ජාත්‍යන්තර මේසපන්දු සංගමය සහ ආසියානු මේසපන්දු සංගමය එක් ව 28 වැනි වරටත් සංවිධානය කරන ආසියානු මේසපන්දු කණ්ඩායම් ශූරතාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (13) චින,මැකාවෝ කණ්ඩායම පරාජය කිරීමට සමත් වෙනවා.
ඉන්දියාවේ Bhubaneswar හි දී පැවැත්වෙන මෙම තරගාවලියේ අද පැවැති තරගවල දී නායිකා බිමන්දි බණ්ඩාර අවස්ථා 2ක දී ද සහ ශමල්ෂා දෙවිමි එක් අවස්ථාවක දී ද ජයග්‍රහණ වාර්තා කරන ලද අතර ටමාදි කාවින්ද්‍යාට අද තරගය සාර්ථක ව අවසන් කිරීමට හැකි වෙන්නෙ නැහැ.
අද තරගයේ දී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුවෙන් තරග පිටියට පිවිසෙන්නේ ටමාදි කාවින්ද්‍යා. Seak Hui Li සමඟින් පැවැති එම තරගයේ පළමු වට දෙක අවසන් වෙන්නේ 11-4ක් සහ 11-9ක් ලෙසින් ටමාදි කාවින්ද්‍යාට ජයග්‍රහණය හිමි වෙමින්.
අනතුරු ව පැවැති වටය 11-5ක් සේ පරාජය වෙන ටමාදි කාවින්ද්‍යා ඉන් අනතුරුව වටයේ දී ප්‍රතිවාදිනිය හා කරට කර සටනක නිරත වෙනවා. එලෙස පැවැති තරගය 11-13ක් ලෙසින් ජයග්‍රහණය කළ ප්‍රතිවාදිනිය අවසන් වටයේ දී ද 8-11කින් තරගය ජයග්‍රහණය කරමින් තරගය 2-3ක් ලෙසින් අවසන් කරනවා.
අනතුරු ව ශ්‍රී ලංකා ව වෙනුවෙන් තරග බිමට පිවිසෙන්නේ නායිකාව වන බිමන්දි බණ්ඩාර. ඇයගේ ප්‍රතිවාදිනිය වූයේ Huang Cheong Leng. බිමන්දි ද තම පළමු වටයේ තරගය ඉතා පහසුවෙන් ම ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. ලකුණු තත්ත්වය වූයේ 11-6ක්. නමුත් දෙවැනි වටයේ දී ඇයට 6-11ක් ලෙසින් පරාජය වීමට සිදු වෙනවා.
ඒ සමඟින් 1-1ක් සේ වූ තරගයේ සෙසු වට 2 දී ලකුණු 11-7ක් සහ 11-4ක් ලෙසින් ජයග්‍රහණය කරන බිමන්දි බණ්ඩාර තරගය අවසන් කරනනේ තරග වට 3-1ක ජයග්‍රහණයක් ලබා ගනිමින්.
- ශෆිඋල්ලා අක්රම් ගේ උත්සාහය අපතේ යයි
- චමීර සහ චනුල් කිර්ගීස්තානය පරාජය කරයි
- මොංගෝලියාව පරාජය කළ ශ්‍රී ලංකාව, තායිලන්තයට පරාජය වෙයි
- අධික වැසි මැද්දේ ලෝක ශූරතාවට සාර්ථක අවසානයක්
- බේස්බෝල් ශූරතාව ආනන්ද විද්‍යාලයට
ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවැනියට තරග බිමට පිවිසෙන්නෙ ශමල්ෂා දෙව්මි. ඇයගේ ප්‍රතිවාදිනිය වූයේ Cheong Chi Hun. මෙම තරගය තරග වට 5ක් දක්වා පැවැති අතර තරගය අවසන් වෙන්නෙ තරග වට 3-2ක ජයග්‍රහණයක් ශමල්ෂා දෙව්මි වෙත හිමි වෙමින්.
එම තරගයේ දී පළමු වට ද්විත්වය 12-10ක් සහ 11-8ක් ලෙසින් ශමල්ෂා දෙව්මි ජයග්‍රහණය කරන අතර තෙවැනි වටයේ දී 10-12ක ජයග්‍රහණයක් ද සහ සිව් වැනි වටයේ දී නැවත 6-11ක ජයග්‍රහණයක් ද ප්‍රතිවාදී ක්‍රීඩිකාව සතු වෙනවා.
අනතුරු ව දෙදෙනා අතර පැවැති අවසන් වටයේ දී ශමල්ෂා දෙව්මි 11-9ක් සේ ප්‍රතිවාදිනිය පරාජය කිරීමට සමත් වෙනවා.
ඒ වෙද්දී තරගයේ 2-1ක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉදිරියෙන් සිටි අතර අනතුරු ව නැවත තරග බිමට පිවිසියේ නායිකා බිමන්දි බණ්ඩාර. ඇය ගේ ප්‍රතිවාදිනිය වූයේ ටමාදි කාවින්ද්‍යා පරාජයට පත් කළ Seak Hui Li.
එම තරගයේ පළමු වටය අවසන් වෙන්නේ ප්‍රතිවාදී ක්‍රීඩිකාව ඉදිරියෙන් සිටිමින්. ලකුණු තත්ත්වය 9-11ක් ලෙසින් පැවැතියා. නමුත් එතැන් සිට තරගය තමාගේ දෙසට නංවා ගැනීමට බිමන්දි බණ්ඩාර සමත් වෙනවා.
ඇය ඉතිරි තරග වට ත්‍රිත්වය අවසන් කරන්නේ 11-2ක්, 11-8ක් සහ 14-2ක් ලෙසින් ජයග්‍රහණය කරමින්. ඒ අනුව ඇය එම තීරණාත්මක තරගය 3-2කින් ජයග්‍රහණය කරන ලද අතර මැකාවෝ සමඟ පැවැති තරගයට ද 3-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා.
මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හෙට (14) පස්වරු 6.30ට ඉරානය සමඟින් තරග වැදීමට නියමිතයි.
28 වැනි ආසියානු මේසපන්දු කණ්ඩායම් ශූරතාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<






















