හපුගොඩගේ ප්‍රහාරයෙන් සුපිරි වටයේ මංගල ජය හැව්ලොක්ට

331

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සුපිරි වටය ආරම්භ කරමින් දෙවන වටය අවසානයේ පළමු ස්ථානය දිනා ගත් හැව්ලොක් ක්‍රීඩා සමාජය හා සිව්වැනි ස්ථානය දිනා ගත් CR&FC කණ්ඩායම අද (23) කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී තරග වැදුණි. එතරම් තරගකාරී නොවුනත් තියුණු තරගයක් අවසානයේ ලකුණු 21-14ක් ලෙස තරගයේ ජය හිමි කර ගත්තේ හැව්ලොක් ක්‍රීඩා සමාජයයි.

ගැමුණු චේතියගේ වේගයෙන් ගුවන් සෙබළුන් අමාරුවේ වැටෙයි

දෙවන අර්ධයේ සුපිරි ප්‍රහාරයකින් ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 36-26ක…

මෙම තරගය කුසලාන වටයේ පළමු තරගය වූ අතර හැව්ලොක් කණ්ඩායමට මේ තරගය ඉතාම වැදගත් වූයේ ඔවුන්ට මහනුවර ක්‍රීඩා සමාජයට පහසුවෙන් අභියෝග කිරීමට මේ තරගයේ අමතර ප්‍රසාද ලකුණ අවශ්‍ය වූ නිසයි. කෙසේ වෙතත් ප්‍රබල CR ක්‍රීඩකයින් ඔවුන්ට එම ඉලක්කයට ළඟා වීමට ඉඩ ඉතිරි කළේ නැත.

රීසා මුබාරක්ගේ පා පහරින් ගුවනට මුසු වූ පන්දුව ඔමල්ක ගුණරත්න රැක ගත්තේ උණුසුම් තරගයක දොරගුළු විවර කරමිනි. විනිසුරු චාලි බ්‍රවුන් මෙම තරගයේ විනිසුරු ලෙස කටයුතු කළ අතර පළමු මිනිත්තු කිහිපයේ දී ම පන්දුවත් සමඟ ක්‍රීඩා කිරීමට CR ක්‍රීඩකයින් සමත් විය.

කෙසේ වෙතත් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට හැව්ලොක් ක්‍රීඩක තීක්ෂණ දසනායක සමත් විය. CR ක්‍රීඩකයින් තිදෙනෙක් නොමඟ යවමින් ඔහු සුපිරි ධාවනයක යෙදුණු අතර රීසා මුබාරක් සුපුරුදු ලෙස අමතර ලකුණු රැස් කරන්නට සමත් විය. (හැව්ලොක් 07-00 CR)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

මිනිත්තු කිහිපයක් CR ක්‍රීඩකයින් සිය අර්ධයේම සිර කර තබන්නට හැව්ලොක් ක්‍රීඩකයින් සමත් වුනත් විමුක්ති රාහුලගේ අතපසුවීමක් ප්‍රයෝජනයට ගත් ගැමුණු චේතිය උත්සාහක දිනුමක් සොරා ගන්නට සමත් විය. තරින්ද රත්වත්ත අලංකාර ලෙස අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (හැව්ලොක් 07-07 CR)

අනතුරුව දෙවතාවක්ම හැව්ලොක් ක්‍රීඩකයින් උත්සාහක දිනුම් සීමාව ආසන්නයටම යාමට සමත් වුනත් ඔවුන් ඒ දෙවතාවේම ලකුණු රැස්කර ගැනීමට තරම් වාසනාවන්ත වූයේ නැත.

35 වන මිනිත්තුවේ දී හැව්ලොක් කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වුනත් රීසා එම දඬුවම් පහර සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත.

පළමු අර්ධයට අවසානයට මොහොතක් තිබිය දී හැව්ලොක් කණ්ඩායමට CR අර්ධයේ Line out අවස්ථාවක් හිමි වූ නමුත් සුපුරුදු ලෙස Rolling maul ආකරයට ඉදිරියට යාමට CR ක්‍රීඩකයින් ඔවුන්ට ඉඩක් ඉතිරි කළේ නැත.

