ලෝක කුසලාන ඉතිහාසය 11- වසර 28කට පසු ඉන්දියාව කිරුළ ජයග්‍රහණය කරයි (2011)

204

එතෙක් තිබු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ලෝක කුසලාන ආධිපත්‍ය බිද දමා ඔවුන්ගෙන් කිරුළ ලබා ගැනිමට ඉන්දියාව සමත් වුයේ ශ්‍රි ලංකා පිලේ සිහින බිද දමමින්ය.

දේශිය මාධ්‍ය රැකවරණයන් සමගින් හා බිලියනයකට අධික ඉන්දියානුවන් බලා සිටියදි ඉන්දිය කණ්ඩායම මෙම දස්කම පැවේ තම රටේදි ලෝක කුසලානයක් ජයගත් ලොව පළමු  කණ්ඩායම වෙමින්ය.

උප මහාද්විපයට නැවතත් වසර 16කට පසු ලෝක කුසලාන තරගාවලියක් පැවැත්විමට ලැබුනු අතර මේ සදහා ඉන්දියාව, ශ්‍රි ලංකාව හා බංග්ලාදේශය සත්කාරකත්වය ලබා දුන්නේය. පළමුවෙන් පකිස්ථානයද සත්කාරක රටවල් අතර සිටි අතර 2009 වසරේදි ශ්‍රි ලංකා පිලට ලාහෝර් හිදි එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නිසාවෙන් ඔවුන්ගේ සත්කාරකත්වය අහිමි විය. කණ්ඩායම් 14ක් එවරදි සහභාගි වු අතර ඔවුන් කාණ්ඩ 2කින් තරග වැදුනේ ක්‍රිඩාපිටි 13ක පැවැති තරග 49කදිය. ඩි.ආර්.ඒස් ක්‍රමයද ප්‍රථම වතාවට ලෝක කුසලානයකදි භාවිතා විය. 

ආරම්භක තරගය මිර්පුර් හිදි පෙබරවාරි 19වන දින පැවැත්වුයේ සත්කාරක රටවල් 2ක් වු ඉන්දියාව හා බංග්ලාදේශය අතරය. ඉන්දියාව මෙහිදි දැවැන්ත ලකුණු 370ක් රැස් කලේ කඩුළු 4ක් පමණක් අහිමි කොට ගෙනය. සුපිරි ක්‍රිඩක විරෙන්ද්‍ර ශේවාග් පන්දු 140කදි ලකුණු 175 රැස් කල අතර විරාත් කෝලීද ශතකයක් රැස් කිරිමට සමත් විය. තරගය ජයගැනිම අපහසු වුවද බංග්ලාදේශ ක්‍රිඩකයින් පිලිතුරු වශයෙන් ප්‍රශංසාත්මක ඉනිමක් ගොඩ නැගුවේ ලකුණු 283ක් රැස් කරමින්ය.

ජය-පරාජයෙන් තොරව අවසන් වු ලකුණු 676ක තරගය….

ඉන්දියාව හා එංගලනතය අතර තරගය බැංගලෝර්හිදි පැවැති අතර තෙන්ඩුල්කාර්ගේ ලකුණු 120ත් සමග ඉන්දිය පිල ලකුණු 338ක ඉලක්කයක් එංගලන්තයට  ලබා දුන්නේය. ඇන්ඩෲ ස්ට්‍රාවුස්  පන්දු 145කදි ලකුණු 158ක් ඇස් කලේය. ඉයන් බෙල් හා ඔහු ඉන්දියාවට තර්ජනයක් විය. නමුත් ලකුණු 281ක් තම කණ්ඩාම රැස් කර තිබියදි පවර් ප්ලේ ලබා ඕවර ලබා ගැනිමට එංගලන්තයට අවශ්‍ය විය. මෙම ඕවර තුලදි ක්‍රියාත්මක වූ සහීර් කාන් විසින් බෙල් හා ඇන්ඩෲ එකම ඕවරකදි දවාගන්නා ලදි. කොලින්ග්වුඩ්ට හා ප්‍රයර්ටද සිදු වුයේ එම ඉරණමටම මුහුණ දිමටය. එංගලන්තයට ඕවර 5කදි ලකුණු 50ක් ලබා ගැනිමට අවශ්‍යව තිබු අතර ස්වෝන්, බ්‍රෙන්සන් හා ශාසාඩ් ලකුණු අතරට පිවිසියේය. කෙසේ වෙතත් අවසන් ඕවරයේදි ජයගැනිමට එංගලන්තයට ලකුණු 14ක් අවශ්‍ය වු අතර පන්දු යවන ලද්දේ මුනාෆ් පටෙල් විසිනි. දැඩි උණුසුම් තරගයක් වූ මෙම තරගය අවසන් වුයේ ජය-පරාජයකින් තොරවය. ඒ එංගලන්තය අවසන් ඕවරය තුල ලකුණු 13ක් පමනක් රැස් කිරිම නිසාවෙන්ය.     

