කැලණි එක්දින සටනේ ජය ගුරුකුල විද්‍යාලයට

33rd Battle of the Kelaniya

5

කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය අතර 33 වැනි වරටත් පැවැති කැලණි සටන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 92ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ගුරුකුල විද්‍යාලය සමත් වූවා.  

කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී (11) පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ගුරුකුල විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 222ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 130ක් පමණයි.  

ගුරුකුල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

දෙනුර දෙමන්සිත් (නායක සහ කඩුලු රකින්නා), ජවිඳු මදුසංක, සහන් ජුමත්, සහස් ඉඳුවර, ජනිත් මිහිරංග, අතීෂ මලිඳු, ලෙශාන් සත්සර, ඔහස් සදෙව්, ඉඳුවර ඔෂද, අදීප පිංසර සහ නෙතුප සංදිව්.  

 

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

ඔමල්වි හඟ (නායක), කවීන් දෙනෙත් (කඩුලු රකින්නා), සෙනුක පැහැසර, මෙවන් රන්දීපන, තරුෂ මිහරංග, චනුල් නෙත්සිත්, සතිඳු නදීශාන්, කෝෂිත ආදිත්‍ය, මිනුක දින්සර, ටිශාන් නිපුන් සහ යශේන් රෝචන. 

පළමුවෙන්ප න්දුවට පහර දීමට පිටියට පිවිසි ගුරුකුල විද්‍යාලයීය ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ආරම්භක පිතිකරුවෝ අසමත් වූව ද 2 වැනි කඩුල්ලේ දී පන්දු 108ක දී ලකුණු 70ක සබඳතාවක් එක් කිරීමට සහස් ඉඳුවර සහ ජනිත් මිහිරංග සමත් වුණා.

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ ජනිත් මිහිරංග ගේ දැවී යෑමත් සමඟයි. ඔහු දැවී යන විට පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 33ක් ලබා සිටියා.  

සහස් ඉඳුවර 4 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 50ක් ලබා සිටියා.  

ගුරුකුල විද්‍යාලයීය ඉනිම අවසන් වෙද්දී ලෙශාන් සත්සර පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ලබා සිටියා. 

කඩුලු දවා ගැනීමේ දී මිනුක දින්සර, ටිශාන් නිපුන්, යශේන් රෝචන සහ සතිඳු නදීශාන් කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගුරුකුල විද්‍යාලයීය ඉනිමේ දුවද්දී දැවී යෑම් 4ක් සිදු වෙන අතර එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ ආරම්භක පිතිකරු සෙනුක පැහැසර. ඔහු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා.  

ඊට අමතර ව මෙවන් රන්දීපන පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ද සහ ටිශාන් නිපුන් පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 23ක් ද ලබා ගත්තා. 

කඩුලු දවා ගැනීමේ දී නෙතුප සංදිව් ලකුණු 24කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව ජනිත් මිහිරංග, ලෙශාන් සත්සර සහ ඔහස් සදේව් කඩුල්ල බැගින් දවා ගත්තා.  

 තරගයේ කෙටි ලකුණු පුවරුව 

ගුරුකුලවිද්‍යාලය – කඩුලු 8ක් දැවී 222 (50.0) සහස් ඉඳුවර 50, ජනිත් මිහිරංග 33, දෙනුර දෙමන්සිත් 21, ලෙශාන් සත්සර නොදැවී 53, ටිශාන් නිපුන් 2/35, යශේන් රෝචන 2/40, සතිඳු නදීශාන් 2/44, මිනුක දින්සර 2/21

ශ්‍රීධර්මාලෝක විද්‍යාලය – සියලුම දෙනා දැවී 130 (48.0) සෙනුක පැහැසර 31, මෙවන් රන්දීපන 24, ටිශාන් නිපුන් නොදැවී 23, නෙතුප සංදිව් 3/24  

 

ගුරුකුල විද්‍යාලයට ලකුණු 92ක ජයක්.  

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – ඉඳවර ඔෂද (ගුරුකුල විද්‍යාලය) 
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – නෙතූප සංදීව් (ගුරුකුල විද්‍යාලය) 
  • තරගයේ දක්ෂතම පිතිකරු – සහස් ඉඳුවර (ගුරුකුල විද්‍යාලය) 
  • තරගයේ වීරයා – ලෙශාන් සත්සර (ගුරුකුල විද්‍යාලය) 

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<