මහනුවර ත්‍රිත්ව සහ සාන්ත අන්තෝනි විද්‍යාලය අතර 107 වැනි වරටත් පැවැති කන්ද උඩරට නිල් මහා සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පැවැති තත්ත්වයන් යටතේ ත්‍රිත්ව විද්‍යාලයට ජයග්‍රහණය ප්‍රදානය කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළා.
අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 157ක් ලබා ගත් අතර ඊට පිළිතුර ලෙසින් ත්‍රිත්ව විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 264ක් ලබා ගන්නවා.
ලකුණු 107ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩකයෝ එවර ලබා ගන්නේ ලකුණු 170ක් පමණයි. ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ත්‍රිත්ව විද්‍යාලයට අවශ්‍ය වූයේ ලකුණු 64ක් පමණයි. එම ඉලක්කය වෙනුවෙන් පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලය පන්දු 32ක දී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 63ක් ලබා ගනිමින් තරගයේ ලකුණු සම කළ අතර එම අවස්ථාවේ පැවැති නොසන්සුන් තත්ත්වය මත නැවත තරගය පැවැත්වීමට හැකි වෙන්නේ නැහැ.
ඒ අනුව තරගයේ ජයග්‍රහණය ත්‍රිත්ව විද්‍යාලයට ප්‍රදානය කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළා.
>>ආදම් හිල්මි කන්ද උඩරට නිල් මහ සටනට ශතකයක් එක් කරයි<<
තරගයේ 3 වැනි සහ අවසන් දිනය උදා වෙන්නෙ ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 107ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 9ක් වෙද්දී දැවී ගොස් තිබියදීයි. අද ඔවුන්ගේ ඉනිම ලකුණු 170කට සීමා වෙනවා.
එම ඉනිමේ දී නායක කෞෂික කුමාරසිංහ පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 59ක් ලබා ගනිමින් ඉනිමේ වැඩි ම ලකුණුලාභියා බවට පත් වූවා.
ඊට අමතර ව කවිඳු නවාංජනා පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණ 36ක් ද සහ සනුක කල්පන පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 29ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී කනිල්ක ඇන්තනී ලකුණු 56කට කඩුලු 6ක් දවා ගන්නවා. ඔහු තරගයේ දී ලකුණු 110ක දී කඩුලු 10ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
ඔහුට අමතර ව චනිරු සේනාරත්න කඩුලු 2ක් ද සහ දිනාල් ප්‍රනාන්දු කඩුල්ලක් දවා ගන්නවා.
- රාජකීය – සාන්ත තෝමස් නිල් සටන විසඳුමක් නැතිව අවසන් වෙයි
- 74 වැනි රන් මහා සටනට සියල්ල සූදානම්!
- වසර ද්විත්වයකට පසු උතුරු සටනේ ජය යාපනය මැදි විදුහලට
- සෙබස්තියන්වරුන් රන් සටනේ තෑගි මේසය අකුලා ගනී
- සිහින සංග්‍රාමය විසඳුමක් නැතිව අවසන් වෙයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලයීය ඉනිම වෙනුවෙන් නායක දිමන්ත මහවිතාන ගේ පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 26ක් ලබා ගන්නවා.
ඔහු පුලීශ තිලකරත්න හා එක් වෙමින් පළමු කඩුල්ලට ලකුණු 51ක සබඳතාවක් එක් කරනවා. පුලීශ තිලකරත්න දැවී යන විට පන්දු 10කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 11ක් ලබා සිටියා.
