යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනය සාන්ත ජෝන්ස් විද්‍යාලය අතර 119 වැනි වරටත් පැවැති උතුරු සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් යාපනය මධ්‍ය මහා විද්‍යාලය කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා.
ඔවුන් මෙම ජයග්‍රහණය ලබා ගන්නේ පිට පිට වසර ද්විත්වයක ලත් පරාජයන්ට පසුවයි.
1904 වසරේ දී පළමු වරට ඇරඹි මෙම තරගය යාපනය අර්ධද්වීපයේ පැවැත්වෙන පැරණිතම වාර්ෂික මහා ක්‍රිකට් තරගය වන අතර මෙරට පැවැත්වෙන පැරණිතම මහා ක්‍රිකට් තරග අතර සිව් වැනි පැරණිත ම තරගය ලෙසින් ද ලැයිස්තු ගත වෙනවා.
යාපනය සාන්ත ජෝන්ස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Murfin Randyo (නායක), Uthayanan Abijoyshanth, Satkunarajah Vinukshan, Jeeva Abisan, Kirubakaran Sanjuthan (කඩුලු රකින්නා), Sivakumar John Nathenia, Nageshwaran Krishan, Puvaneshvaran Kishanth, Ganeshamoothy Kowsikan, Uthayakumar John Shanon, Kugathas Mathulan.
යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Antanareshan Abishek (නායක), Jeyaseelan Jenoshan, Kabilan Amalan, Matheeswaran Karthigan, Iyathure Kabishek (කඩුලු රකින්නා), Nagarasa Sajith, Murali Thison, Jesuthasan Nitharsan, Pathmakumaran Navinthan, Valantaen Haris, Thavarasha Venujan.
කාසියේ වාසිය දිනා ගත් යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත ජෝන්ස් විද්‍යාලය තම පලමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 119ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී යාපනය මධ්‍ය මහා විද්‍යාලයට ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 95ක් පමණයි.
ඒ අනුව ලකුණු 24ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත ජෝන්ස් ක්‍රීඩකයෝ එවර සියලුම දෙනා දැවී ලකුණු 223ක් ලබා ගන්නවා. තරගයේ සිව් වැනි ඉනිම ආරම්භ වෙන්නේ පළමු ඉනිමේ පරාජිත යාපනය මධ්‍ය මහා විද්‍යාලයට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 248ක ඉලක්කයක් ලැබෙමින්.
ඔවුන් එම ඉලක්කය කඩුලු 7ක් පමණක් අහිමි කර ගනිමින් සපුරා ගනිමින් මෙවර උතුරු සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය ගැනීමට සමත් වෙනවා.
- සෙබස්තියන්වරුන් රන් සටනේ තෑගි මේසය අකුලා ගනී
- සිහින සංග්‍රාමය විසඳුමක් නැතිව අවසන් වෙයි
- Major Club සුපිරි 8 වටයේ තරග අද සිට
- දෙවැනි පෙළ එක්දින ශූරතාව හික්කඩුව සුමංගලයන්ට
- සුලෝහිත සංග්‍රාමයට නෙතුල්ගෙන් ශතකයක්
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත ජෝන්ස් විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වෙන්නේ Satkunarajah Vinukshan. ඔහු පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ලබා ගන්නවා. එම ඉනිමේ කඩුලු 5ක් ලකුණු 92කට දැවී ගිය අතර ඉතිරි කඩුලු 5 ලකුණු 27ක් තුළ දැවී යනවා.
එහි දී දකුණතින් මඳ වේග පන්දු යැවූ Murali Thison ලකුණු 39කට කඩුලු 5ක් දවා ගන්නවා. ඊට අමතර ව Valantaen Haris ද කඩුලු 3ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ඉනිම ද එතරම් ම සාර්ථක වෙන්නේ නැහැ. ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ Antanareshan Abishek. ඔහු පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගන්නවා.
එම ඉනිමේ කඩුලු 5ක් ලකුණු 41කට දවා ගැනීමට වමතින් දඟ පන්දු යවන Ganeshamoothy Kowsikan සමත් වෙනවා. ඔහුට අමතර ව Murfin Randyo ද කඩුලු 3ක් දවා ගන්නවා.
සාන්ත ජෝන්ස් විද්‍යාලයීය 2 වැනි ඉනිමේ දී Uthayanan Abijoyshanth පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 121ක් ලබා ගන්නවා.
ඊට අමතර ව Murfin Randyo පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගන්නවා.
එම ඉනිමට එරෙහි ව පළමු ඉනිමේ දී ද කඩුලු 5ක් දවා ගත් Murali Thison ලකුණු 78කට කඩුලු 7ක් දවා ගැනීමට සමත් වෙනවා. ඒ අනුව ඔහු තරගයේ දී ලකුණු 117කට කඩුලු 12ක් දවා ගන්නවා.
ඔහුට අමතර ව Valantaen Haris ද කඩුලු 3ක් දවා ගන්නවා.
පිළිතුරු හඹා යන ඉනිමට පිටියට පිවිසි යාපනය මධ්‍ය මහා විද්‍යාලයිය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පන්දු යැවීමේ දී ද දක්ෂතා දැක් වූ Murali Thison. ඔහු තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 81ක් ලබා ගන්නවා.
ඔහු Jesuthasan Nitharsan හා එක් ව 8 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 93ක සබඳතාවක් ද ගොඩ නගනවා. එහි දී Jesuthasan Nitharsan පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබා ගන්නවා.
ඔවුන්ට අමතර ව Kabilan Amalan ද පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 44ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Murfin Randyo ලකුණු 65කට කඩුලු 2ක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සාන්ත ජෝන්ස්විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 119 (42.2) Satkunarajah Vinukshan 22, Murali Thison 5/39, Valantaen Haris 3/37
- යාපනය මධ්‍ය මහාවිද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 95 (40.0) Antanareshan Abishek 23, Ganeshamoothy Kowsikan 5/41, Murfin Randyo 3/19
- සාන්ත ජෝන්ස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම -දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 223 (53.4) Uthayanan Abijoyshanth 121, Murfin Randyo 34, Murali Thison 7/78, Valantaen Haris 3/62
- යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම -දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 250 (64.4) Jeyaseelan Jenoshan 20, Kabilan Amalan 44, Murali Thison නොදැවී 81, Iyathure Kabishek 21, Jesuthasan Nitharsan නොදැවී 44, Murfin Randyo 2/65
යාපනය මධ්‍ය මහා විද්‍යාලයට කඩුලු 3ක ජයක්.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