අයර්ලන්තය ජයකෙළි නංවයි….

ප්‍රාතිහාර්යයන් කෙරෙහි විස්වාස නොකරන්නන් 2011 වසරේදි සිටියේ නම් ඔවුන් දුටු පළමු ප්‍රාතිහර්යය චින්නාස්වාමි හිදි සිදු විය. එංගලන්තය හා අයර්ලන්තය අතර මෙම තරගය පැවැත්වුනේ ඉන්දු-එංගලන්ත තරගය අවසන් වි දින 3කට පසුවය. කෙසෙවුවද ට්‍රොට්, පිටර්සන් හා බෙල් අර්ධ ශතක රැස් කලේ තම පිලට දෙවන වරටත් ලකුණු 300 කඩ ඉම පසු කිරිමට ඉඩකඩ ලබා දුන්නේය. ඔවුන් ලකුණු 327ක් රැස් කරන විට අයර්ලන්ත බළපොරොත්තු සුන් වී ගොස් තිබිණ.

අයර්ලන්ත පිතිකරුවන් 5 දෙනෙකු ලකුණු 111ක් තුල දැවි ගොස් සිටියේය. නමුත් පැය එකහාමාරකදි මේ සියල්ල වෙනස් කිරිමට අයර්ලන්ත ක්‍රිඩක කෙවින් ඕ’බ්‍රයන් සමත විය. ඔහුගේ අබාධිත දණහිස පසෙකලා ඔහු තම ප්‍රහාරය ආරම්භ කලේය. ඕ’බ්‍රයන් හා ඇලෙක්ස් කුසැක් පවර් ප්ලේ ඕවර තුලදි ලකුණු 62ක් රැස් කලේය. කෙවින් හට තම අර්ධ ශතකය රැස් කිරිමට ගත වුයේ පන්දු 30ක් පමණි. තවත් පන්දු 20ක් තුලදි තම ශතකය රැස් කිරිමට සමත් වු කෙවින්, ලෝක කුසලානයකදි වෙගවත්ම ශතකය රැස් කල ක්‍රිඩකය බවට පත් විය. කෙවින් හා ඇලෙක්ස් එකව ඕවර 17කදි ලකුණු 162ක් රැස් කලේය. කුසැක් ලකුණු 47කට දැවි ගියද, ඔවුන් ලකුණු 300 සිමාවට ඕවර 46කදි පැමිනියේය. හතරේ පහර 14ක් හා හයේ පහර 6ක් සමගින් ලකුණු 113ක් රැස් කල කෙවින් දැවිගියේය. මුනි හා ජොන්ස්ටන් අවසන් ඕවරයේදි අයර්ලන්තයට ජය ගෙන දුන්නේය. මෙම ලකුණු හඹා යැම ලෝක කුසලාන ඉතිහාසයේ සාර්ථකම හඹා යැම බවට පත්විය.

දකුණු අප්‍රිකානුවන් පෙරමුණ ගත් බොලිවුඩ් තිරය…..  

