කොළඹ 3, මහානාම විද්‍යාලය හා කොළඹ 7, ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර 13 වැනි වරටත් පැවැත්වෙන “රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය” මාර්තු මස 29 සහ 30 දිනවල බොරැල්ල පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වීමට නියමිත ය.
මහානාම විද්‍යාලය සිව්වැනි වසරේ වර්ණලාභී පැතුම් බොතේජු විසින් ද, ඩී. එස්. සේනානායක විද්‍යාලය සිව්වැනි වසරේ වර්ණලාභී පසිඳු ආදිත්‍ය විසින් ද මෙහෙයවමින් මෙවර රන් සටනට සහභාගී වේ.
පානදුරත් – මොරටුවත් අතර ඇවිලෙන 67 වැනි රන් හටන
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර 67 වැනි වරටත් පැවැත්වෙන…
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගාවලිය නියෝජනය කරන මෙම කණ්ඩායම් දෙකම මෙවර පාසල් ක්‍රිකට් තරගවාරයේ අපරාජිතව සිටිමින් රන් මහා සටනට මුහුණ දෙන බැවින් මෙවර තරගය වඩාත් තීව්‍ර වනු ඇත. ඊටත් වඩා මෙවර තරගය තවත් තීව්‍ර වන්නේ තරග ජයග්‍රාහී පිපාසාවෙන් පෙළෙන මහානාමයන් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් වඩාත් සන්නද්ධව පිටියට පිවිසෙණු ඇතැයි පවතින විශ්වාසයයි.
එකී විශ්වාසය ද සමඟින් ජය පරාජය අතර දෝලනය වන ක්‍රිකට් ක්‍රීඩාවේ රන් අස්වනු නෙලීමට මේ සති අන්තයේ දී පී. සරා ඕවල් පිටියට පිවිසෙන කොළඹ 7, ඩී. එස්. සේනානායකවරුන්ටත් කොළඹ 3, මහානාමයන්ටත් ThePapare.com උණුසුම් සුබ පැතුම් එක් කරමින් කණ්ඩායම් දෙකේ තොරතුරු අපි මෙලෙස ඔබ වෙත යොමු කරමු.
ඩී. එස්. සේනානායක විද්‍යාලය
පසිඳු ආදිත්‍යයගේ නායකත්වය යටතේ නිමා වූ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ ඩී. එස්. සේනානායක ක්‍රීඩකයෝ මෙවර තරගවාරයේ තරග 5ක් ජයග්‍රහණය කරමින් අපරාජිතව රන් සටනට සූදානම් වීම මහානාමයන් තිගැස්සෙන හේතුවක් වී ඇත.

ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රිකට් බලඇණිය ශක්තිමත් කිරීමේ අනෙක් ක්‍රීඩකයා වන්නේ වමතින් දඟපන්දු යවන මෙතුශාන් කුමාර ය. ඔහු මෙවර පාසල් තරග වාරයේ දී කඩුලු 79ක් ලබා ගනිමින් රන් සටනට එක් වීමට සූදානමින් සිටී.

ඩී. එස්. සේනානායක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සංචිතය
පසිඳු ආදිත්‍ය (නායක) මෙතුෂාන් කුමාර, ටෙරෝන් බාස්කරන්, ටුවින් නිලුක්ෂණ, අමිත දාබරේ, උවිඳු චන්ද්‍රසිරි, මනීන්ද්‍ර ජයතිලක, විනුක ද සිල්වා, සෙනෝල් ජයසේන, පුමුදිත හර්ෂණ, සසික චන්දිල, බිනුර ලොකුපිටිය, අබිශේක් ලියනාරච්චි, දුමිඳු අශේන්, අනිෂ්ක ද සොයිසා, චමත් යටවර, අයන්ත ද සිල්වා
දිනේෂ් වීරසිංහ (ප්‍රධාන පුහුණුකරු) කාර්තික් සෙල්වන් (සහාය පුහුණුකරු) ජයතු නිලවීර (සහාය පුහුණුකරු) තරිඳු වීරසිංහ (සහාය පුහුණුකරු)
පැතුම් බොතේජුගේ නායකත්වය යටතේ රන් සටන් පිටියට පිවිසෙන මහානාම විද්‍යාලය මෙවර පාසල් ක්‍රිකට් තරගවාරයේ දී තමන් මුහුණ දුන් තරග අතුරින් තරග 2ක් ජයග්‍රහණය කරමින් අපරාජිතව තරග සමය අවසන් කිරීමට සමත් ව ඇත.


