CDB A කණ්ඩායමට තවත් ජයක්

10th Singer - MCA Super Premier League T20 Tournament 2025

169
10th Singer - MCA Super Premier League T20 Tournament 2025

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය. සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ද සහයෝගය ඇතිව 10 වැනි වරටත් සංවිධානය කරන MCA Super Premier League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (12) පැවැති CDB A සහ David Pieris Group A කණ්ඩායම් අතර තරගයෙන් CDB A ක්‍රීඩකයෝ ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා.

කොළඹ Bloomfield  ක්‍රිකට් සමාජ පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් CDB A නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි David Pieris ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 94ක් පමණයි. එම ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී ලබා ගැනීමට CDB A ක්‍රීඩකයෝ සමත් වෙනවා.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි David Pieris Group A කණ්ඩායම විසින් ලබා ගත් ලකුණු සංඛ්‍යාවෙන් හරි අඩකට වටා ලබා ගන්නේ තරින්ද නිර්මාල්. ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 48ක් ලබා ගන්නවා.

ඊට අමතර ව එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු තරිඳු අමරසිංහ ලකුණු 10ක් ලබා ගන්නා ලද අතර අනෙක් කිසිඳු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා එළැඹීමට ඉඩ ලැබෙන්නෙ නැහැ.

කඩුලු දවා ගැනීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 15කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභියා වූ අතර ඊට අමතර ව ඉසිත විජේසුන්දර, තරිඳු රත්නායක සහ ලහිරු මදුශංක කඩුලු ද්විත්වය බැගින් ද, සොනාල් දිනූෂ කඩුල්ලක් ද දවා ගත්තා.

හඹා යන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි CDB A ක්‍රීඩකයෝ තවත් පන්දු 25ක් ඉතිරි ව තිබිය දී ජයග්‍රහණය කරා පිය නගන්නේ කඩුලු 5ක් අහිමි කර ගනිමිනුයි.

එම ඉනිම වෙනුවෙන් ලසිත් අබේරත්න පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ද සහ පවන් රත්නායක පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී මංජුල ගන්නිලේ සහ අසිත වන්නිනායක කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නා ලද අතර අකිල එලබොඩගේ ද කඩුල්ලක් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • David Pieris Group A – සියලුම දෙනා දැවී 94 (19.4)තරින්ද නිර්මාල් 48, ලහිරු මදුශංක 2/33, ඉසිත විජේසුන්දර 2/08, දුනිත් වෙල්ලාලගේ 3/15, තරිඳු රත්නායක 2/11
  • CDB A – කඩුලු 5ක් දැවී 97 (20.0)ලසිත් අබේරත්න නොදැවී 28, පවන් රත්නායක 26, මංජුල ගන්නිලේ 2/16, අසිත වන්නිනායක 2/16

CDB A කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<