මාර්තු 6වන දින එංගලන්ත-දකුණු අප්‍රිකා තරගය චෙන්නායි හිදි පැවැත්විණ. පලමුවෙන් පන්දුවට පහරදුන් එංගලතය ලකුණු 171කට සිමා කිරිමට එංගලන්ත දගපන්දු යවන්නන් වන ඉමාන් තාහීර් හා රොබින් පිටර්සන් සමත් වුනේ ඔවුන් දෙදෙනා අතර කඩුළු 7ක් බෙදා ගනිමින්ය. එක් මොහොතකදි දකුණු අප්‍රිකානුවන් ලකුණු 123ක් ලබා සිටියද ඇන්ඩෙර්සොන් ක්‍රියත්මක වි ඩිවිලියර්ස් දවා ගත් අතර ඩු ප්ලේසිස් දුවද්දි දවා ගැනිමට බෙල් සමත් විය. කාටවත් සිතාගත නොහැකිව දකුණු අප්‍රිකානුවන්ගෙ කඩුළු 4ක් ලකුණු 3ක් තුලදි දැවි ගියේය. ඩෙල් ස්ටෙන් හා වැන් එක්ව ලකුණු 33ක් රැස් කලද වැන්ගෙ කඩුල්ල දවා ගැනිමට බ්‍රෙන්සන් සමත් විය. ස්ටුවර්ට් බ්‍රෝඩ් අවසන් කඩුළු 2ක දවා ගත්තේ දකුණු අප්‍රිකානුවන්ට ලකුණු 6ක පරාජයක් එක් කරමින්ය. 

මෙම පරාජයත් සමගම සතියකින් පසු ඉන්දියාව සමග දකුණු අප්‍රිකානුවන් නාග්පුර් හිදි තරග වැදිණි. ඉන්දියාව ලකුණු 296ක් රැස් කල අතර සචින් තෙන්ඩුල්කාර් නැවතත් පන්දු 101කදි අගනා ලකුණු 111ක් රැස් කලේය. ඔහු ශේවාග් හා එක්ව ඕවර 17කදි ලකුණු 142ක් රැස් කලේය. පිලිතුරු ඉනිම ක්‍රිඩා කිරිමෙදි හශිම් අම්ලා ලකුණු 61ක් ද කාලිස් ලකුණු 69ක් ද රැස් කිරිමට සමත් විය. කාලිස් දැවි යාමත් සමග පිටියට පිවිසි ඩිවිලියර්ස් පන්දු 39කදි ලකුණු 52ක් රැස් කලේය. අවසන් ඕවර 10දි ජයගැනිමට ඔවුන්ට ලකුණු 73ක් අවශ්‍යව සිටියේය. බෝතා පන්දු 15කදි අගනා ලකුණු 23ක් රැස් කලේය. ඩු ප්ලෙසිස් අවසන් ඕවරයෙදි හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමගින් තම රටට ජය ගෙන දුන්නේය. 

උණුසුම් වු අර්ධ අවසන් පුර්ව තරග….

කණ්ඩායම් තරග අවසන් වි තිබුණු අතර ඕස්ට්‍රේලියානුවන් එකදිගට ලෝක කුසලාන තුලදි තරග 34ක් ජයගෙන සිටියිය. නමුත් ඔවුන්ගේ වාර්තාව බිද දැමිමට පකිස්ථානුවන් කොළබදි සමත් විය. “ඒ” කාණ්ඩයේ පෙරමුණට පකිස්ථානයත්, දෙවන තැනට ශ්‍රි ලංකාවත් ඊලග තැනට ඕස්ට්‍රේලියාව හා නවසීලන්තයත් පැමිණ සිටි අතර “බී” කාණ්ඩයේ පෙරමුණ පිලිවෙලින් දකුණු අප්‍රිකාව, ඉන්දියාව, එංගලන්තය හා කොදෙව්වන් ලබා සිටියේය. 

ආසියානු ආධිපත්‍ය….

