ලෝක කුසලාන තරග විනිශ්චයට වැඩිම සහභාගිත්වය ශ්‍රී ලංකාවෙන්

531

ලබන මැයි මස අවසානයේ සිට එංගලන්තය සහ වේල්ස් හිදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිශ්චය කටයුතු සිදු කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තෝරා ගෙන ඇති නිලධාරීන් 22 දෙනා අතර ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළත්ව සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවකට ඉන්දියාවෙන් ආරාධනාවක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකාව වන චමරි අතපත්තු ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා…

මැයි මස 30 වැනිදා සිට පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පැවැත්වීමට නියමිත තරග 48 කටයුතු කිරීම සඳහා තරග තීරකවරුන් 6 දෙනෙකුගෙන් සහ ක්‍රිකට් විනිසුරුවරුන් 16 දෙනෙකු ඇතුළත්ව සිටිති. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද එම නිවේදනයට අනුව රංජන් මඩුගල්ලේ මහතා තරග තීරකවරයෙකු ලෙස ද, කුමාර් ධර්මසේන සහ රුචිර පල්ලියගුරුගේ යන මහත්වරුන් ක්‍රිකට් විනිසුරුවරුන් ලෙස ද කටයුතු කිරීමට නියමිතව සිටිති.

ලොව ප්‍රබලතම එක්දින කණ්ඩායම් දහදෙනා අතර ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලියේ සමාරම්භය සත්කාරක එංගලන්තය සහ ප්‍රබල දකුණු අප්‍රිකාව අතර  තරගයෙන් ආරම්භ වන අතර එම තරගයේ තීරකවරයා වශයෙන් ඩේවිඩ් බූන් මහතා කටයුතු කරනු ඇත. පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කිරීමට නියමිත විනිසුරුවන් දෙදෙනා අතරින් එක් අයෙකු ලෙස කුමාර් ධර්මසේන මහතා කටයුතු කිරීම කැපී පෙනෙයි.

අවසන් වරට පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සම්මාන ප්‍රදානයේ වසරේ විනිසුරු සම්මානයෙන් පිදුම් ලද ධර්මසේන මහතාගේ අනෙක් සහායක විනිසුරුවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ඕස්ට්‍රේලියානු ජාතික පෝල් රයිෆල් මහතාය. මොවුන් දෙදෙනාම 1996 වසරේ දී ශ්‍රී ලංකාව ලෝක කුසලාන දිනා ගන්නා ලද අවසන් මහ තරගයේ දී පිළිවෙළින් අර්ජුන රණතුංග සහ මාක් ටේලර්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින් වීම ද කැපී පෙනෙයි.

ලෝක කිරුළේ සිංහයෝ කොයිබට ද?

එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ප්‍රමුඛ පෙළේ කණ්ඩායම් සියල්ලම සිය 15…

නම් කරන ද ක්‍රිකට් විනිසුරුවන් අතර නවතම ක්‍රිකට් විනිසුරුවා බවට පත්ව සිටින්නේ රුචිර පල්ලියගුරුගේ මහතාය. බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ඉකුත් 2018 වසරේ ඩකාහි පැවති ටෙස්ට් තරගයේ දී ටෙස්ට් විනිසුරු පදවියෙන් පිදුම් ලද රුචිර පල්ලියගුරුගේ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඇගයීම වෙනුවෙන් ඉකුත් වසරේ පැවති ඩයලොග් ක්‍රිකට් සම්මාන ප්‍රදානයේ දී වසරේ හොඳම ක්‍රිකට් විනිසුරුවරයාට හිමි සම්මානයට පාත්‍ර විය.

ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද විනිසුරුවරුන් අතර අත්දැකීම් බහුලම ක්‍රිකට් විනිසුරුවරයා වන්නේ පාකිස්තානු විනිසුරු අලීම් ඩාර් මහතාය. මෙය ඔහුගේ පස්වැනි ලෝක කුසලාන තරගාවලිය බවට පත්වද්දී, ඉයන් ගෝල්ඩ් විනිසුරුවරයාගේ අවසාන ලෝක කුසලාන තරගාවලිය ලෙස මෙවර තරගාවලිය සටහන් වේ. ගෝල්ඩ්ගේ සිව්වැනි ලෝක කුසලාන තරගාවලිය ලෙසින් සටහන් වන මෙම තරගාවලියේ අවසානය එළඹෙත්ම ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු පදවියෙන් විශ්‍රාම ගැනීම ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නකු ලෙසින් කටයුතු කරන ලද ගෝල්ඩ් මහතා මේ වන විටත් 61 වැනි වියේ පසුවන්නේය. 1983 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී එංගලන්ත කඩුලු රකින්නා ලෙසින් කටයුතු කරන ලද ගෝල්ඩ් මහතාගේ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු තරග දිවියේ දී ටෙස්ට් තරග 74ක්, එක්දින තරග 135ක් සහ විස්සයි විස්ස තරග 37ක විනිසුරුවරයකු ලෙස කටයුතු කොට තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු පුහුණු කඳවුරු තහනම්!

ක්‍රිස්තියානි පල්ලි සහ තරු පහේ හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමඟ ශ්‍රී…

මේ අතර සාමාජිකයින් හය දෙනෙකුගෙන් සමන්විත තරග තීරකවරුන් අතර ප්‍රවීණතම තරග තීරකයා වන්නේ රංජන් මඩුගල්ලේ මහතාය. මෙය ඔහු තරග තීරකවරයෙකු වශයෙන් කටයුතු කරනු ලබන හය වැනි ලෝක කුසලාන තරගාවලිය වශයෙන් මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉතිහාස ගත වනු ඇත. මඩුගල්ලේ මහතාට අමතරව ඇතුළත්ව සිටින සෙසු තීරකවරුන් අතර ප්‍රවීණතමයන් වන්නේ ජෙෆ් ක්‍රෝ සහ ක්‍රිස් බ්‍රෝඩ් යන මහත්වරුන් වේ. මෙම ලෝක කුසලාන තරගාවලිය ඔවුන් දෙපළගේ සිව්වැනි ලෝක කුසලාන තරගාවලිය වශයෙන් සටහන් වේ.

තරගාවලියේ මූලික වටය යටතේ තරගවලට පමණක් මොවුන් නම් කර තිබෙන අතර ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන මූලික වටයේ දී සුදුසුකම් ලබන රටවල් අනුව ඒ ඒ විනිසුරුවරුන් අවසන් පූර්ව සහ අවසන් මහ තරග සඳහා නම් කිරීමට නියමිතව තිබේ.

ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කර ඇති තරග තීරකවරුන් – රංජන් මඩුගල්ලේ, ක්‍රිස් බ්‍රෝඩ්, ඩේවිඩ් බූන්, ඇන්ඩි ප්‍රයික්‍රොෆ්ට්, ජෙෆ් ක්‍රෝ, රිචී රිචර්ඩ්සන්.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රිකට් විනිසුරුවන් – කුමාර් ධර්මසේන, අලීම් ඩාර්, මරායස් එරස්මස්, රුචිර පල්ලියගුරුගේ, ක්‍රිස් ග්‍රැෆ්නි, ඉයන් ගෝල්ඩ්, රිචර්ඩ් කෙට්ල්බ්‍රෝ, රිචර්ඩ් ඉලිංවර්ත්, නයිජල් ලෝංග්, බෲස් ඔක්සන්ෆර්ඩ්, සුන්දරම් රවී, පෝල් රයිෆල්, රොඩ් ටකර්, මයිකල් ගෆ්, පෝල් විල්සන්, ජොයෙල් විල්සන්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<