ඉනිමේ දැවී ගිය කඩුල්ලේ හිමිකාරීත්වය දසුන් වලියංග සතු වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 157 (57.3) සිසල් හේමක නොදැවී 64, කෞෂික කුමාරසිංහ 44, චනිරු සේනාරත්න 2/30, කනිල්ක ඇන්තනී 4/54, දිනාල් ප්‍රනාන්දු 2/09
- මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු සියලුම දෙනා දැවී 264 (82.3) දිමන්ත මහවිතාන 54, ආදම් හිල්මි 125, සෙත්මික සෙනෙවිරත්න 29, කවීෂ සමරතුංග 3/55, සිසල් හේමක 3/41
- මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 170 (60.4) සනුක කල්පන 29, කවිඳු නවාංජන 36, කෞෂික කුමාරසිංහ 59, චනිරු සේනාරත්න 2/51, කනිල්ක ඇන්තනී 6/56
- මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 63 (5.2) දිමන්ත මහවිතාන නොදැවී 23
තරගයේ ජයග්‍රහණය මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ප්‍රදානය කරයි.
Result
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Sanuka Kalpana | lbw b Chaniru Senarathna | 1 | 5 | 0 | 0 | 20.00 |
| Sisal Hemaka | not out | 64 | 161 | 0 | 0 | 39.75 |
| Kavindu Navanjana | lbw b Sethmika Senevirathne | 0 | 9 | 0 | 0 | 0.00 |
| Praveen Gamage | b Chaniru Senarathna | 4 | 12 | 0 | 0 | 33.33 |
| Dinul wijesinghe | c Adham Hilmy b Dinuka Tennakon | 15 | 65 | 0 | 0 | 23.08 |
| Kaushika Kumarasinghe | c Viduka Dhammage b Dimantha Mahavithana | 44 | 46 | 0 | 0 | 95.65 |
| Sadew Amarakoon | c Sethmika Senevirathne b Pubudu Bandara | 5 | 15 | 0 | 0 | 33.33 |
| Sanithu Gunathilaka | c Hasintha Jayasooriya b Kanilka Anthony | 0 | 5 | 0 | 0 | 0.00 |
| Dasun Waliyanga | c Pulisha Thimeth Thilakarathna b Kanilka Anthony | 10 | 19 | 2 | 0 | 52.63 |
| Rayan Gregory | lbw b Kanilka Anthony | 5 | 5 | 0 | 0 | 100.00 |
| Kaveesha Samarathunga | b Kanilka Anthony | 0 | 0 | 0 | 0 | 0.00 |
| Extras | 9 (b 0 , lb 1 , nb 1, w 2, pen 5) |
| Total | 157/10 (57.3 Overs, RR: 2.73) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Sethmika Senevirathne | 15 | 2 | 34 | 1 | 2.27 | |
| Chaniru Senarathna | 13 | 4 | 30 | 2 | 2.31 | |
| Praveen Mithila Dineth | 2 | 1 | 1 | 0 | 0.50 | |
| Pulisha Thimeth Thilakarathna | 2 | 1 | 1 | 0 | 0.50 | |
| Kanilka Anthony | 15.3 | 1 | 54 | 4 | 3.53 | |
| Dinitha Siriwardena | 6 | 2 | 9 | 2 | 1.50 | |
| Viduka Dhammage | 2 | 0 | 17 | 0 | 8.50 | |
| Malith Rathnayake | 2 | 0 | 5 | 1 | 2.50 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Dimantha Mahavithana | lbw b Rayan Gregory | 54 | 86 | 5 | 0 | 62.79 |
| Pulisha Thimeth Thilakarathna | c & b | 0 | 12 | 0 | 0 | 0.00 |
| Mahendra abeyasinghe | b | 3 | 14 | 0 | 0 | 21.43 |
| Chaniru Senarathna | c Dinul wijesinghe b Sisal Hemaka | 10 | 30 | 1 | 0 | 33.33 |
| Dinal Fernando | lbw b Sanithu Gunathilaka | 4 | 12 | 0 | 0 | 33.33 |
| Adham Hilmy | st Dinul wijesinghe b Sisal Hemaka | 125 | 178 | 1 | 0 | 70.22 |
