ගාල්ල මහින්ද විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර පැවැත්වෙන 120 වැනි ආදරවන්තයින්ගේ සටන ඊයේ (03) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.
ඉතිහාසයේ ප්‍රථම වරට දින තුනක් ක්‍රියාත්මක වන මෙම තරගයේ කාසියේ වාසිය රිච්මන්ඩ් විද්‍යාලය සතු වූ අතර, ඔවුන්ගේ ආරාධනයෙන් මහින්ද විද්‍යාලය පළමු ඉනිම ක්‍රියාත්මක කිරීමට පිටියට පිවිසුණා.
මෙහි දී මහින්ද ඉනිමේ කඩුලු හතරක් ලකුණු 106ක් තුළ බිඳ හෙළීමට රිච්මන්ඩ් විද්‍යාලය සමත් වූ අතර, ඉන් පසුව නායක කවීන් රුක්ශාන් සහ සෙනුක දංගමුව කඩුල්ලේ එක් වුනා.
ඔවුන් දෙදෙනා විසින් පස් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89ක් එක් කිරීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
මෙහි දී නායක කවීන්ට ඔහුගේ අර්ධ ශතකය එක් ලකුණකින් මග හැරී ගිය අතර, සෙනුක විසින් එම කඩ ඉම පසු කර යමින් ලකුණු 58ක් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් මෙම සබඳතාවෙන් අනතුරුව නැවතත් මහින්ද ඉනිම බිඳ වැටීම ආරම්භ වූ අතර, ඊයේ දිනයට තරගය නතර කරන විට මහින්ද ක්‍රීඩකයින් පන්දුවාර 73ක් තුළ කඩුලු 9ක් දැවී ලකුණු 217ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
මෙහි දී රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ පුබුදු මිහිරංග කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර, මලිත් ද සිල්වා කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.
තරගයේ දෙවැනි දිනය අද (04) ක්‍රියාත්මක වීමට නියමිතයි.
පාසල් ක්‍රිකට් වසන්තයේ සියලු උණුසුම් තරග දසුන්, තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<