පසුගිය දා සිංගප්පූරුවේ දී නිමාවට පත්වූ 11 වැනි ආසියානු කාන්තා දැල්පන්දු ශූරතා තරගාවලියේ අපරාජිත ශූරයන් වූ ශ්‍රී ලංකා කාන්තා දැල්පන්දු කණ්ඩායම අද (11) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි අතර එහි දී ඔවුන් මහත් හරසරයෙන් පිළිගැනිණි. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් පිළිගැනීමේ උත්සවයේ කටයුතු සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලංකා කාන්තා දැල්පන්දු කණ්ඩායමේ නායිකා චතුරංගි ජයසූරිය තම කණ්ඩායමේ ජයග්‍රහණ සතුට මෙලෙස ThePapare.com අප හමුවේ පැවසීය.
“ජයග්‍රහණය පිළිබඳ සතුටුයි. ජයග්‍රහණය කළ කණ්ඩායමේ නායිකාව විදිහට මමත්, මගේ කණ්ඩායම ගැනත්, පුහුණුකාරිනිය ගැනත් නිහතමානී ආඩම්බරයක් තියෙනවා. මුල සිටම අපි පුහුණුවීම් කළේ මෙවර ආසියානු කුසලානය මව්බිමට රැගෙන ඒමටයි. අපි හැමෝම ලොකු කැපකිරීමක් කරලා තමයි මෙම ජයග්‍රහණය ලබා ගත්තේ.”
ආසියානු ශූරතාවය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා දැල්පන්දු කණ්ඩායම – චතුරංගි ජයසූරිය (නායිකාව), දර්ශිකා අබේවික්‍රම (උප නායිකාව), තර්ජිනී සිවලිංගම්, ගයනි දිසානායක, තිලිණි වත්තේගෙදර, ගයාංජලි අමරවංශ, සුරේකා ගමගේ, හසිතා මෙන්ඩිස්, දුලංගි වන්නිතිලක, නෞචලී රාජපක්ෂ, දුලංගා ධනංජි, එලිලෙන්දිනි සේතුකාවලර්.
තරගාවලිය සඳහා රටවල් 12ක කාන්තා දැල්පන්දු කණ්ඩායම් සහභාගී වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මූලික වටයේ දී B කාණ්ඩය යටතේ ඉන්දියාව සහ චීන තායිපේ යන රටවල් සමඟ තරග කළහ. පළමු තරගය චීන තායිපේ සමඟ පැවති අතර එහි දී ලකුණු 137-05ක් ලෙස ඉතා විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. ඉන්පසු අසල්වැසි ඉන්දීය කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ද ලකුණු 101-29ක් ලෙස විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කර කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ලාංකේය ක්‍රීඩිකාවන් සමත් විය.
වසර 9කට පසුව ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරියෝ වෙති
සැප්තැම්බර් මස 1 වැනිදා ආරම්භ වූ 11 වන ආසියානු දැල්පන්දු ශූරතා කුසලාන …
ඉන්පසු පැවති දෙවන වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මලයාසියාව, සිංගප්පූරුව සහ හොංකොං රාජ්‍යය සමඟ තරග කළේය. සිංගප්පූරුව සමඟ පැවති තරගයෙන් ලකුණු 74-61ක් ලෙසත්, මලයාසියාව සමඟ පැවති තරගයෙන් ලකුණු 62-59ක් ලෙස හා හොංකොං රාජ්‍යය සමඟ පැවති තරගයෙන් ලකුණු 71-48ක් ලෙසත් ජයග්‍රහණය කර අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ජයග්‍රාහී කණ්ඩායමේ නව පුහුණුකාරිණිය ලෙස කටයුතු කළේ තිලකා ජිනදාස මහත්මිය යි. මාස 08ක් වැනි කෙටි කලකින් තිලකා ජිනදාස පුහුණුකාරිණිය කළ වික්‍රමය සැබවින්ම අගය කළ යුතුය. ඇය තම කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳ අදහස් අප සමඟ බෙදා ගත්තේ මෙලෙසෙනි.

මෙම ආසියානු ශූරතා ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කාන්තා දැල්පන්දු කණ්ඩායම එළඹෙන 2019 වසරේ එංගලන්තයේ ලිවර්පූල් හිදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීය. ඔවුන් සහභාගී වීමට නියමිත එම ලෝක කුසලාන තරගාවලියත්, අනෙකුත් තරගාවලීන් සියල්ලක්ම ජයග්‍රහණය කිරීමට හැකි වේවායි ThePapare.com අපි සුබ පතන්නෙමු.
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<





