| Praveen Mithila Dineth | lbw b Sisal Hemaka | 9 | 27 | 1 | 0 | 33.33 |
| Malika Vithanage | c & b Kaveesha Samarathunga | 6 | 16 | 0 | 0 | 37.50 |
| Sethmika Senevirathne | c Kaveesha Samarathunga b Praveen Gamage | 29 | 67 | 0 | 0 | 43.28 |
| Viduneth Dhammage | b Kaveesha Samarathunga | 15 | 48 | 0 | 0 | 31.25 |
| Extras | 9 (b 0 , lb 0 , nb 0, w 9, pen 0) |
| Total | 264/10 (82.3 Overs, RR: 3.2) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Dasun Waliyanga | 15 | 0 | 50 | 1 | 3.33 | |
| Rayan Gregory | 19 | 2 | 71 | 1 | 3.74 | |
| Kaveesha Samarathunga | 17 | 0 | 55 | 3 | 3.24 | |
| Kaushika Kumarasinghe | 4 | 0 | 15 | 0 | 3.75 | |
| Sanuka Kalpana | 1 | 0 | 1 | 0 | 1.00 | |
| Sisal Hemaka | 13.3 | 0 | 41 | 3 | 3.08 | |
| Sanithu Gunathilaka | 8 | 2 | 15 | 1 | 1.88 | |
| Praveen Gamage | 5 | 2 | 12 | 0 | 2.40 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Sanuka Kalpana | c Adham Hilmy b Kanilka Anthony | 29 | 98 | 1 | 0 | 29.59 |
| Sisal Hemaka | lbw b Chaniru Senarathna | 2 | 20 | 0 | 0 | 10.00 |
| Kavindu Navanjana | run out (Malika Vithanage) | 36 | 78 | 3 | 0 | 46.15 |
| Praveen Gamage | b Chaniru Senarathna | 0 | 2 | 0 | 0 | 0.00 |
| Kaushika Kumarasinghe | lbw b Kanilka Anthony | 59 | 74 | 0 | 0 | 79.73 |
| Sadew Amarakoon | b Kanilka Anthony | 9 | 27 | 0 | 0 | 33.33 |
| Dinul wijesinghe | c Aadam Hilmy b Kanilka Anthony | 17 | 45 | 0 | 0 | 37.78 |
| Sanithu Gunathilaka | c Viduneth Dhammage b Kanilka Anthony | 2 | 9 | 0 | 0 | 22.22 |
| Dasun Waliyanga | not out | 5 | 8 | 0 | 0 | 62.50 |
| Rayan Gregory | c Pulisha Thimeth Thilakarathna b Kanilka Anthony | 0 | 1 | 0 | 0 | 0.00 |
| Kaveesha Samarathunga | st Aadam Hilmy b Dinal Fernando | 0 | 4 | 0 | 0 | 0.00 |
| Extras | 11 (b 0 , lb 0 , nb 0, w 11, pen 0) |
| Total | 170/10 (60.4 Overs, RR: 2.8) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Sethmika Senevirathne | 8 | 2 | 21 | 0 | 2.62 | |
| Chaniru Senarathna | 20 | 5 | 51 | 1 | 2.55 | |
| Kanilka Anthony | 21 | 5 | 56 | 0 | 2.67 | |
| Dinal Fernando | 7.4 | 1 | 26 | 0 | 3.51 | |
| Malika Vithanage | 3 | 2 | 6 | 0 | 2.00 | |
| Viduneth Dhammage | 1 | 0 | 1 | 0 | 1.00 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Dimantha Mahavithana | not out | 26 | 23 | 0 | 0 | 113.04 |
| Pulisha Thimeth Thilakarathna | c Sanuka Kalpana b Dasun Waliyanga | 11 | 10 | 0 | 0 | 110.00 |
| Sethmika Senevirathne | not out | 4 | 1 | 0 | 0 | 400.00 |
| Extras | 22 (b 0 , lb 0 , nb 0, w 12, pen 10) |
| Total | 63/1 (5.2 Overs, RR: 11.81) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Dasun Waliyanga | 3 | 0 | 25 | 1 | 8.33 | |
| Kaushika Kumarasinghe | 2.2 | 0 | 23 | 0 | 10.45 | |
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