පළමු අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 07 (1T, 1C) – 07 (1T, 1C) CR&FC කණ්ඩායම

පළමු අර්ධයේ නොසිතූ ලෙස හැව්ලොක් කණ්ඩායමට ප්‍රබල ආක්‍රමණයක් එල්ල කළ CR ක්‍රීඩකයින් නොමඟ යවමින් රීසා පන්දුවට පා පහරක් දී ඉදිරියට යාමට උත්සහ කළත් චාමර දාබරේට හා රීසා මුබාරක්ට පෙර පන්දුවට ළඟා වීමට කෙවින් ඩික්සන් සමත් වූයේ ඉතා ආසන්න අවස්ථාවක් හැව්ලොක් ක්‍රීඩා සමාජයට අහිමි කරමිනි.

මහනුවර ආධිපත්‍ය හැව්ලොක් හමුවේ සුනුවිසුනු වෙයි

ඩයලොග් අන්තර් සමාජය ලීග් රග්බි තරගාවලියේ සුපිරි වටයට තවත් සතියක් ඉතිරිව තිබිය දී මේ වන විට….

කෙසේ වෙතත් දෙවන අර්ධයේ පිටියට පිවිසුණු මිතුන් හපුගොඩ පෙර තරගයේ මෙන්ම අද තරගයේදීත් පෙරළියක් කරමින් CR ක්‍රීඩකයින්ගෙන් මිදී අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. රීසා පහසුවෙන් අමතර ලකුණු එකතු කරන ලදි. (හැව්ලොක් 14 -07 CR)

කණ්ඩායම් දෙකම තරමක උදාසීන බවකින් ක්‍රීඩා කළ අතර වරින් වර අතපසුවීම් රාශියක් සිදු කිරීම නිසා විනිසුරුට වරින් වර තරගය නවත්වන්නට ද සිදු විය. 52 වන මිනිත්තුවේ දී විනිසුරු චාලිගේ සුරතින් කහ කාඩ්පතක් ලබා ගන්නට CR ක්‍රීඩක සිවරාජ්ට සිදු විය.

57 වන මිනිත්තුවේ දී හරිත් බණ්ඩාර හට ද කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියා කළේ CR කණ්ඩායම දරුණු අර්බුදයකට ඇද දමමිනි.

ඉන් උපරිම ඵල  නෙලාගත් මිතුන් හපුගොඩ සිය දෙවන උත්සාහක දිනුමත් වාර්තා කළේ CR ආරක්ෂක වළලු පහසුවෙන් ඉක්මවා යමිනි. රීසා නැවත වරක් පහසුවෙන් අමතර ලකුණු රැස් කරන්නට සමත් විය. (හැව්ලොක් 21-07 CR)

70 වන මිනිත්තුවට ආසන්නයේ CR ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් කරා යාමට ප්‍රබල උත්සහයක් දරුවත් ඔමල්ක හට එම අවස්ථාව සාර්ථක කර ගැනීමට හැකි නොවීය.

වීරයන් මුණගැසෙන සුපිරි වටයේ ජය කාටද?

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ හා දෙවන වටයේ තරග මේ වන විට අවසන්…

73 වැනි මිනිත්තුවේ දී විනිසුරුවරයෙකු හා කතා බහක් ඇති කර ගැනීම හේතුවෙන් මිතුන් හපුගොඩ හට කහ කාඩ්පතක් හිමි වූයේ CR කණ්ඩායමට අවසන් මිනිත්තු කිහිපයේ වාසියක් හිමි කර දෙමිනි.

එම වාසිය උකහාගත් කවිඳු පෙරේරා අලංකාර පාද චලනයකින් පහසුවෙන් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ ලකුණු පරතරය ලකුණු හත දක්වා රැගෙන එමිනි. එහි අමතර ලකුණු ද එකතු කිරීමට සිවරාජ් සමත් විය. (හැව්ලොක් 21-14 CR)

අවසන් මිනිත්තු පහේ දී තරගය ඉතා උණුසුම් වූ අතර CR කණ්ඩායමට ඉදිරියට යෑමට නොදී කෙසේ හෝ ජයග්‍රහණයේ එල්ලී සිටින්නට හැව්ලොක් ක්‍රීඩකයින් සමත් විය.

අවසන් ලකුණු තත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 21 (3T, 3C) – 14 (2T, 2C) CR&FC කණ්ඩායම

ThePapare.com තරගයේ වීරයා – අස්මීර් ෆජුදින්

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • හැව්ලොක් – මිතුන් හපුගොඩ (2T), තීක්ෂණ දසනායක (1T), රීසා මුබාරක් (3C)
  • CR&FC – ගැමුණු චේතිය (1T), කවිඳු පෙරේරා (1T), තරින්ද රත්වත්ත (1C), සිවරාජ් (1C)  

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<