උප මහාද්විප කාණ්ඩායම් 3ක් අවසන්  පුර්ව තරග සදහා සුදුසුකම් ලැබු අතර ඔවුන් සදහා වැඩි බළාපොරොත්තු තබාගැනිමට ප්‍රේක්ෂකයින්ට සිදු විය. මිර්පුර් හිදි කොදෙව්වන් සමග පැවැති තරගයෙන් කඩුළු 10ක ජයක් ලබා ගැනිමට පකිස්ථානය සමත් වූ අතර අෆ්-රිඩ්  ලකුණු 30කට කඩුළු 4ක් ලබගත්තේ කොදෙව්වන් සියල්ල ලකුණු 112කට සීමා කරමින්ය. මෙම ඉලක්කය පකිස්ථානුවන්ට ඉත පහසු විය. 

අහමෙඩාබාඩ් හිදි ඉන්දියානුවන් හමුවේ පසු බැස තම ක්‍රිකට් ආධිපත්‍ය අත හැරිමට ඕස්ට්‍රේලියානුවන්ට සිදු විය. ඕස්ට්‍රේලියානුවන් ලකුණු 260ක් රැස් කල අතර ශතකයකින් දායක විමට නායක පොන්ටින් සමත් විය. ඉන්දියානුවන් එක් විටකදි 187/5 ලබා සිටියද යුවරාජ් හා සුරෙශ් එක්ව ඉන්දියාව ජය කරා රැගෙන ගියේය. 

අවසන් පුර්ව තරගයට සුදුසුකම් ලැබු අසියානු නොවන එකම කණ්ගායම විමට නවසීලන්තය සමත් විය. ලකුණු 49කින් දකුණු අප්‍රිකානුවන් පැරදු ඔවුන් ලකුණු 221ක ඉලක්කයක් දකුණු අප්‍රිකානුවන්ට ලබා දුන්නේය. ජෙසී රයිඩර් ලකුණු 83ක් රැස් කලේය. මෙම ඉලක්කය පහසු ඉලක්කයක් වුවද ජෙකොබ් ඔරම් පැමින කාලිස් ව දවා ගැනිමත් සමගම ඩිවිලියර්ස්ද අවාසනාවන්ත ඩ් හුවද්දි දැවි යැමකට හසු විය. පසු ගිය තරගයේ ක්‍රිඩා නොකල ඔරම් මෙම තරගයේදි කඩුළු 3ක් ලබා ගත්තෙය. දකුනු අප්‍රිකා අවසන් කඩුළු 8ක් ලකුණු 64කදි බිද වැටින. අවසානයේදි නැවත ක්‍රියාත්මක වූ ඔරම් තවත් කඩුල්ලක් ලබා ගත්තේ ලකුණු 39කට කඩුළු 4ක් තමා නමට ලියා ගනිමින්ය.

එංගලන්ත ක්‍රිඩා සවාරිය අවසන් වුයේ ශ්‍රි ලංකාව හමුවේ කොළඹදි ලැබු කඩුළු 10ක පරාජයත් සමගය. එංගලන්තය ලකුණු 229ක් රැස් කලේ කඩුළු 6 ක් අහිමි කරගෙනය. නමුත් මෙම ඉලක්කය පහසුවෙන් ලබා ගැනිමට ඩිල්ෂාන් හා තරංග සමත් වුයේ දෙදෙනාම ශතක 2ක් රැස් කරමින්ය. තරංග ලකුණු 102ක් හා ඩිල්ෂාන් ලකුණු 108ක් රැස් කලේය.

ඉන්දියාව හා ශ්‍රි ලංකාව ඉදිරියටම…….

