17න් පහළ පාසල් බාලිකා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය අද

126

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව පළමු වරට සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (28දා) කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

රත්ගම දේවපතිරාජ විද්‍යාලය, බොරැල්ල ගෝතමී බාලිකා විද්‍යාලය, නුගේගොඩ අනුලා විද්‍යාලය සහ ඔක්කම්පිටිය විජයබා විද්‍යාලය තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති අතර, අද (28දා) පෙරවරුවේදී රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ බොරැල්ල ගෝතමී බාලිකා විද්‍යාලය අතර වන පළමු අවසන් පූර්ව තරගය පැවැත්වේ. නුගේගොඩ අනුලා විද්‍යාලය සහ ඔක්කම්පිටිය විජයබා විද්‍යාලය අද (29) පස්වරුවේදී දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග වදිනු ඇත.

නුගේගොඩ අනුලා විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයේදී එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය පරදවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, අර්ධ අවසන් පූර්ව වටයේදී පොරමඬුල්ල මධ්‍ය මහා විද්‍යාලය පැරදවූ කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ඔක්කම්පිටිය විජයබාහු මහා විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයේදී බුත්තල දුටුගැමුණු ජාතික පාසල පරදවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, අර්ධ අවසන් පූර්ව වටයේදී ඇතිලිවැව ඩී.එස්. සේනානායක මහා විද්‍යාලය පැරදවූ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
අවසන් පූර්ව තරග සඳහා සුදු පන්දු යොදා ගැනෙන අතර, ක්‍රීඩිකාවන් වර්ණ ඇඳුම් පැලැඳ ක්‍රීඩා කරනු ඇත. අවසන් තරගය සහ තෙවැනි ස්ථානය සඳහා වූ තරගය හෙට (29දා) මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.
මෙම තරග පසුගිය ජුනි 29 සහ 30 දිනයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණද ඒ දිනවල ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමිනි.