ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමයත්, අධ්‍යාපන අමාත්‍යාංශයත්, මයිලෝ එකට එක්ව සංවිධානය කරන 2018 ශ්‍රී ලංකා පාසල් වයස් සීමා පිහිනුම් සහ දියපිමි (Diving) තරගාවලිය ජුනි මස 06 වැනිදා සිට 10 වැනිදා දක්වා පුරා දින 5ක් කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ දී පැවැත්වීමට නියමිතයි.

සාන්ත ජෝසප් සහ විශාකා විදුහල් ශූරතා දිනයි

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලය ජාතික සහය පිහිනුම් තරගාවලියේ ශූරතාවයන් ජය ගැනීමට ඊයේ (13) සමත් විය. තරගාවලිය සුගතදාස…

45 වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පානයක් වන මයිලෝ 25 වැනි වරටත් අනුග්‍රාහකත්වය දැක්වීම සුවිශේෂී කරුණකි. අඛණ්ඩව පරම්පරා 3ක් පුරාවට මයිලෝ බලයෙන් සවිබල ගැන්වූ මෙම තරගාවලියෙන් ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩාව දිග්විජය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස සුළුපටු නොවේ. එහි දී පුරා වසර 18ක් බාලිකා ශූරතාවය මහාමායා බාලිකා විදුහල විසින් දිනා ගැනීම වාර්තාවක් වනවා නොඅනුමානයි.

මෙවර තරගාවලිය වයස් සීමාවන් 6ක් යටතේ (9න් පහළ, 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ) බාලක සහ බාලිකා ලෙස කාණ්ඩ දෙකක් ඔස්සේ පැවැත්වේ. කේවල තරග 140ක් සහ සහය තරග 24ක් ඇතුළුව තරග ඉසව් 164ක් පැවැත්වීමට නියමිත මෙවර තරගාවලිය සඳහා සහභාගී වන පාසල් සංඛ්‍යාව 180කට අධිකයි.

තවද උතුරු පළාත හැරෙන්නට අනෙක් සෑම පළාතක්ම නියෝජනය කරමින් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර තරගාවලිය සඳහා සහභාගී වන බව ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමයේ ගරු සභාපති  තිලක් වාත්තුහේවා මහතා පවසා සිටියේ බදාදා (30) පැවති තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අමතමිනි.

>> ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තවද මෙවර තරගාවලියේ ඇති තවත් සුවිශේෂිතම ඉසව්වක් වන ශ්‍රී ලංකා පිහිනුම් ප්‍රවීණයින් නොහොත් ශ්‍රී ලංකාව පිහිනුම් ක්‍රීඩාව හරහා ජාත්‍යන්තරයට රැගෙන ගනිමින් ලක්මාතාවට ආඩම්බරයක් එක් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන ප්‍රදර්ශන තරගයයි.

මෙම තරගය ජුනි මස 10 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ පිහිනුම් ප්‍රවීණයින් 16 දෙදෙනෙකු කණ්ඩායම් 4කට බෙදී තරග කරන අතර එය නූතන පරම්පරාවේ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තරය ජය ගන්නට ලැබෙන පන්නරයක් බව පැවසිය යුතුම කාරණාවකි.

සාන්ත ජෝසප් හා විශාකා විදුහල් පංච ප්‍රයාම ශූරතා දිනති

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය හා කොළඹ විශාකා විද්‍යාලය පංච ප්‍රයාම පිහිනුම් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. තරගාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේ…

එම කණ්ඩායම් හතරේ නායකයින් ලෙස 2001 වසරේ ශ්‍රී ලංකා Water Polo කණ්ඩායමේ නායකත්වය දැරූ එල්. වී. ප්‍රනාන්දු මහතා Milo Whales කණ්ඩායමටත්, 1985/87 වසරවල දී දකුණු ආසියානු තරගාවලියේ (SAG) ලෝකඩ පදක්කම්ලාභී මහි චන්ද්‍රලාල් මහතා Milo Seals කණ්ඩායමටත්, 1991 වසරේ SAG තරගාවලියේ දී එක් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ජයග්‍රහණය කළ නිශාන්ත ද කොස්තා මහතා Milo Dolphins කණ්ඩායමත් සහ අවසන් වශයෙන් ඔලිම්පික් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවේ නම බැබලවූ ක්‍රීඩකයෙකු වන ජූලියන් බෝලිං මහතා Milo Shark කණ්ඩායමටත් නායකත්වය ලබා දේ.

ප්‍රවීණයින්ගේ කණ්ඩායමේ සිටින අනෙකුත් ක්‍රීඩකයින් මෙසේයි.

Milo Whales

  • එල්. වී. ප්‍රනාන්දු
  • අපේක්ෂා විජේසූරිය
  • දිනේෂ් දයානන්ද
  • ආර්. පී. එම්. පී. දේමින්

Milo Seals

  • මහී චන්ද්‍රලාල්
  • තිලක් ධම්මික
  • කිංස්ලි බන්දුල
  • ආර්. එම්. ධම්මික

Milo Dolphins

  • එරංග ප්‍රනාන්දු
  • සපේන්ද්‍ර මේතර්
  • නිශාන්ත ද කොස්තා
  • නාටාෂා කොඩිතුවක්කු

Milo Sharks

  • ජූලියන් බෝලිං
  • කේ. වී. සී. ප්‍රියදර්ශණ
  • ජෙහාන් මුබාරක්
  • නිල්මිණි වික්‍රමරත්න

මෙම තරගාවලියේ සමාරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වයි. ඒ. එන්. ඩී. යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි 06 උදෑසන 08.00 පැවැත්වේ. සමාප්ති උත්සවය ජුනි 10 වැනිදා සවස 04.00 පැවැත්වීමට නියමිතව ඇත්තේ ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙනි.

තරගාවලියේ සියලුම වයස් සීමාවල ප්‍රථම ස්ථානයේ සිට අටවැනි ස්ථානය දක්වා සහතික පත්‍ර බෙදා දීම සිදුකරන අතර 01, 02 සහ 03 ස්ථාන ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පදක්කම් පිරිනමයි. එමෙන්ම සියලුම වයස් කාණ්ඩවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට දක්ෂතම ක්‍රීඩකයා, ක්‍රීඩිකාව සහ පාසලට කුසලාන ප්‍රදානය කිරීමට නියමිතයි. තරගාවලිය අවසානයේ ලබා දීමට නියමිත මුළු ශූරතා සංඛ්‍යාව 31ක්.

මෙම තරගාවලියේ තවත් විස්තර සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<