මාර්තු 29වන දින ශ්‍රි ලංකාව හා නවසීලන්තය තරග වැදුනේ 2007දිද අවසන් පුර්ව තරගයට තරග වැදි කණ්ඩායම් දෙක ලෙසින්ය. ප්‍රේමදාස පිටිය පිරී ඉතිරී ගොස් තිබිණ. ලෝක ශුර දගපන්දු යවන මුරලිගේ අවසන් ශ්‍රි ලංකා තරගය මෙය විය. තම අවසන් පන්දුවෙදි ස්කොට් ස්ටයිරිස් දවා ගැනිමට ඔහු සමත් විය. නවසීලන්තය ලබා ගත්තේ ලකුණු 217ක් පමනි. ඩිල්ෂාන් ලකුණු 73ක් රැස් කරමින් ආරම්භ කල ප්‍රහාරය තරගය මැද භාගයෙදි සුළු වෙලාවකට ගිලිහි ගිය අතර නැවතත් එය ගොඩ ගැනිමට තිලාන් හා මැතිව්ස් සමත් විය. ඒ සමගම සිංහයින් අවසන් තරගයට සුදුසුකම් ලබා අවසන්ව තිබිණි.

ඉන්පසු දිනයේදි දැඩි උණුසුම් තරගයක් පකිස්ථානය හා ඉන්දියාව අතර පැවැත්වින. දහස් ගණන් ප්‍රෙක්ෂකයින් මොහාලි පිටියට පැමිණි අතර, ලොව වටා බිලියනයකට අධික පිරිසක් රූපවාහිණිය තුලින් තරගය නැරඹිය. ඉන්දියාව ලකුණු 260ක් රැස් කල අතර තෙන්ඩුල්කාර් ලකුණු 85ක් තම පිලට එක් කලේය. වහාබ් රියස් කඩුළු 5ක් ලබා ගත්තේය. පකිස්ථානයට ලබාගත් හැකි වුයේ ලකුණු 231ක් පමණි. ඉන්දියාව ලකුණු 29කින් තරගය ජයගෙන අවසන් තරගයට සුදුසුකම් ලැබිය.

පලක් නැති වූ අගනා ශතකයක් 

ඉන්දියාව හා ශ්‍රි ලංකාව අවසන් තරගයෙදි කිරුල සදහා තරග වැදින. මෙම අවසන් තරගය, ආසියානු කණ්ඩායම් 2ක් තරග වැදුනු අවසන් තරගය විය. කණ්ඩායම් දෙකම තම දෙවන කිරුල ලබා ගැනිමට වෙහෙස විය. ශ්‍රි ලංකාව පළමුවෙන් ක්‍රිඩා කල අතර මහේල ජයවර්ධන අගනා ශතකයක් රැස් කලේ තරගයේ මුල් භාගයේ කාගෙත් අවධානය තමා වෙත ලබා ගනිමින්ය. මහේලගේ පහරවල් ප්‍රේක්ෂකයින් මවිතයට පත් කලේය. පන්දු 49ක් ගෙන ඔහු තම අර්ධ රැස් කලද, ශතකය රැස් කිරිමට ඔහුට ගත වුයේ තව පන්දු 39ක් පමණි. අවසන් තරගයකදි ශතකයක් රැස් කල 6වන ක්‍රිඩකයා බවට ඔහු පත් විය. අවසානයේ තිසර පෙරෙර හා නුවන් කුලසේකර එකව ශ්‍රි ලංකා පිලට ලකුණු 274ක් ලබා දුන්නේය. 

පිලිතුරු ඉනිම ක්‍රිඩාකිරිමේදි ඉන්දියානු ආරම්භක පිතිකරුවන් වන තෙන්ඩුල්කාර් හා ශේවාග් මුලදිම පිටියෙන් ඉවත් කිරිමට මාලිංග සමත් විය. නමුත් ගාම්භීර් හා කෝලි එකව සියල්ල වෙනස් කලේය. ගාම්භිර් ලකුණු 97ක් රැස් කලේය. දොනි හා යුවරාජ් එක්ව තරගය අවසන් කලේ පන්දු 79කදි ලකුණු 91ක් ලබා ගනිමින්ය. නායක දොනි තරගයේ අවසන් ලකුණ රැස් කල අතර, වසර 28කට පසු ඉන්දියානුවන් නැවතත් ලෝක කුසලාන කිරුල ජයගත්තේය.