ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද 41වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළට අයත් කායවර්ධන තරගාවලිය පසුගියදා නිමාවට පත් වු අතර දිවයිනේ සියළුම පළාත් ආවරණය වන පරිදි ක්‍රීඩකයින් රැසක් තරගාවලිය සදහා සහභාගි වි තිබුණි. කිලෝග්‍රෑම් 55,60,65,70,75,80,85,90 සහ කිලෝග්‍රෑම් 90ට වැඩි බර පන්ති යටතේ තරගසංවිධානය වි තිබුණි.

සමස්ථ කායවර්ධන තරගාවලිය තුළ රන් පදක්කම් 3ක් ,රිදි පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් මධ්‍යම පළාත් කණ්ඩායමට ශුරතාව හිමි විය.කායවර්ධන අනුශුරතාවය බස්නාහිර පළාත් කණ්ඩායමට හිමි වු අතර ඔවුන් රන් පදක්කම් 3ක්, රිදි පදක්කම් 2ක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් විය. තරගාවලියේ සමස්ථ රන් පදක්කම් 9න් ඉතිරි පදක්කම් 3න් එක් එක් රන් පදක්කමක බැගින්  දකුණු පළාතටත් , වයඹ පළාතටත් උතුරු මැද පළාතටත් සමසේ බෙදි ගියේය.

ගියවර ශුරයන් වු බස්නාහිර පළාත මෙවර අනුශුරයන් කරමින් නිමාවට පත් වූ 41වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ දක්ෂතම කායවර්ධන ශුරයා ලෙස කිලෝග්‍රෑම් 80 බර පන්තිය නියෝජනය කරමින් තරග වැදුණු චමින්ද පිරීස් දිනාගත් අතර කිලෝග්‍රෑම් 60 බර පන්තියේ ශුරයා ලෙස උතුරු මැද පළාත නියෝජනය කළ සුදත් දිපාල් සහ කිලෝග්‍රෑම් 75බර පන්තියේ ශුරයා ලෙස මධ්‍යම පළාත නියෝජනය කළ නුවන් ගුණසේකර යන ක්‍රීඩකයන් සම්මාන දිනාගනු ලැබිය.