නුගේගොඩ මහමායා බලය පතුරුවයි – කනිෂ්ඨ ජාතික කැරම් තරගාවලිය

118

මේ දිනවල මහරගම කැරම් සම්මේලන මූලස්ථානයේදී පැවැත්වෙන 14 වැනි කනිෂ්ඨ ජාතික කැරම් ශූරතාවලියේ වයස 13න් පහළ බාලක ශූරතාව කොළඹ රාජකීය විද්‍යාලයේ රිද්මාල් දිම්සර දිනාගනිද්දී එම බාලිකා ශූරතාව නුගේගොඩ මහමායා විද්‍යාලයේ තස්මිලා කාවින්දි දිනාගනු ලැබූහ.

ඒ අනුව එම බාලක අවසන් තරගයේදී රිද්මාල් දිම්සර අතින් ලකුණු 25-24ක් ලෙස මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ සුභාෂ් මදුරංග පරාජයට පත්වූ අතර බාලිකා අංශයේදී නුගේගොඩ මහමායා විද්‍යාලයේ තස්මිලා කාවින්දි අතින් ලකුණු 25-4ක් ලෙස එම විද්‍යාලයේම තරුෂි දිව්‍යාංජලී පරාජයට පත්විය.

තවද 13න් පහළ බාලිකා අංශයේ අංක එක සිට හතර දක්වා සියලු ස්ථාන නුගේගොඩ මහමායා විද්‍යාලයට හිමිවීම විශේෂත්වයක් වූ අතර ඒ අනුව අංක තුන සහ හතර ස්ථානද පිළිවෙළින් නිපුනි දිල්රුක්ෂි හා විහඟ ජනුද්දි දිනාගනු ලැබූහ.

එසේම 13න් පහළ පිරිමි අංශයේ අංක තුන කළම්බු සවුත් ජාත්‍යන්තර පාසලේ වින්දියා නානායක්කාරට හිමිවෙද්දී අංක හතර ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ දිත්‍යාන් ගුණසේකරට හිමිවිය.