නුගේගොඩ අනුලා බාලිකා විද්‍යාලය සහ කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලය අතර පළමු වරට පැවැති රැජිණියන්ගේ ගැටුම වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ලකුණු 150ක ජයග්‍රහණයක් ලබා ගනිමින් මංගල තරගාවලියේ ජයග්‍රහණය ලබා ගැනීමට අනුලා විද්‍යාලය සමත් වෙනවා.
අද (31) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් අනුලා විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගන්නවා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 262ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ගෝතමී බාලිකා විද්‍යාලයට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 112ක් පමණයි.
අනුලා බාලිකා විද්‍යාලයීය කණ්ඩායම
දැහැමි සනෙත්මා (නායිකාව), ඕෂදී ජීවන්ති, යෙනුලි සනෙත්මා, තනුෂි රන්දිලා (කඩුලු රකින්නිය), ජිතුලි අනුජනා, චමත්කා නෙලුමි, යෙසලි ජිතාරා, ධනුජි ඉමේෂ්කා, රුමේෂි තිලක්ෂණා, දිනාලි තිනායා සහ මනෝෂි කෞෂල්‍යා.
ගෝතමී බාලිකා විද්‍යාලයීය කණ්ඩායම
රුහිනි සූරියප්පෙරුම (නායිකාව), කවිදි ගුණසේකර (කඩුලු රකින්නිය), සිතුමි කෝරලගේ, තවිශා දනුෂි, රනුලිමා ප්‍රනාන්දු, ඉමායා සිල්වා, සුවනි දඹකුඹුර, ජින්ජර් සෙබස්තියන්, යසස්මි චාතුර්යා, චමුදි ආලෝකා, චමල්ශා රුවන්මලි.
පළමුවෙන් පන්දුවට පහර දුන් අනුලා විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා දැහැමි සනෙත්මා. ඇය පන්දු 93කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 81ක් ලබා ගන්නවා.
ඊට අමතර ව අනුලා විද්‍යාලයීය ඉනිම ආරම්භ කළ යෙනුලි සත්නදී පන්දු 79කට මුහුණ දෙමින් ලකුණු 79ක් ලබා ගන්නවා. ඇය අනෙක් ආරම්භක පිතිකාරිනී තනුෂි රන්දිලා සමඟ එක් වෙමින් පළමු කඩුල්ලට ලකුණු 120ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වෙනවා. එහි දී තනුෂි රන්දිලා පන්දු 75කට මුහුණ දෙමින් ලකුණු 25ක් ලබා ගන්නවා.
ඉනිම අවසන් වන විට ජිතුලි අනුජනා පන්දු 47ක දී නොදැවී ලකුණු 25ක් ද ලබා සිටියා.
ඔවුන්ගේ ඉනිමට අතිරේක ලකුණු 40ක් ද එක් වූ අතර කඩුලු දවා ගැනීමේ දී චමල්ශා රුවන්මලි, රුහිනි සූරියප්පෙරුම සහ ඉමායා සිල්වා කඩුල්ල බැගින් දවා ගන්නවා.
- Hayleys පරාජය කරමින් Maliban Biscuits ජය ගනී
- සම සත්කාරකයන්ගේ 2025 ලෝක කුසලාන වන්නම්
- ඕස්ට්‍රේලියා යෞවනියෝ ඇප නැතිව ගෙදර යයි
- ශ්‍රී ලංකාව 3-0කින් තරගාවලිය ජය ගනී
- සංජනා, චමෝදි සහ අසෙනි දක්ෂතා දක්වයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගෝතමී බාලිකා විද්‍යාලයීය කණ්ඩායමේ පිතිකාරිනියන් අතුරින් ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වෙන්නේ පිතිකාරිනියන් තිදෙනෙක්ට පමණයි. ඒ අතුරින් වැඩිම ලකුණුලාභිනිය වන්නේ අංක 10 පිතිකාරිනිය ලෙසින් පිටියට පිවිසි චමුදි ආලෝකා. ඇය පන්දු 50කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 30ක් ලබා ගන්නවා.
ඊට අමතර ව ඉමායා සිල්වා පන්දු 17ක දී ලකුණු 12ක් ද සහ රනුලිමා ප්‍රනාන්දු පන්දු 36ක දී ලකුණු 10ක් ද ලෙසින් ලබා ගත්තා. ඔවුන්ගේ ඉනිමේ, ලකුණු අතර වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වූයේ අතිරේක ලකුණු 37යි.
කඩුලු දවා ගැනීමේ දී යෙසලි ජිතාරා ලකුණු 27කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව රුමේෂි තිලක්ෂණා කඩුලු 2ක් ද, මනෝෂි කෞෂල්‍යා, ජිතුලි අනුජනා සහ චමත්කා නෙලුමි කඩුල්ල බැගින් ද ලබා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
අනුලා බාලිකා විද්‍යාලය – කඩුලු 3ක් දැවී 262 (50.0)යෙනුලි සත්නදී 79, තනුෂි රන්දිලා 25, දැහැමි සනෙත්මා නොදැවී 81, ජිතුලි අනුජනා නොදැවී 25
ගෝතමී බාලිකා විද්‍යාලය – සියලුම දෙනා දැවී 112 (43.3) චමුදි ආලෝකා නොදැවී 30, යෙසලි ජිතාරා 4/27, රුමේෂි තිලක්ෂණා 2/21
අනුලා බාලිකා විද්‍යාලයට ලකුණු 150ක ජයක්.
- තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – දැහැමි සෙනෙත්මා (අනුලා බාලිකා විද්‍යාලය)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