මහානාම විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සංචිතය
පැතුම් බොතේජු (නායක) සොනාල් දිනූෂ, පවන් රත්නායක, පවන්ත වීරසිංහ, බිශාන් මෙන්ඩිස්, විනුක රූබසිංහ, චමල් පොල්ගම්පොළ, දෙවිඳු කැකිරිදෙණිය, ලහිරු කාවින්ද, වත්සර පෙරේරා, ධනුක නිම්නක, අචින්ත සුපුන්, චාමිකර පීරිස්, සදිල් ප්‍රනාන්දු, ඔශේන් ගමගේ, දිලීෂ තුඩුවගේ, සචිර වැලිවත්ත, සුපුන් නයනජිත්, අවිශ්ක පෙරේරා, සවිඳු කාවින්ද, නිවින් කල්පන, සිතිජ ෂෙහාන්, ශවීන් හතුවැල්ල, චමිඳු මධුවන්ත, ඩිලාන් තාරුක, සඳරු චාමික
කැළුම් ගංගොඩවිල (ප්‍රධාන පුහුණුකරු) සොනාල් දුල්ශාන් (සහාය පුහුණුකරු)
2007 වසරේ දී ඇරඹි රන් සටන් ඉතිහාසයේ නිමා වූ තරග 12 අතුරින් මෙතෙක් ජයග්‍රහණය කිරීමට සමත් ව ඇත්තේ ඩී. එස්. සේනානායකවරුන් ය. ඒ 2014 වසරේ දී වමතින් වේගපන්දු යවන බිනුර ප්‍රනාන්දුගේ නායකත්වය යටතේ ය.
අර්ධ ශතක ඉතිහාසයක් ඉක්මවූ විද්‍යාල දෙකේ ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ක්‍රීඩකයන් ප්‍රමාණයක් ජාතික මට්ටමට හඳුන්වා දීමේ දී ඉදිරියෙන් සිටින්නේ ඩී. එස්. සේනානායකයන් ය. ඔවුන් අතුරින් වඩාත් කැපී පෙනෙන ක්‍රීඩකයන් දෙදෙනා වෙන්නේ අරවින්ද ද සිල්වා සහ හෂාන් තිලකරත්න ය. ඔවුන්ට අමතරව පුබුදු දසනායක, බිනුර ප්‍රනාන්දු, කෝසල කුරුප්පුආරච්චි, නවීඩ් නවාස් සහ ඉසුරු උදාන ද ඒ අතර වෙති.
මහානාමය වෙනුවෙන් ජාතික ක්‍රිකට් පිටියට දායාද කළ ක්‍රීඩකයන් අතුරින් ඉදිරියෙන්ම කියැවෙන්නේ ධනුෂ්ක ගුණතිලක, ඊට අමතර ව ධනංජය ද සිල්වාගේ නම ද ඒ අතර වේ.
ඇතුගල්පුර 24 වැනි එක්දින සටන ‘සාන්ත ආනා’ නමින් ලියැවෙයි
ඇතුගල්පුර ප්‍රමුඛ පෙළේ පාසල් දෙකක් වන කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කුරුණෑගල…
අරවින්ද සිල්වා අභියෝගතා කුසලාන එක්දින තරගය
දෙවිදුහල් අතර පැවැත්වෙන අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලාන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය අප්‍රේල් මස 6 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වීමට නියමිතය.
එක්දින සටන් ඉතිහාසයේ පළමු තරගයේ ජයග්‍රහණය ඩී. එස්. සේනානායක විද්‍යාලය සතු වූව ද තරග 7ක ජයග්‍රහණ සතුකර ගනිමින් වැඩි වාර ගණනක ජයග්‍රාහකයන් වීමට මහානාම විද්‍යාලය සමත්ව ඇත. ඩී. එස්. විද්‍යාලය එක්දින තරග 4ක් දිනා ඇති අතර එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් ව ඇත.
එක්දින සටන් ඉතිහාසයේ පසුගිය වසර ත්‍රිත්වයේ ජයග්‍රාහකයන් ලෙසින් මහානාම විද්‍යාලය අරවින්ද ද සිල්වා අභියෝග කුසලානය තමන් සන්තක කරගෙන සිටින අතර රන් සටන් ඉතිහාසයේ එය ඔවුන් ලැබූ අභිමානවත් ම අවස්ථාවක් වනු ඇත.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
























