඇන්තනී 2/33, නිදුශාන් කවීෂ 2/45
කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය ලකුණු 50ක් ඉදිරියෙන්.
මෙම තරගය හෙට (28) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.





















