බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අනිද්දා (15) ආරම්භ වන අතර එහි පළමු තරගය ඩකා හිදී පැවැත්වෙනු ඇත.
[rev_slider LOLC]
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී බංග්ලාදේශ පරාජය කරමින් ලකුණු 79ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඉන්පසුව පැවැත්වූ ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට කෙමෙන් කෙමෙන් අවතීර්ණ වෙමින් සිටින මොහොතක මෙම විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පැවැත්වේ.
ලබන මාසයේ දී ආරම්භ වීමට නියමිත නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන මෙම තරගාවලිය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වනු ඇත.
මුරලිගෙන් ඇරඹී ලක්මාල්ගෙන් අලුත් වූ කඩුලු ශතක සමාජය
1982න් ඇරඹි ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ කඩුලු ශතක සමාජයට අලුතෙන්ම එක් වූ..
මුහුණට මුහුණ
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය මේ දක්වා අන්තර්ජාතික විස්සයි විස්ස ක්‍රිකට් තරග 7ක දී එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 5ක ජය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වෙද්දී බංග්ලාදේශ කණ්ඩායම තරග දෙකක් ජයග්‍රහණය කර ඇත.
ප්‍රහාරාත්මක ක්‍රීඩකයින්
උපුල් තරංග

සබීර් රෙහ්මාන්

කුසල් ජනිත්

මහමදුල්ලා

ප්‍රබල පන්දු යවන්නෝ
තිසර පෙරේරා

ශකීබ් අල් හසන්

අකිල ධනංජය

මස්ටෆයිසුර් රහමාන්

ඩකා තණතීරුව පිටිය හා කාලගුණ තත්ත්වය
ප්‍රේක්ෂකයින් 32,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස මෙම ක්‍රීඩා පිටිය සැලසුම් කර ඇත.
2016 වර්ෂයට පසුව මෙම ක්‍රීඩා පිටියේ විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. මෙහි තණතීරු මත ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරග 6කට සහභාගි වී තරග 3ක් ජයග්‍රහණය කර ඇති අතර බංග්ලාදේශය මෙම තණතීරුව මත විස්සයි විස්ස තරග 19කට සහභාගි වී තරග 7ක් ජයග්‍රහණය කරද්දී, තරග 12ක් පරාජය වී ඇත. යම්හෙයකින් මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත් පළමුව පන්දු යැවීම වඩාත් සුදුසු වෙයි.
තරගයේ දී ප්‍රබල සාධකයක් විය හැකි කාලගුණ තත්ත්වය සලකා බැලීමේ දී පළමු විස්සයි විස්ස තරගය පුරාවටම පැහැදිලි අහසක් දිස්වනු ඇත. පැයට කිලෝමීටර් 11 – 16 දක්වා සුළඟේ වේගය විචලනය විය හැකි අතර 17°C – 25°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.
සිලේට් තණතීරුව පිටිය හා කාලගුණ තත්වය
ප්‍රේක්ෂකයින් 18,500කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ දී 2014 වර්ෂයට පසුව විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. යම්හෙයකින් මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත් පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි.
තරගයේ දී ප්‍රබල සාධකයක් විය හැකි කාලගුණය දෙස බැලූ විට, මෙම තරගය පුරාවටම පැහැදිලි අහසක් දිස්වනු ඇත. පැයට කිලෝමීටර් 6 – 20 දක්වා සුළඟේ වේගය විචලනය විය හැකි අතර, 21°C – 30°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.
වර්තමාන තත්ත්වය
ශ්‍රී ලංකා කණ්ඩායම දැනට බංග්ලාදේශ කණ්ඩායමට සාපේක්ෂව පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර බංග්ලාදේශය දැනට (ජනවාරි 29) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 10 වන ස්ථානයේ පසු වේ. ඔවුන් ලකුණු 1289ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 76ක් ලබා ගෙනයි. ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමේ 8 වන ස්ථානයේ පසුවන්නේ ලකුණු 2385ක් හා ප්‍රසාද ලකුණු 88ක් ලබා ගෙනයි.
අවසන් නිගමනය
තරග ඉතිහාසය පිරික්සා බලන කළ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේ ශූරතාවය ලබා ගැනීමට වැඩි ඉඩකඩක් තිබුනත්, තරගාවලිය තුළ අඩුපාඩු හා දුර්වලතා අවම ලෙස පවත්වාගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය. මන්ද ක්‍රිකට් යනු අවිනිශ්චිතතාවයම මත රැඳුණු ක්‍රීඩාවක් වන නිසාවෙනි.
6 පහර 7ක් සමඟින් සංගා වැඩ පෙන්වයි
පෙබරවාරි මස 6 වැනිදා සිට 11 දක්වා පැවැත්වූ හොංකො “T20 බ්ලිට්ස්” ක්‍රිකට් තරගාවලියේ…
අපේක්ෂිත සංචිත
ශ්‍රී ලංකා සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, ෂෙහාන් මධුශංක, ජෙෆ්රි වැන්ඩර්සේ, අකිල ධනංජය, අමිල අපොන්සෝ, ජීවන් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු
බංග්ලාදේශ සංචිතය – ශකීබ් අල් හසන් (නායක), තමීම් ඉක්බාල්, සෞම්‍ය සර්කාර්, මුෂ්ෆිකර් රහීම්, මහමුඩුල්ලා, සබීර් රෙහ්මාන්, මුස්ටෆිසුර් රෙහ්මාන්, රුබෙල් හුසේන්, මොහොමඩ් සයිෆුද්දීන්, අබු ජායේඩ්, අරිෆුල් හක්, මහේදි හසන්, සකීර් හසන්, ඇෆීෆ් හුසේන්.
තරග කාලසටහන
- පළමු තරගය – පෙබරවාරි 15 බ්‍රහස්පතින්දා ඩකා පිටියේ දී (සවස 4.30 සිට)
- දෙවන තරගය – පෙබරවාරි 18 ඉරිදා සිලේට් පිටියේ දී (සවස 4.30 සිට)
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















