තවිරු සහ ගිමන්ත මහානාම පළමු ඉනිමේ ගෞරවය රැක දෙයි

19th Battle Of The Gold

212

කොළඹ මහානාම විද්‍යාලය සහ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය අතර 19 වැනි වරට ක්‍රියාත්මක වන රන් සටන මහා ක්‍රිකට් තරගය ඊයේ කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. 

මෙම තරගයේ කාසියේ වාසිය මහානාම විද්‍යාලය සතු වූ අතර, ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. 

මෙහි දී මහානාම විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 235ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ සඳහා ඔවුන්ට පන්දුවාර 78ක් වැය වුනා. 

මහානාම ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ තවිරු පෙරේරා ලකුණු 77ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් අන්තර්ගත වුනා. 

මීට අමතරව ඉනිමේ අනෙක් අර්ධ ශතක ලාභියා වෙමින් පන්දු 125කින් ලකුණු 56ක් ලබා ගැනීමට ගිමන්ත දිසානායක විසින් සමත් වූ අතර, ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත වුනා. 

මහානාම ඉනිමේ කඩුලු 8ක් ලකුණු 98ක් තුළ බිඳ වැටීමෙන් පසුව තවිරු සහ ගිමන්ත දෙදෙනා කඩුල්ලේ එක් වූ අතර, 09 වැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් විසින් ලකුණු 137ක විශිෂ්ට සබඳතාවක් ගොඩ නැංවීමට සමත් වීම විශේෂත්වයක්. 

ඩී.එස්.සේනානායක විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ශනල් බිනුශ්ක කඩුලු 05ක් දවා ගැනීමට සමත් වූ අතර, දහම් නිර්මාල් සහ ඩිලාශ් කුමාරනායක කඩුලු 2බැගින් දවා ගැනීමට සමත් වුනා. 

මහානාම පළමු ඉනිමෙන් අනතුරුව ඩී.එස්. ක්‍රීඩකයින් සිය පළමු ඉනිම ක්‍රියාත්මක කිරීමට පිටියට පිවිසුණු අතර, ඊයේ දිනය තුළ ඔවුන් පන්දුවාර 6කට මුහුණ දෙමින් ලකුණු 13ක් ලබා ගැනීමට සමත් වී සිටියා. 

මේ අනුව ඩී.එස් ක්‍රීඩකයින් තවමත් මහානාම පළමු ඉනිමට වඩා ලකුණු 22ක් පිටුපසින් පසු වනවා. 

තරගයේ දෙවැනි දිනය අද (10) ක්‍රියාත්මක වීමට නියමිතයි. 

පාසල් ක්‍රිකට් වසන්තයේ සියලු උණුසුම් තරග දසුන්, තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<