කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර 42 වැනි වරට පැවැත්වෙන මහා ක්‍රිකට් තරගය අද (22) දිනයේ නිමාවට පත් වුනේ විසඳුමකින් තොරවයි.
තරගයේ පළමු ඉනිම වෙනුවෙන් සාන්ත ආනා විද්‍යාලය විසින් ලකුණු 187ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට පිළිතුරු ලෙස මලියදේව විද්‍යාලය විසින් ලකුණු 421ක දැවැන්ත ලකුණු පුවරුවක් සටහන් කිරීමට සමත් වුනා.
මෙහි දී මලියදේව විද්‍යාලය වෙනුවෙන් රජිත් නවෝද්‍ය සහ දිමත් අබේසිංහ ශතක වාර්තා කිරීමට ද සමත් වුනා.
මේ අනුව මලියදේව විද්‍යාලය විසින් සාන්ත ආනා විද්‍යාලයට වඩා සිය පළමු ඉනිමේ දී ලකුණු 234ක් ඉදිරියෙන් රැඳීමට සමත් වීමත් සමඟ සාන්ත ආනා විද්‍යාලය තරගය පරාජය වීමේ අවදානමකට පත් වුනා.
ඊයේ දිනය නිමා වන විට සාන්ත ආනා විද්‍යාලය කිසිවකු නොදැවී ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වූ අතර, අද දිනය තුළ ද ඔවුන්ට පැවරුණු විශාලතම කාර්ය වුනේ සිය කඩුලු පූජා නොකරමින් පිටියේ රැඳී සිටීමයි.
- කවිජගේ තුන් ඉරියව් දස්කම් සමඟ කිංග්ස්වුඩ් විද්‍යාලය වසර 68 අතීතය වෙනස් කරයි!
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
අද දිනය තුළ සාන්ත ආනා විද්‍යාලය විසින් පන්දුවාර 94කට මුහුණ දුන්නා. එමෙන්ම සාන්ත ආනා විද්‍යාලයේ දෙවැනි ඉනිම පන්දුවාර 104ක් තුළ ක්‍රියාත්මක වුනා. එමෙන්ම මෙහි දී සාන්ත ආනා පිතිකරුවන් සිය වගකීම මැනවින් හඳුනා ගනිමින් මෙම පන්දුවාර 104 තුළ මලියදේව විද්‍යාලයට ලබා දුන්නේ කඩුලු 07ක් පමණයි. එමෙන්ම ඉතාම ආරක්ෂාකාරී ලෙස පිතිකරණයේ නියැලුණු සාන්ත ආනා පිතිකරුවන් විසින් මෙම කාලය තුළ ලකුණු 208ක් ලබා ගැනීමට ද සමත් වුනා. ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය 2.00ක් ලෙස සටහන් වූ අතර, මෙහි දී සාන්ත ආනා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ දිනුග අබේසේකර පන්දු 188ක් තුළ ලකුණු 78ක් ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම යශ්මිත් ජයසුන්දර පන්දු 94කින් ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වූ අතර, දිනය අවසන් වන තෙක් කඩුල්ලේ නොදැවී රැඳී සිටි බිනුර දෙනුවන් පන්දු 128ක් තුළ ලකුණු 35ක් ලබා ගත් අතරේ, ඔහුගේ සහයට පිටියේ නොදැවී රැඳී සිටි මනුජ විජේරත්න ලකුණු 02ක් පමණක් ලබමින් පන්දු 75ක් සිය කඩුල්ල ආරක්ෂා කර ගැනීමට සමත් වුනා.
මෙහි දී සාන්ත ආනා විද්‍යාල දෙවැනි ඉනිම අවසන් කිරීමට සිය උපරිම උත්සාහය යෙද වූ තවීශ බාලසූරිය සහ සොනාල් අශ්වින් කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.
ඒ අනුව 42 වැනි ඇතුගල්පුර සටන ජය පැරදුමකින් තොරව නිමාවට පත් වූ අතර, කුරුණෑගල මලියදේව විද්‍යාලය තරගයේ පළමු ඉනිමේ ජයක් ලැබීමට සමත් වුනා.
දේශීය පාසල් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















